මුදල් අමාත්‍යංශ, මහ බැංකු නිලධාරීන් කැබිනට් රැස්වීමට රට මුහුණ දී තිබෙන ඩොලර් අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මුදල් අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් මීළඟ කැබිනට් රැස්වීමට කැඳවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත. 21 December 2021
කැබිනට්ටුවෙන් යොහානිට ලැබුණු තෑග්ග යොවුන් ගායන ශිල්පිනි යොහානිද සිල්වාට බත්තරමුල්ල රොබට් ගුණවර්ධන මාවතෙන් පර්චස් දහයක පමණ ඉඩම් කැබැල්ලක් ලබාදීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය හිමිවී ඇත. 21 December 2021
සංචාරක නවාතැන් සපයන්නන්ගේ විදුලි බිලට සහනයක් සංචාරක නවාතැන් පහසුකම් සපයන ස්ථානවල විදුලි බිල්පත් ගෙවීම සඳහා තවත් වසර දෙකක සහන කාලයක් ලබාදීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත. 21 December 2021
අයි.ඕ.සී මිලත් වැඩි කරයි ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (අයි.ඕ.සී.) ද ඉන්ධන මිල ඉහළ දමා තිබේ. 21 December 2021
ඛනිජ තෙල් තොග ගබඩා සභාපතිට යන්න කියයි ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති මොහොමඩ් උවයිස් මහතා එම තනතුරෙන් ඉවත් කරන ලෙස බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතාට ලිඛිතව දැනුම් දී තිබේ. 21 December 2021
’’බිඳුණු මාතෘ භූමියක් ගොඩනැගීමට විසඳුම’’ ’’බිඳුණු මාතෘ භූමියක් ගොඩනැගීමට විසඳුම’’ යන තේමාව යටතේ ජාතික ජන බලවේගයේ ජාතික නියෝජිත සමුළුව අද ශ්‍රී ජයවර්ධනපුර මොනාක් ඉම්පීරියල් සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණි. 21 December 2021
බොරැල්ලේ රන් කොල්ලයට කතුන් හතරක් අල්ලයි බොරැල්ල නගරයේ ස්වර්ණාභරණ අලෙවිසලකට ඇතුළු වී වෙඩි තබා සේවකයන් බියකර රුපියල් ලක්ෂ 30 ක් පමණ වටිනා රන් ආභරණ කොල්ල කෑ සැකකරුවන් දෙදෙනාට ආධාර සහ අනුබල දීමේ චෝදනාවට කාන්තාවෝ සිව් දෙනෙක් බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවෝය. 21 December 2021
කෘෂිකර්ම ඇමැති කළ යුතු දේ මන්ත්‍රී මුජිබර් කියයි පොහොර අර්බුදයෙහි වගකීම බාරගෙන මහින්දානන්ද අලුත්ගමගේ කෘෂිකර්ම ඇමැතිවරයා වහාම එම ඇමැති ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවැසීය. 21 December 2021
කොපමණ කුසගිනි දැණුනත් සිංහයෝ තණකොළ නොබුදිති මොන ප්‍රශ්න බාධක ආවත් කුසගින්නේ හිටියත් සිංහයන් තණකොළ නොබුදින බව කවුරු කවුරුත් මතක තබා ගත යුතු යැයි කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති, නාරාහෙන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියෝ පැවසූහ. 21 December 2021
දිස්ත්‍රික්ක කිපයකට අදත් වැසි ස්වල්පයක් උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත්, මාතලේ දිස්ත්‍රික්කයේත් අද (21) දිනයේත් වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 21 December 2021
ඉන්ධන මිල ඉහළට ඉන්ධන මිල ඊයේ (20) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමූ බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි 21 December 2021
ගෑස් කමිටුවේ වාර්තාව ජනපතිට ගෑස් පිපිරීම්වලින් මිදීමට ගත යුතු කෙටිකාලීන සහ දිගුකාලීන ක්‍රියාමාර්ග රැසක්, ගෑස් සිලින්ඩර් ආශ්රිත ගිනිගැනීම් හා පුපුරායාම් පිළිබඳ විමර්ශනය කිරීමට හා ඒ සඳහා විසඳුම් සෙවීමට පත්කළ කමිටුව මගින් සකස් කළ වාර්තාව මගින් ඉදිරිපත් කර ඇතැයි එම කමිටු සභාපති මහාචාර්ය ශාන්ත වල්පලගේ මහතා පැවසීය. 20 December 2021
සපුගස්කන්ද තෙල් පිරිපහදුව ආයෙත් වසා දැමීමේ අවදානමක් සපුගස්කන්ද තෙල් පිරිපහදුව ලබන ජනවාරි 3 වැනිදා සිට යළිත් වසාදැමීමට සිදුවීමේ අවදානමක් මතුව ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය. 20 December 2021
අලුත් කොරෝනා රෝගීහු 417 ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 417 දෙනකු අද (20) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 20 December 2021
තවත් කොරෝනා මරණ 19 ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 19 දෙනකු ඊයේ (19) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (20) තහවුරු කළේය. 20 December 2021
ජනවාරියේ ඉදන් බස් කාඩ්පත අනිවාර්ය කරන්න ලබන ජනවාරි මස 1 වැනිදා සිට බස් කාඩ්පත අනිවාර්යය කිරීම සඳහා සහ කොන්දොස්තරවරයා රහිතව හෝ සහිතව මගී බස් රථ ධාවනය කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කිරීමට මෝටර් රථ ආඥා පනත සංශෝධනය කරන ලෙස මෝටර් රථ දෙපාර්තමේන්තුව ප්‍රවාහන අමාත්‍යාංශයට ලිඛිතව දන්වා ඇතැයි පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය. 20 December 2021
වේයන්ගොඩදී අයිස්ක්‍රීම් ලොරියක් කොල්ල කෑවැයි දෙදෙනෙක් දැලේ වේයන්ගොඩ දඩගමුව ප්‍රදේශයේ දී අයිස් ක්‍රීම් ලොරියක් නවතා එහි තිබූ රුපියල් පනස් හය දහසක මුදලක් හා රුපියල් ලක්ෂ තුනක් පමණ වටිනා ඇපල් වර්ගයේ ජංගම දුරකථනයක් කොල්ල කා ගෙන ගොස් තිබූ කොල්ලකරුවන් දෙදෙනෙකු අද (20) පස්වරුවේ අත් අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලීසිය පැවසීය. 20 December 2021
රජයේ වෛද්‍යවරු හෙට වර්ජනයක මාරු මණ්ඩලවල අනුමැතියකින් තොරව වෛද්‍යවරුන් අනුයුක්ත කිරීම සම්බන්ධයෙන් විරෝධය පා හෙට (21) උදෑසන 8.00 සිට දීප ව්‍යාප්ත වෛද්‍ය වර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. 20 December 2021
වෙඩි තබා මරා වළදැමුවැයි මන්නා රමේෂ් ඇතුළු 3 ක් මාට්ටු අවිස්සාවේල්ල තල්දූව නාපාවල ප්‍රදේශයේ පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කර මළ සිරුර හොර රහසේ වළ දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අවිස්සාවේල්ල ප්‍රදේශයේ සංවිධානාත්මක් අපරාධකරුවෙක් වන “මන්නා රමේෂ්” නැමැත්තා ඇතුලු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි. 20 December 2021
‘‘ගෑස් ගන්න හෙටින් පස්සේ බය වෙන්න එපා‘‘ වෙළඳපලට නිකුත් කරන ගෑස්වල ප්‍රමිතිය මේ වන විට සහතික කර ඇති බවත්, එහි ඇති ප්‍රොපේන් ප්‍රතිශතය ගෑස් සිලින්ඩරම මත මුද්‍රණය කළ නව ප්‍රමිති සහතිකය සහිත ගෑස් සිලින්ඩර් හෙට (21) සිට වෙළඳපලට නිකුත් කරන බවත් ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා පැවසීය. 20 December 2021
වසර හතරකට දඟ ගෙට ගිය පානදුර මහානාම විදුහල්පතිනිය නිදහස් පානදුර මහානාම නවෝද්‍යා පාසලේ 6 වසරට ළමයකු ඇතුළත් කිරීම සදහා අල්ලසක් හැටියට රුපියල් 25,000 ක මුදලක් ලබා ගැනීමේ චෝදනාවට මහාධිකරණය මගින් වරදකරු කොට බරපතල වැඩසහිතව වසර 4ක සිර දඩුවම් නියමව සිටි විදුහල්පතිනී නදීකා කුමුදුනී පීරිස් මහත්මිය නිදොස් කොට නිදහස් කිරීමට අභියාචනාධිකරණය නියම කළේය. 20 December 2021
ගෑස් නෞකා තුනෙන්, දෙකක් ගොඩබෑමට අනුමැතිය ලිට්රෝ සමාගම විසින් ආනයනය කර තිබූ ගෑස් නෞකා තුනෙන්, දෙකක ඇති ගෑස් වෙළඳපලට නිකුත් කිරීමට අනුමැතිය ලබාදුන් බව ගෑස් සම්බන්ධ කටයුතු සම්බන්ධීකරණය සඳහා පත්කර සිටින, තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත ද සිල්වා මහතා පැවසීය. 20 December 2021
කොරෝනා කරල ගෙන්වීම පමා කරයි කොවිඩ් 19 වයිරසය මැඩපැවැත්වීම සඳහා ලෝකයේ රටවල් ගණනාවක් භාවිත කරන ”මොල්නුපිරවීර්” කරල මෙරටට ගෙන්වීම තවදුරටත් ප්‍රමාද කිරීමට තීරණය කර ඇතැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය. 20 December 2021
බිරිය මුදලට විකුණුවැයි සැමියා හෝටලයක යකා නටලා රූමත් දෙදරු මවක වේයන්ගොඩ හිග්ගොල්ලවත්ත ප්‍රදේශයේ හෝටලයක තබා ගෙන ගණිකා වෘත්තියේ යෙදවූ බව කියන සිද්ධියක් සම්බන්ධව එම හෝටලයේ සේවකයකුට සහ දෙදරු මවට පහර දුන් බව කියන ඇයගේ සැමියා අත් අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලීසිය අද (20) පැවසීය. 20 December 2021
ගිලුණු නැවේ විෂ කන්ටේනර් වත්තලට? ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී ගිනිගෙන විනාශ වූ ’එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ තිබූ අතිශය විෂ රසායන ද්‍රව්‍ය අඩංගු බහාලුම් වත්තල ප්‍රදේශයේ දේශීය පෞද්ගලික සමාගමකට අයත් ඉඩමක වළ දැමීමට සූදානම් වන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා කොළඹදී අද පැවති ශේෂ මාධ්‍ය හමුවකදී එසේ පැවසීය. 20 December 2021
ලක්ෂ 75ක පොල්ලක් තිබ්බැයි ව්‍යාපාරිකයා පැහැර ගනී පානදුර හිරණ තැඹිලි උයන නිවසකට දොරගුලු කඩා ඇතුළු වූ නාදුනන පිරිසක් නිවෙස් හිමි ව්‍යාපාරිකයාට පහරදී පැහැරගෙන ගොස් ඇතැයි හිරණ පොලිසිය කියයි. 20 December 2021
'රන්ජන් වෙනුවෙන් නැවතත් සජිත් ' ජනතාහිතවාදී මානවවාදී චරිතයක් ලෙස ප්‍රකට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නිදහස් කරන ලෙස ජනාධිපතිවරයා ප්රමුඛ රජයෙන් නැවත වතාවක් ඉල්ලා සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 20 December 2021
'නත්තල් සමරන්න ජනතාවට සල්ලි නෑ' මෙවර නත්තල් උත්සවය සැමරීමට ජනතාවට ආර්ථික තත්වයක් නැති බව සමගි ජනබලවේගයේ සහකාර ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා කොළඹදී අද(20) පැවසීය. 20 December 2021
මුලිතිව් මියගිය දැරිය ගැබිණියක් මුලතිව් පුදුකුඩිඉරිප්පු මූංකිලාරු ප්‍රදේශයේදී මිය ගොස් සිටයදී සොයාගත් දොළොස් හැවිරිදි දැරිය ගැබිනියක් බවට පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි. 20 December 2021
‘‘කල්ගිය විභාග ලබන වසරේ මුල් භාගයේ පවත්වනවා‘‘ දැනට කල් දමා ඇති අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ, උසස් පෙළ සහ 5 වසර ශිෂ්‍යත්ව විභාග ලබන වසරේ මුල් මාස 06 ඇතුළත බාධාවකින් තොරව පැවැත්වීමට විභාග කොමසාරිස් දෙපාර්තමේන්තුව සැලසුම් කොට ඇති බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. 20 December 2021
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026