
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
රටේ මිනිස්සු බඩගින්නේ ඉන්න එක නතර කරන එක රජයේ වගකිමක්. ඒ සඳහා ගැසට් පත්‍ර දහයක් ගහන්න සිද්ධ වුණත් වෙනස් කර හරි ජනතාව වෙනුවෙන් මැදිහත්වන බව පොදුජන පෙරමුනේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා මීරිගමදී පැවසීය.
පොදුජන පෙරමුනේ සාමාජික හමුවකට සහභාගිවීමට පැමිණි ලේකම්වරයා මාධ්‍ය අමතමින් මේ බව කීයා සිටියේය.ෙ
ඊළග අයවැයෙන් පස්සේ රටේ සංවර්ධනය කොහොමද කරන්නේ ප්‍රදේශයට සංවර්ධනය ගේන්න ඕනෑ කෙසේද කියා මහජන නියෝජිතයන් හමුවී සාකච්ඡා කිරීම සඳහා එම හමුව පැවැත්විණි.
රජය මේ වෙලාවේ කරන්නේ රටේ ජනතාව වෙනුවෙන් කළයුතු හොදම දේ . ඒ දේ ඉදිරියටත් ඒ විදියටම හැමවිටම ජනතාව වෙනුවෙන් කරනවා. ආහාර ලබාදීම වෙනුවෙන් හොදම පියවරවල් ගන්නවා. ඒකට ගැසට් පත්‍ර දහයක් ගහන්න වුණත් අපි ඒවා වෙනස් කරලා හරි කරනවා.
කවදා හරි හාල් මිල පාලනය නැතුව ගියා කියා තේරුනොත් ජනතාව වෙනුවෙන් ඒ අවස්ථාවේදීත් රජයක් හැටියට මැදිහත් වෙනවා.
එහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට මන්ත්‍රීවරයා මෙසේ ද උත්තර දුන්නේය
ප්‍රශ්නය- ඒ කියන්නේ දැන් මිල පාලනයක් තියෙනවා කියන එකද,
කාරියවසම් මහතා - මේ අවස්ථාවේ ආහාර හිගයක් තිබුනානේ. මුලින්ම ජනතාවට කන්න දීලා ජනතාවගේ බඩ පුරවලා ඉන්න ඕනෑ.
ප්‍රශ්නය- නිරෝධායන නීති යටතේ රැස්වීමකට සහභාගිවිය හැක්කේ 25 පමණ බවට සීමාවක් තියෙනවා නේද.
කාරියවසම් මහතා - මෙතන රැස්වීමක් පැවැත්වෙන්නනේ නැහැ. ඉදිරි සංවර්ධන කටයුතු ගැන ජනතා නියෝජිතයන් හා සාකච්ඡාවක් පමණයි. මෙතැන 25 ට වැඩිය නැතුව ඇති. මම දන්නේ නැහැ.
ප්‍රශ්නය- රටින් හාල් ගෙන ඒම දේශිය ගොවියාට පහරක් නොවේද.
කාරියවසම් මහතා - රජයක් හැටියට අපි මුලින්ම කරන්න ඕනෑ රටේ මිනිස්සු බඩගින්නේ ඉන්න එක නතර කරන එකයි. ඒ වගකිම රජයට තියෙනවා. ඒ දේ අපි කරනවා. ඊට පස්සෙ ඊලග පියවරට යනවා.
ප්‍රශ්නය- සහල් මිල ව්‍යාපාරිකයෝ තීරණය කරනවා නේද.
කාරියවසම් මහතා - ඒක ඉතින් පසුගිය රජය විසින් ව්‍යාපාරිකයන් දෑවැන්ත ලෙස පෝෂණය කලානේ. මේක පිටිපස්සේ හිටියේ කවුද. ඉදිරියට ඇවිත් කතා කළේ කවුද කියා රටේ ජනතාවට තේරෙනවා. අපි ජනතාවට අවශ්‍ය හොදම දේ කරනවා. ඒ නිසා ජනතාව සැකයක් ඇතිකරගත යුතු නැහැ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හා එහෙනම් දැන් තමුසෙලාට කරන්න තියෙන්නේ මෙන්න මේ මම කියන එකයි. මහ මෝල්ලු ටික හාල් තොග ටික තොග කඩවල් වලට දැම්මනේ... දැන් ගහනවා ගැසට් එකක් ආයෙත් අර කලින් මිලටම. ඊට පස්සේ පොලිසියයි හමුදාවයි එක්ක ගිහින් හාල් ටික අරගෙන සතොසට දීල පුළුවන් නම් අරුන්ට ඒ ගානට සල්ලි ටික දීල මිනිස්සුන්ට කන්න වැඩ සලස්වන එකයි. මහ ලොකුවට කයිවාරු ගැහුවට ඊට වඩා දෙයක් තමුසෙලාට කරන්න බැහැ අයිසේ.
ව්‍යාපාරිකයින් සංවර්ධනය නොකර වෙළද පොල ආර්ථිකයක් පවත්වා ගත හැකි ද? කුමක් ද මේ අයගේ ආර්ථික දර්ශනය.
අනේ පලයන් සිපයියෝ තොපි ගහන ගැසට් ඊට පහුවදාම තොපි අකුලොව ගන්න එකනේ කරන්නේ
සීයක් හරි ගහල අහවල් තැන තමයි ඉතින් ඔබන්න වෙන්නෙ.
ගරු, මන්ත්‍රීතුමනි, මෑතකදී වත්මන් රජය ආහාර සහ මිල පාලනය පිළිබඳ ගැසට් නිවේදන කිහිපයක් නිකුත් කළ නමුත් සිතන තරම් ඵලදායක නොවේ.
ඔව් ඕක ගහන ගහන පාරට මිනිස්සුන්ට සුර සැප ලැබෙනවා. අනේ මෙහෙමත්...
රටේ ජනතාව වෙනුවෙන් කලයුතු හොඳම දේ හැමවිටම ජනතාව වෙනුවෙන් කරනවා නම් අර චීන අශූචි ගේන එක වහාම නචත්තන්න. මොන රටින් ගෙනාවත් කාබනික පොහොර රට තුලට ඇතුලු කිරීම අති භයානක ප්‍රතිඵල ගෙන දෙන්නක් බව බුද්ධිමතුන් පවසයි. තවද එය නිරෝධායන නීති කඩකිරීමක්.
ඒ වගේම රිවර්ස් කරන්න උනත් පසුබට වෙන්නේ නෑ
මේවත් මෝඩ කතා වලට වැටෙනවද ?
අනේ මෙයාගේ බයිලා .ඊළඟ චන්දෙන් ගෙදර යන්න බලන් ඉන්න
ගැසට් ගහන එක නොවෙයි කලයුත්තේ. අසරණ දරුවන්ට කුමන ක්‍රමයකින් හරි කිරිපිටි ලැබෙන්න සලස්වන එක.
ලංකාවේ ඉන්න ඔක්කොම බත්කන හරක් කියලද හිතන් ඉන්නේ..? ඔහොම ගියොත් මන්ත්රීකමත් නැතිවෙන්න පුළුවන්...