දුම්රිය ස්ථානාධිපති දිගටම වර්ජනය වර්ජනයේ නිරතව සිටින දුම්රිය ස්ථානාධිපති සංගමය සහ ප්‍රවාහන අමාත්‍යංශයේ නිලධාරීන් අතර අද (24) පස්වරුවේ පැවැති සාකච්ඡාව අසාර්ථක වීම නිසා වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා පැවසීය. 24 December 2021
භූමිතෙල් ලිප් ගිනි ගානට යයි රටපුරා වෙළෙඳසැල්වල භූමිතෙල් ලිප්වල මිල ඉහළ ගොස් ඇතයි වාර්තා වෙයි. 24 December 2021
නව හැවිරිදි දැරියගෙන් කොරෝනා ගැන පොතක් කොවඩි 19 ආසාදිතවන අංගොඩ රෝහලේ ප්‍රතිකාර ගෙන සුව වූ නව හැවිරිදි ස්නේහා අමරදේව නම් දියණියක තමා රෝගී කාලයේ වූ අත්දැකීම් අලලා ග්රන්ථයක් රචනා කර කළාය. 24 December 2021
අල්ලස් සිද්ධියකට ගම්පහ තක්ෂිලා විදුහල්පති රිමාන්ඩ් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනුම ලබන දරුවකු හත්වන ශ්‍රේණීයට ඇතුළත් කර දීම සදහා අල්ලස් වශයෙන් රුපියල් ලක්ෂ දෙකක මුදලක් ඉල්ලා ලබගත් බව කියන ගම්පහ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා ලබන 04 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය අද (24) නියෝග කළාය. 24 December 2021
මහාචාර්ය ධර්මරත්නට සභාපති ධූරයක් මැණික් විද්‍යාව පිළිබඳ ප්‍රවීණයකු වන මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ හිටපු මහාචාර්ය පී.ජී.ආර්. ධර්මරත්න මහතා මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා පුහුණු ආයතනයේ සභාපතිධූරයට පත්කර තිබේ. 24 December 2021
අභියාචනාධිකරණයට නව විනිසුරුවරයෙක් විකුම් අතුල කළුආරච්චි මහතා අභියාචනාධිකරණයේ නව විනිසුරුවරයකු ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද පෙරවරුවේ දිවුරුම් දුන්නේය. 24 December 2021
කොළොම්පුර අහසේ මීදුම අස්සේ දූවිලි අංශුත් පිරෙයි කොළඹ නගරය ආශ්රිත වායුගෝලයේ අඩංගු දූවිලි අංශු ප්‍රමාණයේ ඉහළයාමක් මේ දිනවල දක්නට ලැබෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා පැවසීය. 24 December 2021
බූස්ටරයෙන් සති 10 කට පසු සිවුවැනි එන්නත දෙනවා ’කොවිඩ් 19‘ බූස්ටර් එන්නත ලබා දී ඇති බ්‍රිතාන්‍ය වැසියන්ට, සති 10 කට පසු, සිවුවැනි එන්නත් මාත්‍රාවක් ලබා දීම කළ යුතු යැයි බ්‍රිතාන්‍ය සෞඛ්‍ය බලධාරීන් එරට රජයට උපදෙස් දී ඇතැයි ‘ඩේලිමේල්‘ වෙබ් අඩවිය වාර්තා කර තිබේ. 24 December 2021
හොර පී.සී.ආර් වාර්තා සමග තුනක් සැකපිට ව්‍යාජ ලෙස පී.සී.ආර්. වාර්තා සකස්කර විදෙස් ගතවන පුද්ගලයන්ට මුදලට අලෙවි කළ පුද්ගලයින් තිදෙනකු ව්‍යාජ පී.සී.ආර්. වාර්තා17ක්ද සමග කොච්චිකඩේ සහ රත්දොළුගම ප්‍රදේශවලින් අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි. 24 December 2021
ටිකට් නොදීමෙන් ලක්ෂ 90 පාඩුවක් දුම්රිය ස්ථානාධිපතිවරු අද (24) පෙරවරුවේ ආරම්භ කළ ප්‍රවේශපත් නිකුත් නොකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට දිනකට රුපියල් ලක්ෂ 80 ත් 90 ත් අතර පාඩුවක් වන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසීය. 24 December 2021
‘‘මත්ද්‍රව්‍ය රස පරීක්ෂක වාර්තා සති දෙකකින්‘‘ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තා සති දෙකකින් ලබාදීමට පියවර ගෙන ඇතැයි අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි. 24 December 2021
තිස්ස කුට්ටිආරච්චි මාස 6 ක මන්ත්‍රී වැටුප පරිත්‍යාග කරයි බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සිය ඉදිරි මාස හයක පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප බදුල්ල දිස්ත්‍රික් ජනතාවට පරිත්‍යාග කිරීමට තීරණය කර තිබේ. 24 December 2021
ඉක්වදෝරයේ කොවිඩ් එන්නත අනිවාර්යයි ලතින් ඇමෙරිකා රාජ්‍යයක් වන ඉක්වදෝරය, ’කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත් අනිවාර්ය කර තිබේ. එන්නත ලබා ගැනීමට සුදුසුකම් ලැබ සිටින නිසි වයස් කාණ්ඩයේ සියලු දෙනා එන්නත අනිවාර්යයෙන් ලබා ගත යුතු බවත්, එන්නත ලබා නොගැනීමට අවසර ඇත්තේ කිසියම් රෝගාබාධයක් ඇති අයට පමණක් බවත් රජය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි. 24 December 2021
නිදන් ගන්න ඇවිත් පණ එපා කියා දුවති මැදිරිගිරිය වටදාගෙය පූජා භූමියේ නිදන්වස්තු කොල්ලකෑමේ අරමුණින් අද අලුයම ඇතුළු වූ බව කියන පිරිසක් ආරක්ෂක භටයන් දැක රැගෙන ආ බව කියන භාණ්ඩ සියල්ල ද දමා පළා ගොස් ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි. 24 December 2021
කුකුළු ගොවිපොළක ගින්නෙන් පැටවු 3000ක් මරුට පන්නල පොලිස් වසමට අයත් පල්ලෙගම එලිබිච්චිය ප්‍රදේශයේ කුකුඵ ගොවිපොළක අද අලුයම ඇතිවූ ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුවූ ගිණිගැනීමකින් කුකුඵ පැටවුන් 3000 ආසන්න සංඛ්‍යාවක් මියගොස් ඇති බව පන්නල පොලීසිය කියයි. 24 December 2021
‘‘දඹුල්ලේ එහෙම වුණාට මෙහෙ එහෙම වෙන්නේ නෑ‘‘ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල වෙනත් දිනයන්වලට වඩා අඩු වී ඇතැයි ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති. 24 December 2021
’’චීන පොහොර නැව පිටුපස කොමිස්’’ චීන පොහොර නැව පිටුපස කොමිස් තිබුණු බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් ජයසිංහ මහතා අනාවරණය කළේය. 24 December 2021
පාර්ලිමේන්තුවට දිනකට කෝටියක කොළ පාර්ලිමේන්තුවේ දිනකට කඩදාසි කිලෝ 1200ක් පමණ භාවිත කෙරෙන බව මෑතකදී කළ අලුත්ම අධ්‍යයනයකදී සොයාගෙන ඇත. 24 December 2021
‘‘රාත්‍රීයේ සහ අලුයම දැඩි සීතලක්‘‘ ඉදිරි දිනවල දී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට රාත්‍රීයේ සහ අලුයම ශීත කාලගුණයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 24 December 2021
එක රටක් හදන්න ජනතාව උනන්දුවෙන් ශ්‍රී ලංකාව තුළ “එක රටක් එක නීතියක්” සඳහා වු ජනාධිපති කාර්ය සාධක බලකායට අදහස් එක්කිරීම සඳහා සිවිල් සංවිධාන සහ පෞද්ගලික වශයෙන් විශාල පිරිසක් එක් වෙමින් සිටින බව එහි සභාපති ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ප්‍රකාශ කරති. 24 December 2021
කහ ගන්නේ 100 දෙන්නේ 6000 අමු කහ කිලෝවක මිල රුපියල් සියය දක්වා අඩුව ඇතත් කහකුඩු කිලෝවක මිල රුපියල් හය දහසක් බව පාරිභෝගිකයෝ මෙන්ම කහ වගාකරුවෝද මැසිවිලි නඟති. 24 December 2021
ජැෆ්නා පිට පිටම දෙවැනි වරටත් ශූරතාව දිනයි ජැෆ්නා කිංග්ස් පිල ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්) ක්‍රිකට් තරගාවලියේ (2021) ශූරතාව දිනාගැනීමට අද (23) සමත් විය. 24 December 2021
අයියාගේ හැඳුනුම්පතින් මල්ලී දැරියක් හෝටලයකට උස්සලා අයියාගේ හැඳුනුම්පතින් නුවරඑළිය හෝටල් කාමරයක දින දෙකක් බාලවයස්කාරියක් තබා ගත් පහළොස් හැවිරිදි පාසල් සිසුවකු උඩුනුවර ළමා රැදවුම් මධ්‍යස්ථානයේ තබන ලෙස ගම්පොල මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු ශිනිත් විජේසේකර මහතා නියම කළේය. 23 December 2021
අගමැති තිරුපති යයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා තිරුපති වන්දනා කිරීම සඳහා ඉන්දියාවට අද පිටත්ව ගියේය. 23 December 2021
කාන්තාවන්ට පාට් දාලා රෝහලෙන් නතර වෙලා කඩුවක් රැගෙන මොරගහහේන ධම්මානන්ද ප්‍රදේශයේ සැරිසරමින් කාන්තාවන් බිය කිරීමට උත්සාහ දැරූ පුද්ගලයෙකුට කාන්තාවන් පිරිසක් විසින් අතින් පයින් සහ පොලු වලින් පහර දී රෝහල්ගතකර ඇතැයි මොරගහහේන පොලිසිය කියයි. 23 December 2021
රතු බිල් නිසා පාරිභෝගිකයෝ කබලෙන් ලිපට හිඟ විදුලි බිල්පත් ඇති පාරිභෝගිකයන්ගේ නිවාසවල විදුලිය විසන්ධි කිරීමේ කටයුතු විදුලිබල මණ්ඩලය විසින් ආරම්භ කරනු ලැබීම නිසා විශාල පිරිසක් දුෂ්කරතාවයට පත්ව සිටිතියි වාර්තාවේ. 23 December 2021
ගම්පොළම කඳුළින් තෙත් කළ නිපුනිගේ ඛේදවාචකය “බාප්පලාගෙ ගෙදර හිටිය පොඩි අක්කා අපේ ගෙදරට ගෙන ආවට පස්සෙ එයාට හිටගෙනවත් ඉන්න බැරි තරමට අමාරුවෙන් හිටියේ.කීප සැරයක් එයාට වමනේ ගියා. විකාර දෙඩෙව්වා. නින්ද ගියේ නෑ.තාත්තා රෑ 2ට විතර නැගිටලා පොඩි අක්කට බැන්නා අපට නිදාගන්නවත් නෑ කෙඳිරිගානවා කියලා. එහෙම කියලා තාත්තා පොඩි අක්කට ලීයකින් දෙකක් ගහලා ගෙයින් එළියට දැම්මා. 23 December 2021
කොරෝනා මරණ 20 සීමාව පනී කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 21 දෙනකු ඊයේ (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (23) තහවුරු කළේය. 23 December 2021
විදුහල්පති අල්ලස් දැලේ හත්වන ශ්‍රේණීයට දරුවකු ඇතුළත් කර දීම සදහා ව්‍යාපාරිකයකුගෙන් අල්ලස් වශයෙන් රුපියල් ලක්ෂ දෙකක මුදලක් ඉල්ලා ලබගත් බව කියන ගම්පහ ප්‍රදේශයේ උසස් පාසලක විදුහල්පතිවරයෙකු අද (23) එම විදුහලේ විදුහල්පති කාර්යාලයේදී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිෂන් සභාවේ ලේකම් අප්සරා කල්දේරා මහත්මිය පැවසුවාය. 23 December 2021
‘‘ආහාර හිඟයක් අත ළඟ‘‘ කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ධූරයෙන් තමා ඉවත් කිරීමට පැහැදිලි හේතුවක් තවමත් නොදන්නා බවත් ආහාර හිඟයක් ඇති වෙන්නේ යයි තමන් කළ ප්‍රකාශයේ වෙනසක් නොමැති බවත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම් මහාචාර්ය උදිත කේ. ජයසිංහ මහතා ඊයේ (23) පවසයි. 23 December 2021
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026