'මම යුගදනවි ගිවිසුම වෙනුවෙන් පෙනී සිටිනවා' තමන් යුගදනවි ගිවිසුම වෙනුවෙන් පෙනී සිටින බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය. 20 December 2021
අයියාගේ පහරින් මල්ලී මරුට මාතලේ පල්ලේපොල, පොල්වත්ත ප්‍රදේශයේ අද ( 20) සහෝදරයන් දෙදෙනෙකු සමග ඇතිවු ආරාවුලක් දුරදිග යාමෙන් අයියා විසින් සිදු කළ පහරදිමකදි මල්ලි මරණයට පත්ව ඇති බව මහවෙල පොලිසිය කියයි. 20 December 2021
බෙහෙත් ගන්න ආ රෝගීහු හිස් අතින් යති දිස්ත්‍රික්ක කිහිපයක වෛද්‍යවරුන් අද දින ආරම්භ කළ වැඩ වර්ජනයට සමගාමීව පොලොන්නරුව දිස්ත්‍රික් මහ රෝහලේද වෛද්‍යවරුන් වර්ජනයට එක්ව සිටිම හේතුවෙන් ප්‍රතිකාර සඳහා පැමිණි රෝගීහු ප්‍රතිකාර නොලැබ හිස් අතින්ම ආපසු සිය නිවෙස් බලා ගියහ. 20 December 2021
බිඳුණුවැව පටක රෝපණ මධ්‍යස්ථානය ජනපතිගේ නිරීක්ෂණයට ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පාලනය කරනු ලබන බණ්ඩාරවෙල බිඳුණුවැව පටක රෝපණ මධ්‍යස්ථානය සහ බිම්මල් බීජ නිෂ්පාදන ඒකකය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත් 18 වැනිදා නිරීක්ෂණය කළේය. 20 December 2021
'තෙල් සංස්ථාව ශ්‍රී ලංකන් ගුවන් සමාගමන් ඩොලර් ඉල්ලයි' ශ්‍රී ලන්කන් ගුවන් සේවයට ඉන්ධන සැපයීම වෙනුවෙන් ගෙවන මුදල් ඩොලර්වලින් ලබාදෙන ලෙස ඉල්ලා සිටි බවත් ඒ සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගම එකඟ වූ බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා ලංකාදීපයට පැවැසීය. 20 December 2021
ගෙවුණ පැය 24දී ගෑස් පිපිරීම් තවත් 21ක් ගෑස් සම්බන්ධ සිද්ධීන් 21ක් අද (20) පෙරවරු 6.00 න් අවසන් වූ පැය 24 තුල වාර්තා වී ඇතැයි පොලිස් දෙපාර්තමේන්තුව පවසයි. 20 December 2021
'සම්පන්දන් ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත් වෙයි' දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්පන්දන් මහතා වෛද්‍ය උපදෙස් මත ක්‍රියාකාරී දේශපාලන කටයුතුවලින් තාවකාලිකව ඉවත්වීමට තීරණය කර ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ගවලින් පැවසේ. 20 December 2021
ගිනි තබා ගත් කතුන්ගේ අරමුණ රෝහලේදී හෙළි වෙයි සිරුරට ගිනි තබා ගත් කාන්තාවන් විසි දෙනකු මේ වසර තුළ ජාතික රෝහලේ දී මිය ගොස් ඇතැයි කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරික්ෂක ඉරේෂා සමරවීර මහත්මිය පැවැසුවාය. 20 December 2021
ගැටුමකින් යාපනය විද්‍යාපීඨ සිසුන් 5ක් රෝහලේ යාපනය කෝපායි පොලිස් වසමේ පාල්පන්නි මංසන්ධියේදී යාපනය සරසවියේ විද්‍යාපීඨ සිසුන් දෙපිරිසක් අතර ඊයේ (19) රාත්‍රියේ ඇති වූ ගැටුමකින් සිසුන් 05 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කොට ඇතැයි පොලීසිය පවසයි. 20 December 2021
තවත් ෆයිසර් තොගයක් කටුනායකට ශ්‍රී ලංකාවේ කොරෝනා මර්දන ක්‍රියාවලිය සදහා තෙවන මාත්‍රාව ලෙස ලබා දීමට , ශ්‍රී ලංකාවේ ඖෂධ නීතිගත සංස්ථාව විසින් ඇනවුම් කර මිළදී ගත් ඇමෙරිකාවේ ’’ ෆයිසර් ’’ එන්නත් 842,400 ක් අද (20) උදෑසන ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙනැවිත් තිබේ . 20 December 2021
කසිප්පු පෙරූ මිනී පෙට්ටි සාප්පුකරුට වැඩවරදී මිනී පෙට්ටි සාදන මුවාවෙන් මහාපරිමාණයෙන් කසිප්පු පෙරීමේ ජාවාරමක නිරත වූ පානදුර පමුණුගම මිනී පෙට්ටි සාදන ස්ථානයක හිමිකරුවෙකු අත්අඩංගුවට ගත් බව අලුබෝමුල්ල පොලීසිය කියයි. 20 December 2021
පුරාවස්තු සෙවූ 6ක් එස්.ටී.එෆ් දැලේ ස්කෑනර් යන්ත්‍රයක් භාවිතයෙන් පුරාවස්තු පුරාවස්තු සොයමින් සිටි පුද්ගලයින් 06 දෙනෙකු ඊච්චලන්පත්තු ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි. 20 December 2021
කෙමෙන් කෙමෙන් වැසි තත්ත්වයේ අඩුවක් වැස්සේ යම් අඩුවීමක් ඇති අතර, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් අද (20) දිනයේත් වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 20 December 2021
වාසු කූපන් ක්‍රමයක් ගැන කතා කරයි අඩුආදායම්ලාභීන්ට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදීම සඳහා කූපන් ක්‍රමයක් ආරම්භ කළ යුතු බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය. 20 December 2021
ගෝල් ග්ලැඩියේටර්ස් අවසන් මහ තරගයට ගෝල් ග්ලැඩියේටර්ස් පිල ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට ඊයේ (19) සමත් විය. 20 December 2021
’ස්පුට්නික්’ එන්නතට තවමත් අනුමැතිය නෑ රුසියාවේ ’ස්පුට්නික් 5’ කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත සඳහා තවමත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබී නැත. 20 December 2021
මැණිකෙට කොළඹින් ඉඩමක් මැනිකේ මගේ හිතේ ගීතය ගායනා කරමින් ජාත්‍යන්තරයේ ජනප්‍රියත්වයට පත් ,යොවුන් ගායන ශිල්පිනි යොහානිද සිල්වා ට කොළඹින් පර්චස් දහයක පමණ ඉඩම් කැබැල්ලක් ලබාදීමට රජයේ අවධානය යොමු වී ඇත. 19 December 2021
මැති සබේ වාර අවසානයෙන් කමිටු වාර්තා 17 හිර වෙයි පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) හමුවට කැඳවා විමර්ශන අවසන් කළ රාජ්‍ය ආයතන කිහිපකට අදාළ කෝප් කමිටු වාර්තා, පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම හේතුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නොහැකි වී ඇත. 19 December 2021
ඉන්දීය ධීවරයන් 55 ක් දින දෙකකදී නාවික හමුදා භාරයට ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරමට දකුණු දෙසින් ශ්‍රි ලංකාවට අයත් මුහුදු තීරයේදී අනවසර ධීවර කටයුතු සිදුකරමින් සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා දෙකක් සමඟ ඉන්දීය ධීවරයින් 12 ක් අද (19) භාරයට ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසීය. 19 December 2021
ගෑස් සමාගම්වලට රාජ්‍ය ඇමතිගෙන් දැනුම්දීමක් ගෘහස්ථ ගෑස් සම්බන්ධයෙන් අභියාචනාධිකරණය දුන් උපදෙස් අනුව පමණක් ගෑස් සැපයුම ක්‍රියාත්මක කරන ලෙස ලිට්රෝ සහ ලාෆ් යන ගෑස් සමාගම් දෙකට දැනුම් දෙන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරිය උපදෙස් දුන් බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගිවන්න මහතා අද (19) පස්වරුවේ ‘ලංකාදීප’යට පැවසීය. 19 December 2021
කැබිතිගොල්ලෑවේ වැවක බැම්ම ගිලා බසී කැබිතිගොල්ලෑව බණ්ඩාරඋල්පත වැවේ බැම්ම ගිලා බසිමින් තිබෙන බව ගොවි සංවිධාන කියයි. 19 December 2021
ලොව පුරා රට රටවල කොරෝනා වාර්තා ගෝලීය කෝවිඩ් - 19 වයිරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය කිරීමට කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා වාර්තාවක් සකසා ඇත. 19 December 2021
ජී.එම්.ඕ.ඒ හෙට වැඩට නොඑති ස්ථාන මාරු මණ්ඩලවල අනුමැතියෙන් තොරව ප්‍රශ්චාත් සීමාවාසික පත්වීම් ලැයිස්තු ප්‍රකාශයට පත්කිරීම සම්බන්ධයෙන් විරෝධය පා දිස්ත්‍රික්ක පහක රෝහල්වල වෛද්‍යවරු හෙට (20) දිනයේදී වැඩ වර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. 19 December 2021
‘අබ්දුල් කලාම් සම්මානය’ නියෝජ්‍ය කතානායකට භාරතීය හිටපු ජනාධිපති,ආචාර්ය අබ්දුල් කලාම් මහතාගේ ජන්ම දිනයට සමගාමීව ජාත්‍යන්තරව ලබාදෙන ‘අබ්දුල් කලාම් සම්මානය’ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක සහ හිටපු අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාට ද පිරිනමා ඇත. 19 December 2021
සෝභිත හිමි කොළඹ විද්‍යාර්ථයින්ගේ ක්‍රියාව අගයති කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රදානොත්සවයේ දී එම උපාධිලාභීන් කටයුතු කළ ආකාරය ඉතා ආදර්ශවත් ශ්‍රේෂ්ඨ ක්‍රියාවක් බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පැවසූහ. 19 December 2021
කොරෝනා මරණ 18ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 18 දෙනකු ඊයේ (18) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (19) තහවුරු කළේය. 19 December 2021
බිග් ගර්ල් සාදයේදී සූර්වී කොච්චි පාරේ නිදාගෙන කොටහළු මගුලකට ගොස් අධික ලෙස බීමත්ව නිවෙසට යන අතරතුර දුම්රිය මාර්ගයේ නිදා ගත් පුද්ගලයකු දුම්රියේ ගැටී මියගොස් ඇතැයි ගණේමුල්ල පොලිසිය කියයි. 19 December 2021
බන්ධනාගාර ආරක්ෂාවට ඩ්‍රෝන යානා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ආරක්ෂාව තවදුරටත් ’තහවුරු කිරීම සදහා’’’ ඩ්‍රෝන කැමරා තාක්ෂණය ලබා ගැනීමට පියවර ගෙනඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. 19 December 2021
කුරුණෑගල කඩ බෙදද්දි අත යට ගැහිලි:විගණනයෙන් පරීක්ෂණ කුරුණෑගල මහ නගර සභාව මධ්‍යම වෙළෙඳපොළේ සහ මාලිගාපිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයක කඩ කාමර 250 කට ආසන්න සංඛ්‍යාවක් බදුදීමේදී සිදුවී ඇතැයි කියන බරපතළ වංචා දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය පරීක්ෂණයක් අරඹා ඇත. 19 December 2021
සරසවි සිසුවා මල්ලී එක්ක කඩ කඩලා විද්‍යා අංශයෙන්,විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන සිසුවකු සහ ඔහුගේ බාල සහෝදරයා එක්ව අනුරාධපුර නගරයේ ප්‍රසිද්ධ වෙළෙඳ ආයතනයකින් සොරකම් කරන ලද ලක්ෂ 5කට ආසන්න භාණ්ඩ තොගයක් සහ ත්‍රිරෝද රථයක් සමඟ අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය පවසයි. 19 December 2021
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026