කොවිඩ් ආසාදිතයන් තව 458 ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 458 දෙනකු අද(22) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 22 December 2021
කොවිඩ් මරණ 16 ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 16 දෙනකු ඊයේ (21) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (22) තහවුරු කළේය. 22 December 2021
රාජිතගේ නැව් අටේ ලේඛන සී.අයි.ඩි යට දෙන්නැයි නියෝගයක් හිටපු ධීවර අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා නෞකා 08ක් මෙරටට ගෙන්වීම සහ මෝදර ධීවර වරාය බදුදීම පිළිබඳව වන සිද්ධීයට අදාළව ධීවර අමාත්‍යාංශයෙන් ලබාදුන් ලියැකියැවිලි සියල්ල අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල්වරයාට අද (22) නියෝග කළාය. 22 December 2021
දුම්රිය ස්ථානාධිපතිවරු පාර්සල් බාරගැනීම නවත්වයි දුම්රිය පරිපාලනයේ අත්තනෝමතික ක්‍රියාකළාපයට විරෝධ දක්වමින් දුම්රිය ස්ථානාධිපතිවරු පාර්සල් බාරගැනීම අද (22) මාධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බවත් අනිද්දා (24) සිට ප්‍රවේශපත් නිකුත් කිරීමෙන් ද ඉවත් වන බවත් ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර මහතා ‘ලංකාදීප’යට පැවසීය. 22 December 2021
අද සවස විනාඩි 45 ක විදුලි විසන්ධි වීමක් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ 3 වන අදියරේ බිඳවැටීමක් හේතුවෙන් අද (22) පස්වරු 6.00 සිට රාත්‍රී 9.30 දක්වා දිවයිනේ ප්‍රදේශ කිහිපයක විනාඩි 45 ක් විදුලිය විසන්ධි විය හැකි බව විදුලිබල අමාත්‍යාංශයේ නිලධාරියෙක් පැවසීය. 22 December 2021
කෘෂිකර්ම ලේකම් තනතුරින් ඉවතට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් කේ ජයසිංහ මහතා එම තනතුරින් ඉවත් කරනු ලැබ ඇත. 22 December 2021
අදත් තැන තැන ගෑස් පෝලිම් ලිට්රෝ ගෑස් හිඟය හේතුවෙන් ජනතාව ඊයේ (22) දිනයේ ද අපහසුතාවට පත්වූහ. 22 December 2021
ඔමික්‍රෝන් ආසාදිතයින් තවත් තිදෙනෙකු හමුවෙයි ඔමික්‍රෝන් ආසාදිතයින් තවත් තිදෙනෙකු හඳුනාගෙන ඇතැයි වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ වයිරස රෝග පිළිබඳව විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ පැවසීය. 22 December 2021
ස.ජ.බ. පිරිසක් යුගදනවි බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවක සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කණ්ඩායමක් කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ නිරික්ෂණ චාරිකාවක අද(22) නිරත වූහ. 22 December 2021
හෙළිකොප්ටරයත් සමග මුහුදට වැටුණු ඇමැති පැය 12 ක් පීනලා මැඩගස්කරයේ පොලිස් සේවා කටයුතු බාර අමාත්‍යවරයා ඇතුළු පිරිසක් ගමන් කරමින් සිටි හෙලිකොප්ටරය මුහුදට කඩා වැටී ඇති බවත්, අනතුරින් දිවි ගලවා ගත් අමාත්‍යවරයා පැය 12 ක් තිස්සේ පිහිනමින් ගොඩබිමට පැමිණ දිවි ගලවා ගැනීමට සමත් වූ බවත් එරට පුවත් සේවා වාර්තා කරයි. 22 December 2021
අල්ලස්ගත් ඉඩම් නිලධාරියෙක් අත්අඩංගුවට ඔප්පුවක් සකස් කිරීම සදහා අවශ්‍ය රාජකාරි කටයුතු සිදුකරදීමට අල්ලස් වශයෙන් රුපියල් ලක්ෂයක මුදලක් ඉල්ලා ලබගත් බව කියන එරාවුර්පත්තු චෙන්කල්අඩි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් නිලධාරියකු අද (22) මඩකලපුවේදී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිෂන් සභාවේ (විමර්ශන) අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංක විතානගේ මහතා පැවසීය. 22 December 2021
ශ්‍රී ලංකාවට අලුතෙන් රාජ්‍ය තාන්ත්‍රිකයින් 17ක් ශ්‍රී ලංකාවට අලුතින් පත්කෙරුණු තානාපතිවරු 11 දෙනෙක් සහ මහ කොමසාරිස්වරු 06 දෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති කාර්යාලයේදී ඊයේ (21) පස්වරුවේ සිය අක්තපත්‍ර බාර දුන්හ. 22 December 2021
'උත්සව සමයේ අධිවේගී මාර්ග භාවිතා කරන්නට උපදෙස් මාලාවක්' උත්සව සමයේ අධිවේගී මාර්ගයේ සිදුවන අනතුරු අවම කිරීම සදහා පොලිස් මුලස්ථානය මහජනයා වෙත විශේෂ දැනුවත් කිරීමක් සිදුකර ඇත. 22 December 2021
සංයුතිය සඳහන් ලිට්රෝ ගෑස් නිකුත් කරයි අභියාචනාධිකරණය ලබාදුන් නිර්දේශ අනුව නව සංයුතිය සඳහන් කළ ගෑස් සිලින්ඩර වෙළෙඳපොළට නිකුත් කළ බව ලිට්රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් අද (22) පස්වරුවේ ‘ලංකාදීප’යට පැවසීය. 22 December 2021
ඉරානය-ලංකාව අතර අවබෝධතා ගිවිසුමක් මෙරට තේ ඉරානයට වැඩි වශයෙන් අපනයනය කිරිමේ සහ එයින් ලංකා ඛණිජ තෙල් සංස්ථාව විසින් ජාතික ඉරාන තෙල් සමාගමට දිගුකාලිනව ගෙවීමට ඇති ණය පියවිමේ යාන්ත්‍රණයක් සකස් කිරීමේ යෝජනාවක් සහිත අවබෝධතා ගිවිසුමක් ඉරානය හා ශ්‍රී ලංකාව අතර පසුගිය දා අස්සන් කෙරිණි. 22 December 2021
’’උත්සව සමයේ ජනතාවගේ ආරක්ෂාව තහවුුරු කරන්න’’ උත්සව සමයේ කොළඹ නගරයේ සහ තදාසන්න ප්‍රදේශවල සාප්පු සවාරි යන ජනතවාගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙල් ක්‍රියාත්මක කරන ලෙසට මහජන ආරක්ෂක අමාත්යක රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය සරත් වීරසේකර මහතා පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබා දී ඇති බව එම අමාත්‍යාංශය පවසයි. 22 December 2021
ගෑස් නැතිව හෝටල්,ආපනශාලා,බේකරි 12,000ක් වැහිලා රට පුරා ප්‍රධාන නගරවල හෝටල්, රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල ආපන ශාලා සහ බේකරි 12,000 කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රධාන වශයෙන් ගෑස් හිඟය නිසා පවත්වාගෙන යෑමට නොහැකිව සම්පූර්ණයෙන්ම වැසී ගොස් ඇතැයි සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා ලංකාදීපයට පැවැසීය. 22 December 2021
හැඳල සිංහ ඇස් රෝහලට බලෙන් ඇතුළු වූ පිරිසක් උද්ඝෝෂණය කරලා වත්තල, හැඳල සිංහ ඇස් රෝහල පරිශ්‍රයට ශිෂ්‍ය සංගමයක යැයි කියන පිරිසක් ගේට්ටුව කඩා බලහත්කාරයෙන් ඇතුළු වූ බවට එම රෝහල් කමිටුවේ සභාපති වෛද්‍ය මැල්කම් ස්ටැනිලෝස් මහතා වත්තල පොලිසියට අද (22) පෙරවරුවේ පැමිණිල්ලක් කළේය. 22 December 2021
පොලිස් නිලධාරීන්ගේ ප්‍රශ්න විසඳීමට වෙනම දිනයක් පොලිස් නිලධාරීන්ගේ ප්‍රශ්න විසඳීම සඳහා සෑම මසකම වෙනම දිනයක්(පොලිස් දිනයක්) පැවැත්වීමට තීරණය කර ඇත 22 December 2021
14 දැරිය මුදලට විකිණූ ඥාති සොහොයුරියට වැඩවරදී දීර්ඝ කාලයක සිට 14 හැවිරිදි දැරියක් මුදලට ගණිකා සේවයේ යෙදවූ බව කියන ඥාති සොයුරියක් සහ දැරිය මිලට ගත් බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව මරදාන පොලිසිය කියයි . 22 December 2021
නුවරඑළියට මල්තුහීන නුවරඑළිය නගර සභා සිමාවේ ස්ථාන කිහිපයකටම අද (22) දින අලුයම මල්තුහින පතිත වි තිබුණි. 22 December 2021
ගතවූ දින 20 ට සංචාරකයින් 47,120 ක් මෙරටට දෙසැම්බර් මාසයේ ගෙවී ගිය දින 20 ක කාලයක පමණක් සංචාරකයන් 47,120 ක් මෙරටට පැමිණ ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (22) පැවසීය . 22 December 2021
උද්ධමනය සියයට 11ත් ඉක්මවයි මෙම වසරේ ඉහළම උද්ධමනය පසුගිය නොවැම්බර් මාසයේ සටහන් වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. 22 December 2021
අධිවේගී අනතුරින් දෙකක් මරුට දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව සිට මත්තල දෙසට ගමන් කරමින් තිබු සෝලා පැනල් පටවාගත් ට්‍රක් රථයක් කිලෝමීටර් 126දශම 8 අපරැක්ක ප්‍රදේශයේ නවතා තිබියදී එම දිශාවටම ධාවනය වෙමින් තිබූ බවුසරයක් ට්‍රක් රථයේ පිටුපස ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය 22 December 2021
කාලගුණය අද දවස ගැන කියන අනාවැකිය නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් අද (22) වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 22 December 2021
කාන්තා නේවාසිකාගාරයට රිංගන්න ගොස් වැටී මරුට මරදාන එස් මහින්ද මාවතේ පිහිටි සිවුමහල් ගොඩනැගිල්ලක කාන්තා නේවාසිකාගාරයකට හොර රහසේ ඇතුළු වීමට ගිය පුද්ගලයකු ඉන් ඇදවැටීමෙන් පුද්ගලයකු මියගොස් ඇතැයි මරදාන පොලිසිය කියයි. 22 December 2021
ගෑස් උණුසුම බේකරිවලටත් දැනෙයි රට පුරා ඇති බේකරි හත් දහසෙන් 3500 ක් පමණ ගෑස් ප්රශ්නය නිසා වැසී ගොස් ඇතැයි බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන මහතා පැවැසීය. 22 December 2021
ජැෆ්නා කිංග්ස් අවසන් මහ තරගයට ජැෆ්නා කිංග්ස් පිල ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට සමත් විය. 22 December 2021
බූස්ටරයෙන් පසු සිවුවැනි එන්නතක් ’කොවිඩ් 19’ වසංගතයෙන් ආරක්ෂා වීමට, බූස්ටර් එන්නතට අමතරව සිවුවැනි එන්නත් මාත්‍රාවක් ලබාදීම ඊශ්‍රායලය තීරණය කර තිබේ. ඊශ්‍රායල සෞඛ්‍ය අංශ එම සිවුවැනි එන්නත නිර්දේශ කර ඇත්තේ අවුරුදු 60 වැඩි සහ බෝ නොවන රෝගාබාධ ඇති වැඩිහිටියන්ටය. 22 December 2021
රාජිතගේ ලේකම් නමින් ගෙනා නැව් අට ගැන විමර්ශන පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ධීවර අමාත්‍යවරයාව සිටි කාලයේදී ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු නමින් ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීම සඳහා නැව් 08ක් ගෙන්වීම හා මෝදර ධීවර වරාය බදුදීම පිළිබදව වන පැමිණීල්ලක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (21) කරුණු ඉදිරිපත් කර ඇත. 21 December 2021
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026