
(යොහාන් භාසුර)
ලිට්‍රෝ සමාගම මෙම මස (ජූලි) තුළ ගෑස් මෙට්‍රික්ටොන් 33,000 ක් ගෑස් සිලින්ඩර ලෙස බෙදාහැරීමෙන් ගෑස් පෝලිම් අවසන් කර ඇති බවත් දිනකට සිලින්ඩර ලක්‍ෂයකට ආසන්න සංඛ්‍යාවක් බෙදාහරිමින් සිටින බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ මාධ්‍ය ප්‍රකාශක වී. කේතේෂ්වරම් මහතා අද (29) පස්වරුවේ පැවසීය.
ලිට්‍රෝ සමාගම සියලුම ගෑස් අළෙවි නියෝජිතයන්ට ගෑස් නිකුත් කරන බවත් කොළඹ නගර තුළ කිසිඳු ගෑස් ගැටලුවක් මේ වන විට නොමැති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
ගෑස් ප්‍රශ්නය හේතුවෙන් වසා දමා තිබූ කර්මාන්ත සහ ආපනශාලා වැඩි ප්‍රමාණයක් මේ වන විට නැවත විවෘත කර ඇති බව කී කේතේෂ්වරම් මහතා ගෑස් සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යෑමට බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බම්බුව තමයි...!
ගෑස් වලටත් කෙළවෙනවා, පෙට්‍රෝල් ඩීසල් වගේ කෑන් වලට පුරවන්න පුලුවන් නම්. වෙලා තියෙන්නේ පෙට්‍රෝල් ඩීසල් එකතු කරන නිසා තෙල් ප්‍රශ්නෙ කවදාවත් විසඳන්න බැහැ.
බොරුවක් තමයි...
අලෙවි නියෝජිතයන්ගෙන් පෝලිමේ නොසිට ගෑස් මිලදී ගන්න පුළුවන් තැනක් කොහෙද තියෙන්නේ..?
කියපු කෙනාගේ ගෙදර වෙන්නැති පෝලිම ඉවර... අදත් ගියා පෝලිමේ...
මොන පිස්සුද.. සිලින්ඩර් දෙක බාර දීලා ටෝකන් අරන් දැන් දවස් හතරක් විතර. තාම ගෑස් නෑ
මම පදිංචිව සිටින්නේ කළුතර දිස්ත්‍රික්කයේ දොඩන්ගොඩ,මලබඩ හන්දියේ කළුතර-මතුගම ප්‍රධාන මාර්ගය ආසන්නයේය. අපට 2021 .නොවැම්බර් මාසයේ සිට අද දින දක්වා එනම්, 2022.07.30 දින දක්වාම ලිට්‍රෝ ගෑස් ලැබුණේ නැත. සුපුරුදු පරිදි අප ගෑස් මිළදී ගනු ලබන්නේ මලබඩ ඉන්ධන පිරවුම් හලෙන් වුවත්, මේ දක්වා ගෑස් එම පිරවුම් හලට ලැබී නොමැති බව පවසයි. ගෑස් නොමැතිව අප ඉතාමත්ම පීඩාවකින් දිවි ගෙවන්නෙමු. ඉතා ඉක්මනින් අපට ගෑස් ලබා දීමට කටයුතු කරණ ලෙස ඉතා කාරුණිකව ඉල්ලමි.
එහෙමනම්, නියෝජිතයින් සමග ගෑස් අලෙවි විය යුතුයි.
I'm a resident in Kandy. All the dealer points I contacted yesterday say Gas didn't come. It's amazing Litro thinks Sri Lanka is only Western Province or only Colombo for that matter.! Earlier also they distributed limited Gas stocks in Colombo Kalutara and Gampaha only. Sadly and strangely Litro caters only to Colombo people Evan according to this news report now Litro Chairman is very happy there is no gas shortage in Colombo! Other 8 provinces including Central province are also parts of this country and the people live in those provinces are Sri Lankans. Over to you Mr.Chairman.