(සුමිත් පොතුපිටිය)
මත්කුඩු වැටලීමක් සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු ලබා ගැනීමට ගිය පොලිස් සැරයන්වරයකු ත්‍රීරෝද රථ තුනකින් සහ යතුරුපැදියකින් පැමිණි ජාවාරම්කරුවන් පිරිසකගේ පහරදීමට ලක්ව පානදුර මූලික රෝහලට ඇතුලත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ පානදුර කොට්ඨාස බුද්ධි අංශයට අයත්ව රාජකාරි නියුතු පොලිස් සැරයන්වරයෙකි.
පානදුර මෝදරවිල මහල් නිවාස සංකීර්ණයේ හෙරොයින් මත්කුඩු ජාවාරමක් සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු ලබාගැනීම සදහා අදාල සැරයන්රයා එහි ගොස් ඇති අතර අදාල තොරතුරු ලබාගෙන ගාලුපාර දෙසට එමින් සිටියදී පහරකැමට ලක්ව ඇතැයි සදහන් වේ. ත්‍රීරෝද රථ තුනකින් සහ යතුරුපැදියකින් පැමිණි කාන්තාවන් තිදෙනකු ඇතුළු දස දෙනකුට ආසන්න පිරිසක් ඔහු වටකර පොලු මුගුරු වලින් පහරදී ඇතැයිද පැවසේ.
සිද්ධිය සම්බන්ධයෙන් පානදුර පොලිස් කොට්ඨාසයේ උපදෙස් පරිදි පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වති .
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
මත්කුඩු ගැන හොයන්න ගිය සැරයන් ගුටි කා රෝහලේ