මිඩ්වයිෆ්ලා සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට විරෝධයක් විශේෂ ශ්‍රේණියේ උසස් වීම් අනීතික ලෙස අත්හිටුවීමට විරෝධය පළ කරමින් රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය සංවිධානය කරන ලද විරෝධතාවයක් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට දැන් පැවැත්වේ 31 March 2022
සත්වෝද්‍යානයට අලුත් ලොක්කෙක් තිලක් ප්‍රේම කාන්ත මහතා සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස පත් කරනු ලැබ සිටී. 31 March 2022
විදුලිය කපන පැය ගණන අනිද්දා සිට අඩුවෙයි දිනකට විදුලිය කපන පැය ගණන අනිද්දා (2) යින් පසු අඩු කිරීමට හැකි වනු ඇතැයි විදුලිබල මණ්ඩලයේ සභාපති එම්. එම්. සී ප්‍රදිනාන්දු මහතා පැවසීය. 31 March 2022
ආතාවුද සෙනවිරත්න දිවියෙන් සමුගනී හිටපු අමාත්‍යවරයකු වූ අතාවුද සෙනවිරත්න මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද අලුයම අභාවප්‍රාප්ත විය. 31 March 2022
ජනපති මුහුණු පොතේ ප්‍රතිචාර අවහිර කරයි ජනාධිති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල ෆේස්බුක් ගිණුමේ පරිශිලකයින්ට අදහස් දැක්වීම ඊයේ රාත්‍රියේ සිට සීමා කර තිබේ. 31 March 2022
මන්ත්‍රී ප්‍රේමලාල් නිදොස් කොට නිදහස් පුද්ගල ඝාතන සිද්ධියකට අදාළව මරණීය දණ්ඩනය නියම කර සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් (චොකා මල්ලි) ජයසේකර මහතා ඇතුළු තිදෙනෙකු සියලුම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට අභියාචනාධිකරනය අද (31)නියෝග කළේය. 31 March 2022
කොළඹ කොටස් වෙළෙඳපොළ හෙට පැය දෙකක් පමණයි විදුලි කප්පාදුව හේතුවෙන් ආයෝජකයින් සහ සෙසු පාර්ශ්වයන්ට මුහුණ දීමට සිදුවී ඇති දුෂ්කරතා පිළිබඳ අවධානය යොමු කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ කටයුතු හෙට (1) දිනයේ පෙරවරු 10.30 සිට පස්වරු 12.30 දක්වා පමණක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ. 31 March 2022
කොටින්ට යළි පණ දෙන්න ගිය 6කට එරෙහි පූනමලේ අධිකරණයට චෝදනා පත්‍රයක් තහනම් කරන ලද දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (එල්ටීටීඊ) යළි පණ ගැන්වීමට උත්සාහ කළ බවට චෝදනා එල්ල වූ පුද්ගලයන් හය දෙනෙකුට එරෙහිව ඉන්දියානු ජාතික විමර්ශන ඒජන්සිය (එන්අයිඒ) අඟහරුවාදා පූනමලේ විශේෂ අධිකරණයට චෝදනා පත්‍රයක් ගොනු කළේය. 31 March 2022
ඉන්දියාවෙන් වාහන 750ක් ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ශ්‍රි ලංකා පොලිසියට රුපියල් බිලියන 2.5 වටිනා වාහන 750 ලබා දෙන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. 31 March 2022
පළාත් කීපයකට වැසි තත්ත්වයක් උතුරු පළාත, ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්ක හැර දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (31) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 31 March 2022
හිටපු ලොක්කකු ’’චූන්’’ කරන්න බජව් කණ්ඩායමක් රජයේ එක්තරා ආයතනයක හිටපු ප්‍රධානියකු එම ආයතනයේ කටයුතු කළ සමයේදී ඔහු සහභාගිවූ උත්සව සඳහා සංගීතය සැපයීමට පහළොස් දෙනකුගෙන් සමන්විත සංගීත කණ්ඩායමක් පත් කරගෙන ඔවුන්ට වැටුප් ගෙවා ඇතැයි වාර්තාවේ. 31 March 2022
බණ්ඩාරගම දරුවා මිය ගියේ පාපතරයෙක් නිසා? තම 16 හැවිරිදි පුතාගේ මරණය පිළිබඳව විශාල සැකයක් ඇති බව ගෙළවැලලා මියගිය බව කියන බණ්ඩාරගම ගුන්ගමුවේ සිසුවාගේ පියා වන පියා වන මෝලි වික්‍රමාරච්චි මහතා පානදුර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන්ත වෙදගේ මහතාට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. 30 March 2022
බීමත්ව රිය පැදවූ නුවරඑළිය සෞඛ්‍ය ලොක්කට 1500 දඩයක් බිමත්ව රිය පැදවීමේ චෝදනාව යටතේ අධිකරණයට ඉදිරිපත් කළ නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා වරද පිළිගත් නිසා නුවරඑළිය මහේස්ත්‍රාත් ජී.ජී. ප්‍රදිප ජයසිංහ මහතා ඔහුට තරයේ අවවාද කර රජයේ ගාස්තු වශයෙන් රු 1500ක් ගෙවන ලෙස නියෝග කර රියැදුරු බලපත්‍රය මුදාහරිනු ලැබීය. 30 March 2022
පින්වත්ත හෝටලයේ මරා දැමූ තරුණිය කාගේ කවුද පානදුර පින්වත්ත නිවාඩු නිකේතනයක වැසිකිළි වළක තිබී සොයාගත් කාන්තා මළ සිරුර සම්බන්ධයෙන් වැදගත් හෝඩුවා රැසක් මේ වන විට ලැබී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. 30 March 2022
සිරකරුවෝ හතරක් දහම්පාසල් විභාගයෙන් කප් ගහති මරණය දණ්ඩනය හා ජීවිතාන්තය දක්වා සිරදඩුවම් විදින රැඳවිය සිව් දෙනකු දහම් පාසල් අවසාන විභාගයෙන් විශිෂ්ඨ ලෙස සමත් වී ඇති බව බන්ධනාගාර මුලස්ථානය පවසයි. 30 March 2022
හෙට අව්ව හරි සැරයි පළාත් කිහිපයකට හෙට (31) දිනයේදී දැඩි උණුසුම් කාලගුණ තත්වයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 30 March 2022
ඉන්දීය විදේශ ඇමැති අයි.ඕ.සී බලන්න ගියාට ජනසෙතේ උදහස ඉන්දීය විදේශ කටයුතු හා අභ්‍යන්තර කටයුතු අමාත්‍ය එස් ජයිසන්කර් මහතාගේ මෙරට සංචාරය අතුර තුර අයි.ඕ.සී පිරහුම්හල් නිරීක්ෂණය කළැයි ඊට විරෝධය පා ජන සෙත පෙරමුණ සංවිධානය කරන ලද විරෝධතාවයක් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට පැවැත්විණි. 30 March 2022
රාජිතගේ නඩුව මැයි 11 කැඳවයි මෝදර ධීවර වරාය අඩු මුදලකට බදු දීමෙන් රජයට පාඩු කළ බවට හිටපු ධීවර ඇමති රාජිත සේනාරත්න මහතා ඇතුලු විත්තිකරුවන් තිදෙනාට එරෙහි නඩුව ලබන මැයි 11 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද නියම කළේය. 30 March 2022
‘‘හෙට වෙන දේ මම දන්නේ නැහැ‘‘ හෙට වෙන්නේ මොකද්ද කියලා මම දන්නෙත් නැනැ .දැන් යන්නෙත් බයෙන් යැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රබුක්වැල්ල මහතා පවසයි. 30 March 2022
හෙට පැය 13ක් විදුලිය නෑ විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා හෙට (31) ප්‍රදේශ රැසකට පැය 13 ක් විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (30) පස්වරු පැවසීය. 30 March 2022
ඉන්ධන නැතිනම් විදුලිය දෙන කාලය ඉදිරියේ තව අඩු කරයි නොකඩවා ඉන්ධන නුදුන්හොත් ඉදිරියේදී දිනකට පැය 15ක් වත් විදුලිය කපා හැරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සඳහන් කරයි. 30 March 2022
තෙල් විදුලිය නැතිව තේ නිෂ්පාදනට බාධා විදුලි කප්පාදුව පැය 10 දක්වා දිර්ඝ කිරිම සහ තම වතු යායවල්වලට අවශ්‍ය ඩිසල් ඉන්ධන නොලැබිම හේතුවෙන් හෙට සිට තේ වතුවල දෛනික වැඩ කටයුතු සම්පුර්ණයෙන්ම නතර කරන බව වතු අධිකාරිවරු අවධාරණය කර සිටිති. 30 March 2022
කුවේට් ඩිනාරය රුපියල් 1000 පනී කුවේට් ඩිනාරයක වටිනාකම රුපියල් 1,000 සීමාව අද (30) දිනයේ ඉක්මවා ගිය බව ශ්‍රී ලංකා මහ බැකුව වාර්තා කරයි. 30 March 2022
මෙහෙම ආණ්ඩුවකට රට ගොඩ ගන්න බැහැ කන් ඇහෙන්නෙ නැති ඇස් පේන්නෙ නැති ගඳ සුවඳ දැනෙන්නෙ නැති අඳුරු යුගයකට රට ඇද වැටි ඇතැයි හිටපු අමාත්‍ය ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ මහතා පවසයි. 30 March 2022
කොරෝනා ආසාදිතයෝ 168ට බසිති කොවිඩ් ආසාදිතයින් තව 168 ක් අද (30) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 30 March 2022
කෝවිඩ් ගැසට්ටුවට එරෙහි පෙත්සම විසි කරයි කෝවිඩ් දෙන්නත් මාත්‍රා 3 ම ලබා නොගත් අයකුට පොදු ස්ථානවලට ඇතුළු වීම තහනම් කරමින් සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීමකින් තොරව ඉවත දැමීමට අද (30) ශ්‍රේෂ්ඨාධිකරණ පංචපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළේය . 30 March 2022
කොරෝනා මරණ 4ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 4 දෙනකු ඊයේ (29) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (30) තහවුරු කළේය. 30 March 2022
කම්කරු කොන්ග්‍රසයේ නායකත්වය සෙන්දිල්ට ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායකයා ලෙස ඌව පළාත් හිටපු අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමන් පත්කර ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග කියයි. 30 March 2022
නාමල් ජනතාවගෙන් සමාව ඉල්ලයි ජනතාවට විඳීමට සිදුවූ අපහසුතාවය පිළිබඳ තමන් සමාව ඉල්ලා සිටින බව ක්‍රීඩා හා තරුණ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත. 30 March 2022
ලිට්රෝ ගෑස් මිල වැඩි කරන්න ඉල්ලයි ලිට්රෝ ගෑස් මිල ඉදිරියේදී සැලකිය යුතු මුදලකින් මිල ඉහළ යනු ඇති බවත්, මිල වැඩිකරීමට අදාළ ඉල්ලීම කැබිනට් මණ්ඩලයට දැනටමත් ඉදිරිපත් කර ඇති බවත් ලිට්රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා පැවසීය. 30 March 2022
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026