‘අයි.එම්.එෆ් වාර්තාවේ විවාදයට දින දෙකක් ඕනෑ‘ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව පිළිබඳ නිකුත් කළ වාර්තාව සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය එක් දිනකට සීමා නොකර දෙදිනක් පැවැත්විය යුතු යැයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට සහ සභානායක දිනේෂ් ගුණවර්ධන මහතාට දැනුම් දී තිබෙි. 29 March 2022
වාහන අංක තහඩු රජයේ කම්හලේ නිපදවීමට උපදෙස් වාහන අංක තහඩු කොළොන්නාව රජයේ කර්මාන්තශාලාවේ නිෂ්පාදනය කිරීමට පියවර ගන්නා ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා එම කර්මාන්ත ශාලාවේ ප්‍රධානීන්ට නිලධාරීන්ට අද (29) උපදෙස් දුන්නේය. 29 March 2022
කෝටියක උදුනට ලක්ෂ හයක පාටියක් දාලා මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනය මැණික් පිළිස්සීම සඳහා රුපියල් කෝටියකට වැඩි මුදලක් වැයකර මිලදීගත් විශේෂිත උදුන ක්‍රියාත්මක කිරීම ආරම්භ කිරීම වෙනුවෙන් පැවැත්වූ උත්සවය සඳහා රුපියල් ලක්ෂ හයකට ආසන්න මුදලක් 2020 වර්ෂයේදී වැය කර ඇතැයි ජාතික විගණන කාර්යාලය තොරතුරු අනාවරණය කරගෙන ඇත. 29 March 2022
අයි එම් එෆ් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න අවසර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කර ඇති වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. 29 March 2022
දුම්රිය රියදුරෝ අතිකාල සේවයෙන් ඉවත් වෙති දුම්රිය එන්ජින් රියදුරන්ගේ අතිකාල දීමනා කිසිඳු හේතුවක් නොදක්වමින් කප්පාදු කිරීම ඇතුළු ගැටලු රැසකට විරෝධය දක්වමින් සියලුම දුම්රිය රියදුරන් අතිකාල සේවා මුරවලින් හෙට (30) මධ්‍යම රාත්‍රීයේ සිට ඉවත් වන බව ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් සංගමය නිවේදනය කරයි. 29 March 2022
මෙරට මුහුදේ අනවසරයෙන් මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 4 ක් අත්අඩංගුවට ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළට ඇතුළු වී අනවසර ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයන් සිව්දෙනෙක් සමඟ ටෝලර් යාත්‍රාවක් ඩෙල්ෆ්ට් දූපතට දකුණු දෙසින් වූ මුහුදු තීරයේ අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි. 29 March 2022
කුඩ්ඩෙකුට ඇප දෙන්න අල්ලස්ගත් සැරයන්ට ස්ථාන මාරුවක් හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් රුපියල් කෝටි ගණන් වටිනා දේපළ උපයා ගනිමින් මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව වරදක් සිදු කළැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රුවන් චමිල නොහොත් දෙමටගොඩ රුවන් නැමැත්තාට ඇප ලබා දීමට යැයි රුපියල් කෝටි එක හමාරක අල්ලස් මුදලක් ලබා ගත් බව කියන සිද්ධියට අදාළව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශයේ සැකකටයුතු ගනුදෙනු වාර්තා කිරීමේ අංශයේ සේවය කළ පොලිස් සැරයන්වරයකු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර යවා ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳ 29 March 2022
සිමෙන්ති සැඟවූ කඩ 10කට ලක්ෂයක දඩයක් වැඩි මිළට අළෙවි කිරීමේ අරමුණින් සිමෙන්ති සඟවා තබා ගෙන සිටි බවට අධිකරණය හමුවේ චෝදනා ලබා සිටි අනුරාධපුරයේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිහාල් දහයකට එකී චෝදනාවට වරදකරු වීමෙන් පසුව එම ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිහල්වලට මුදලින් රුපියල් ලක්ෂයක දඩ මුදලක් අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් හේමන්ත පුෂ්ප කුමාර සහ කැකිරාව මහේස්ත්‍රාත් සමන් වැරනියගොඩ යන මහත්වරුන් නියම කළේය. 29 March 2022
‘අවුරුද්දෙන් පස්සේ පාර්ලිමේන්තුවේ ලොකු වෙනසක් වේවි‘ වර්තමානයේ තිබෙන ආර්ථික අර්බුද වලින් රට ගොඩගත හැකි එකම නායකයා රනිල් වික්‍රමසිංහ බැවින් ඔහුට රට බාරදිය යුතු බවට ජනමතයක් සමාජය තුළ මතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කළේය. 29 March 2022
ලෝක වෙළෙඳපොළේ තෙල්මිල පහළට රුසියානු - යුක්රේන සාම සාකච්ඡා අලුත් වටයකින් ආරම්භ කෙරෙන බව වාර්තා වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ තෙල්මිල ගණන් නැවත වරක් අද (29) පෙරවරුවේ පහළ වැටිණි. 29 March 2022
අද කාලගුණය බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (29) සවස 2.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 29 March 2022
රැවුල නැතිනම් රැකියාවෙන් දොට්ට මුහුණ පුරා රැවුල වවා නොමැති රජයේ සේවකයන් සේවයෙන් නෙරපා දැමීමට, ඇෆ්ගන් තලේබාන් රජය තීරණය කර තිබේ. 29 March 2022
කිඹුලා ඇළේ ගුණාගේ ප්‍රධාන ගෝලයා මාට්ටු ඉන්දියාවෙි සිරගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරැවකු සහ සංවිධානාත්මක අපරාධ රැසකට සමිබන්ධ කිඹුලා ඇලේ ගුණාගේ ප්‍රධාන ගොලයකු විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය සමග බ්ලූමැන්ඩල් මල්ලිකා කඩේ ,ඉබ්බගේ වත්ත ,රෙඩ්බානා ඇල ප්‍රදේශයේදී මුදල් තොගයක් සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකා විශේෂ වැටලීම් ඒකකය කියයි. 29 March 2022
ඉන්දීය විදේශ ඇමැති දෙමළ ජාතික සංධානය හමුවෙයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා ආර්.සම්බන්ධන් මහතා ප්රමුඛ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිත පිරිසක් හමුවිය. 29 March 2022
පවුල් ලක්ෂ 31කට පන්දහස යළිත් උත්සව සමය වෙනුවෙන් , අඩු ආදායම්ලාභී තෝරාගත් පවුල් සඳහා රුපියල් 5,000ක විශේෂ දීමනාවක් ගෙවීමට රජය තීරණය කර ඇත. 29 March 2022
උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ හෙට සිට අ.පො.ස උසස් පෙළ විභාගයේ සංගීත හා නර්තන විෂයන්ට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ හෙට (29) සිට ලබන මස 8 වැනිදා දක්වා පැවැත්වේ. 28 March 2022
දුම්රිය ගාස්තු වැඩි කරන්න කැබිනට් අනුමැතිය දුම්රිය ගාස්තු සංශෝධනය කිරීම සඳහා අද(28)කැබිනට් අනුමැතිය හිමි වූ බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළේය. 28 March 2022
රට පුරාම පෝලිම් තව දිග්ගැස්සෙයි රටපුරා ඉන්ධන සහ ගෑස් පෝලිම් පසුගිය දිනවල තරමක් අඩුවී තිබුණත් අද (28) දිනයේ වාහන පෝලිම් යළිත් වැඩිවී තිබෙනු දැකගත හැකිවූ අතර ඉන්ධන ලබා ගැනීමට පැමිණි දහස් සංඛ්‍යාත පිරිසක් මේ පෝලිම් හේතුවෙන් දැඩි දුෂ්කරතාවයට පත්වූහ. 28 March 2022
බඩු මිලට අද සන්ධ්‍යාවේත් තැන තැන විරෝධය බඩුමිල වැඩිවීම,ගෑස් අර්බුදය හා ඉන්ධන මිල වැඩි වීම,ඇතුළු කරුණු කිහිපයකට එරෙහිව රටේ විවිධ ස්ථානවල අදත් විරෝධතා සංවිධානය කර තිබුණි. 28 March 2022
කොවිඩ් ආසාදිතයන් 163ක් කොවිඩ් ආසාදිතයින් තව 163 ක් අද (28) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 28 March 2022
නැ‘හිර හිටපු ඇමැතිනියට කාන්තාවනගෙන් හූවක් උතුරු නැගෙනහිර පළාතේ යුද්දයෙන් පීඩාවට පත් ගෘහ මූලිකයනට හා කඳවුරු ගත සිටින කාන්තාවන්ගේ ගැටළු සහ ඊට විසැඳුම් සම්බන්ධයෙන් රචිත පොතක් එළි දැක්වීමේ ක්‍රමවේදය විවේචනය කළ නැගෙනහිර පළාත් හිටපු අමාත්‍ය ආරියවතී ගලප්පත්ති මහත්මියගේ දෝෂාරෝපනයට ලක් වීම නිසා එම උත්සවයේදී දැඩි උණුසුම් කාරී තත්ත්වයක් ඇති විය. 28 March 2022
කෝටි 5 ක අයිස් පේසාලෙන් අල්ලයි රුපියල් කෝටි පහකට අධික වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 4 යි ග්‍රෑම් 885 ක තොගයක් සමඟ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් පේසාලේ ප්‍රදේශයේදී තලේමන්නාරම පොලිසිය අද (28) අත්අඩංගුවට ගත් බව මන්නාරම කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 28 March 2022
මැටි - ලීබඩු අමාත්‍යාංශයට කුලිය මාස 36ට කෝටි 21යි වේවැල් ,පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය පත්වාගෙන යන ලෝක වෙළද මධ්‍යස්ථානයේ මහල් දෙකක බදු කාලය වසර 3 කින් දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇත. 28 March 2022
මාස තුනට සංචාරකයෝ 2,63,121ක් මෙරටට වසරේ මේ දක්වා කාළය තුළ සංචාරකයින් 2,63,121 දෙනෙතු මෙරටට පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කරයි. 28 March 2022
පාසල් වෑන් - ත්‍රිරෝද රථ ගැටී දෙකක් මරුට අලව්ව-ගිරිඋල්ල මාර්ගයේ පරමාඋල්ල ප්‍රදේශයේදී අද සවස පාසල් වෑන් රථයක් හා ත්‍රීරෝද රථයක් හැපීමෙන් ත්‍රීරෝද රථයේ ගමන් ගත් දෙදෙනකු අලව්ව දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බව අලව්ව පොලීසිය පවසයි. 28 March 2022
විදුලි කප්පාදුව පැය හතහමාරකට දිගුවෙයි විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා හෙට (29) ‘ඒ’ සිට ‘එල්’ දක්වා කලාප 12 ට පැය 7 යි විනාඩි 30 ක් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය අද (28) පස්වරු පැවසීය. 28 March 2022
අලුත් අවුරුද්දට විශේෂ බස් රථ සේවාවක් සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව සඳහා බස් රථ සේවාවේ පළමු අදියර ලබන අප්‍රේල් මස 8 වැනිදා සිට 15 දක්වා ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබේ. 28 March 2022
‘‘රනිල්ගෙ පාර්ලිමේන්තු අසුන අගමැති අසුන විය හැකියි‘‘ රනිල්ගේ පාර්ලිමේන්තු ආසනය අගමැති ආසනයක් ද විය හැකි බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා මාධ්‍ය හමුවකදී අද (28) පැවසීය. 28 March 2022
මූල්‍ය අරමුදලට යෑමට ජනපති ඇමරිකාවේ සහය ඉල්ලයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑමට ඇමෙරිකා එක්සත් ජනපදයේ සහාය අපේක්ෂා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමෙරිකානු තානාපතිනී ජූලි චන්ග් (Julie Chung) මහත්මියට අද (28) දැනුම් දුන්නේය. 28 March 2022
කොවිඩ් මරණ 6 ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 6 දෙනකු ඊයේ (27) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (28) තහවුරු කළේය. 28 March 2022
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026