(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා ආර්ථිකය නැමති ලෙඩා බෙහෙත් දීලා සුව කරන්න උත්සාහ කරනවාද?බෙහෙත් නොදී මැරෙන්න ඉඩ දෙනවාද?කියා තීරණය කළ යුතුව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
සියලු දේශපාලන පක්ෂ එක්කර ගනිමින් සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා රට මුහුණපා ඇති සමාජ, ආර්ථික හා දේශපාලන අභියෝග ජය ගැනීම සඳහා නව මාවතක ගමන් කිරීම තම අරමුණ බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
රට ගොඩනැගීම සඳහා ක්‍රියාත්මක කරන එම වැඩපිළිවෙලේදී මහා සංඝරත්නයේ අවවාද, අනුශාසනා නොමදව අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා සඳහන්ය.
තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමි ප්‍රමුඛ මහා සංඝරත්නය බැහැ දැකීමට පැමිණි ජනාධිපතිවරයා මෙි බව කීය.
මල්වතු මහා විහාරයීය උපෝසථාගාරය වෙත රැස්ව සිටි මල්වතු මහා නාහිමියන් ප්‍රමුඛ අනුනායක හිමිවරුන් සහ කාරක සංඝ සභික භික්ෂුන් වහන්සේ ආගමික වතාවත් සිදු කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ආශිර්වාද පළ කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාලා ඇතුළු සියළුදෙනාම එකතුවෙලා අවු 74 ක් තිස්සෙ ලක් අම්ම ලෙඩ කරපු එකයි ලෙඩ වැඩිකරපු එකනෙ කලේ
ලෙඩා ගොඩගන්නේ මොහුයි රටේ සියලුම දෙනාගේ ආශීර්වාදයෙන් රට ගොඩගන්න ශක්තිය දයිර්ය ලැබේවා. ඇත්තටම මෙතුමා අපේ රටට ඉන්න එක ලොකු හයියක් මෙතුමාට බැරිනම් අපේ රට ගොඩගන්න වෙන කෙනෙක් අයෙ නැති තරම්. ජාත්‍යන්තර ප්‍රජාව ගොඩක් දෙනෙක් දැන ඇඳුනුම්කම් ඇති කෙනෙක්ට තමයි අපේ රටට ඕනි අත්‍යවශ්‍ය ආහාර ආධාර,බෙහෙත් ආධාර,ණය ආධාර ගන්න පුළුවන් ඉතින් මේ අවස්ථාවේ අපේ රටේ සියලුම දෙනා මෙතුමාත් සමඟ එකතුව වැඩකරන එක තමයි හොඳ. මේ දවස්වල ඔය දියසෙන්ලා පහළවෙනවා කියකිය මිනිස්සු බලාන ඉන්නවා එහෙම දියසෙන් කෙනෙක් එනවා කියන්නේ තුන්වන ලෝක යුද්ධය අතරතුරදී ලෝකයේ තුනෙන් දෙකක් විනාශවුනාම ඒ අවස්ථාවේදී ඉදිරියට ඉදිරිපත්වන තරුණ කෙනෙක් දියසෙන් නමින් රටේ ප්‍රසිධ්ධ වෙනවයි කියලා කියන්නේ' එහෙම උනත් මම කියන්නේ අපේ රටේ උද්ගතව ඇති මේ ආර්ථික අර්බුධයන් පවා විසඳන්න පුළුවන් එකම තැනැත්තා රට ගොඩදාන දියසෙන් මොහුයි.
ළොඩා මැරෙන්නට හැරිම හෝ සුවකිරිම කල යුත්තේ ලෙඩේ බෝකල, ලෙඩේ ඔඩුදුවන තුරු පිලියම් නොකල, ලෙඩා දෙස බලමින් බාල් නැටු, ලෙඩා අසාධ්‍යය වනතුරුත් පිස්සු නැටූ උන්මය.
ලෙඩෙක් ඉස්පිරිතාලයට අරන් ආවහම ඒ ලෙඩාගේ කුලය ජාතිය ආගම බලය දක්‍ෂ වෛද්‍යවරයා සොයා බලන්නේම නැත... වෛද්‍යවරයා සොයා බලන්නේ ඔහු වටේ ඉන්නා පරිනත වෙද හෙද සේවකයන්ගේ නොමසුරු උත්සාහයයි ලෙඩා අවදානමෙන් ගොඩ දාගන්න තුරුම .! ලෙඩා අවදානමෙන් සැවොම එකමුතුවෙලා ගොඩ දාගත්තහම හැමෝම සතුටය..!
බොරු දොස්තරලාව අයින් කරන්න...
මේ හොර වෙදා හයසැරයක්ම බෙහෙත් කරලා තමයි ලෙඩා මැරෙන තරමට අසාධ්‍ය වුණේ...!
එජාපය මරපු කෙනා රට ගොඩගන්නවා බොරු..
අවුරුදු ගානක් රටේ අගමැති වෙලා ඉද මෆියා ක්‍රමයට ජනාධිපති වූ ඔබ ලෙඩා. හොදකිරිමට කතාකිරිම පුදුමක්! ! ලෙඩාව ( ලක්මව) ලෙඩ කර මරනාසන්න කෙරුවේ ඔබලාමය. දැන් ඔබ මේ ලෙඩා ගොඩ ගන්න කතාකරයි කොහිමද? කියන්න මහජනතාවට ආයෙත් ලෙඩාගෙ අතපය කපා විකුනාද? ඉස්සර කෙරුවා වගේ? ඔබගේ වයස ගැන හිතා නම්බුකාර පිට අයින් ව් රට තරුණ පරපුර දෙන්න තවහ් ලක්මාතාව ටිකටික මරන් කන්නෙ නැතුව බලය අතඅරින්න අකමැති හිරේට බයේද ආඩම්බරෙයෙන් රටේ නම කියපු අපි එම රට ලෝකෙන්ම නය ගෙවන්න බැරි රටක් කරපු ඔබලට අයිති නිතිමයේ දඩුවම පමනයි බුදු හා දෙවි පිහිට මගේ මව් රටට.
මේ රටෙ වනයක් කෙරුවෙ ජනතවද නැතිනම් මොළයක් නැති ඔලුගෙඩි 250? අසරන ජනතව. නොකා නොබි වැඩ කෙරුවෙ. ඔය මි හරක් වගෙ සැප වින්දෙ නැහැ දැන් ඔය රට නරකාදියක්. සෙරම මී හරක් වට වෙලා. දැන් ජනතාව ට එන්න කියනව හාන්න. ඉස්සර අප්පච්චි නැති බොම්බත් පත්තු කරනවා. රටේ ප්‍රශ්නයක් ආවම දැන් කිසිම ස්ද්දයක් නැහැ. හොරා කලා ගිමන් අරිනවා ඇති. තොපිට වැහි නැති හෙන වදින්න ඔන රටට කරපු විනසෙට. අනුර කුමරට රට දිලා. අයින් වෙන්න. 250 හිර ගෙදරට දැම්මම රට නිකම්ම ගොඩ එනවා.
අයිසෙ රනිල්, ලෙඩාට බෙහෙත් කිරීමත් ලෙඩේ බෝ කරපු උන්ව හිරේට දැමීමත් තමන්ගේ වගකීම වෙන්නෙ.
ඔයාට කව්ද බෙහෙත් දෙන්ඩ කිව්වෙ. රටෙ ඉන්න 99% ක්ම මිනිස්සු ඔයට යන්ඩ කියල කියන්නෙ. ඔයාගෙ බෙහෙත් ගෑන අපි හොදටම දන්නවා.
වෙදා ආර්ථිකේ ගොඩගන්න සිංගප්පූර් දොස්තර අර්ජුන මහේන්ද්‍රන් ගෙනැල්ලා ලෙඩා පරලෝකෙට යවපු හැටි අපි දැක්කා ආයුබෝවන්...!
ඔය වගේ හොර දොස්තරලා බෙහෙත් කළොත් ලෙඩා බේරගන්න නෙමෙයි වෙන්නේ ලෙඩාට, සබ්බේ සංඛාරා කියන්න තමයි වෙන්නේ...
මල්වත්තෙ හාමුදුරුවෝ පෙනුණේ නැහැ කතාවක් කලෙත් නැහැ සංඝ සභාවෙ කාරක සසභික හාමුදුරුවෝ කෙනෙක් තමා කතා කලේ නමුත් අස්ගිරි නායක හාමුදුරුවෝ අනුසාසනා කලා.කමක් නැහැ ලංකා ආර්ථිකය නැමති ලෙඩා මලොත් සජිත් හෝ අනුර ගොඩයාවි,ලෙඩා සුව වුනොත් රනිල් ගොඩ පුතාණෝ හෝ අනුර කචල් ඇද ඇද රටට වින කරාවි .
ඔයා හය වතාවක් බෙහෙත් කරලත් බේර ගන්න බැරි උනා කියන්නේ ඔයාට ආයේ බෙහෙත් කරන්න දෙන එක වැඩක් නෑ.
මරු වෙදා.
2015 දීත් යහපාලනය කියල ලස්සන නමක් හදාගෙන බලයට ආපු දවසෙත් මෙය ඔය වගේම ලස්සන කතාවක් කියුව මතකයි . ඊටපස්සේ කරේ හොරු රකින එකයි , ලෝකේ වටේ රවුන් ගහපු එක විතරයි , ඊට අවුරදු 5කට පස්සේ රට බංකොලොත්.
ලෙඩා හොර දොස්තරෙක්ට අහුඋනොත් කොහොමත් මැරෙනවා. අවාසනාවකට ලෙඩා ගිහින් තියෙන්නේ හොර ඉස්පිරිතාලයකට.
ඔබතුමා පක්ෂය ප්‍රතිසංවිදානය කළා කළා හොඳටම ඒ ලෙඩා ගොඩේ ගොඩ ඔබතුමාටත් ඇපත් නැතුවම ගියානෙ,.ඒ නිසා ඔය වෙදකම් ඕනෙ නැහැ නම්බු පිටින් ගියොත් ...තවමත් පුලුවනි
යුද්දේ වෙනුවෙන් එකතු නොවිච්චි මිනිස්සු දැන් එකතුවෙයි. බලාගෙන ඉමුකො.ඔය කාට කාටත් ඕන රට හෝ ආර්ථිකේ ගොඩගන්න නෙමෙයි තමන්ගේ පක්ෂේ ගොඩගන්න බලේ ගන්න.
ඒක ඔබතුමාගේ හදවතින් ඇසිය යුතු ප්‍රශ්නයක්. ඔබතුමා රටේ ජනතාවගෙ ජනාධිපතිද ? නැත්නම් දියවන්නාවෙ හොර කල්ලියකට නතුවෙච්ච ජනාධිපතිද ?
ලෙඩා ගොඩගන්න මුවාවෙන් කාලකින් රට විනාශ කළා. මන්ත්‍රීලගෙ පෙට්‍රොල් දීමනාව වැඩි කිරීම්, උන්ගෙ සුබසාධනය සඳහා නොයෙක් අකාරයෙන් එක එක දීමනා දීම්, ලොක්ක වයස හින්දා එක් එක උපදේශකයො පත් කිරීම් කර කර , තරුණයින්ට නානාප්‍රකාර අඩම්තේට්ටම් කර කර බල තන්හා කාරයෝ ඔක්කොම බලේ ඉන්ඩ තමයි දඟලන්නේ. තොපි ඔක්කොටම හෙනම ගහන්ඩ ඕනි මේ රට විනාශ කළ සහ කරන අසමජ්ජාති දේශපාලුවෝ.
කිසිම ලෙඩක් නොතිබුණ එකාව ලෙඩෙක් කරේ ඔයාලම තමයි, අන්තිමට ගොඩ ගන්න බැරි ගානටම කෙළවල දැම්ම.
ලෙඩා මැරුණට ඔපරේෂන් එක success නේද?
හිටපු දූෂිත නායකයෝ හැමෝම මල්වතු අස්ගිරි ගිහින් මහානායක හිමිවරුන්ගේ ආශිර්වාද, අනුශාසනා ලබාගත්තු අය.. වැඩක් වුණාද? අන්තිමට සිද්ද කෙරුවේ රටේම ආර්ථිකය බංකොළොත් කරපු එක. ඒවාට වගකිවයුතු දූෂිත නායකයින් අද සුවසේ සැපසේ ඉන්නවා. හරි නම් කරන්න තියෙන්නේ දූෂිත දේශපාලුවන්ව නීතිය ඉදිරියට ගේන එක...
කතාව නම් දෝලාවෙන් ඒත් ගමන පයින්. ඔබතුමා එදා කිව්වෙ හුනුවටයේ කතාවෙ ගෘශා වගෙ එල්ලෙන පාලමෙ ලමයා පරෙස්සම් කරගෙන එගොඩට යනවා කියලා. ඒක අහපු පාලමෙ හිටපු අය හයිය සපත්තු දෙකක් දුන්නා. දන් බය නැතුව ලමයා ගෙනියන්න පුලුවන්. කැමති අයගෙ උදව් අරගෙන ඉක්මනින් ලමයා බෙරාගන්න. අනම් මනම් වානා. වැඩෙ තමයි ඕනා.
දැන් ලෙඩෙක්ව නිර්මාණය කරපු එකේ ගෞරවය හිමි වෙන්නේ කාටද? හයවතාවක් වගකීම ලැබිලත් මුකුත් කරගන්න බැරි කෙනෙක් කියලා ලෝකෙටම ඔප්පු කරලා තව කියවන්නත් එනවා. රට ගිනි තියන්න මහ අමාරුවක් නැහැ කියලා අපි දන්නවා.
රට ලෙඩ වුණොත් බේරගන්න, අරගලකාරයෝ ලෙඩ වුණොත් මැරෙන්න අරින්න.