
(යොහාන් භාසුර සහ ඉන්දිකා රාමනායක)
පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්‍ෂක පොලිස් සැරයන්වරයකු ඇතුළු පුද්ගලයන් තිදෙනකු නිට්ටඹුව නගරයේදී පසුගිය මැයි මස 9 වැනිදා ඝාතනය කිරීමේ සිද්ධියේ සී.සී.ටී.වී. දර්ශන ඔස්සේ හදුනාගත් තවත් පුද්ගලයන් 8 ක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි.
පොලිසිය එම පුද්ගලයන් අට දෙනාගේ ඡායාරූප ප්‍රසිද්ධ කරමින් ඔවුන් පිළිබඳ තොරතුරු මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ෂන කොට්ඨාෂයේ 0112514217 (අධ්‍යක්‍ෂ) හෝ 0718592868 (සහකාර අධ්‍යක්‍ෂ) දුරකථනවලට ලබාදෙන ලබාදෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත්කර සැකකරුවන් 35 ක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන්ගෙන් බහුතරයක් සී.සී.ටී.වී. දර්ශන ඔස්සේ හදුනාගත් බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩි දුරටත් පවසයි.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය නම් මිනිස්සු නෙමෙයි. සම්පූර්ණ සත්තු ටිකක්. පණ බයේ හැංගිච්චි මිනිහාව කපලා මරන්නේ... දැන් තමයි තේරෙන්නේ 88-89 කාලේ නිල නොවන ඇඳිරි නීතිය දාලා තියෙද්දී ලාම්පුවක් පත්තු කළා කියලා අතපය කපාපුවා 100% ක් ඇත්ත කියලා. මෙහෙම මිනිස්සු තමයි තව කියන්නේ වේවැල් පාරවල් කාලා දුවන ගමන් ප්‍රහාරය අමානුෂිකයිලු කියලා...
පක්ෂයේ කෙනෙක්ගෙන් ඇහුවා නම් හරි...!
මොවුන් ගැන ඔත්තුවක් දෙන කෙනෙකුට මුල්‍යමය තෑග්ගක් දෙනබවට පවුලේ අය ප්‍රචාරය කරන්න...
මිනීමැරුම්, ගිනිතැබීම් හා කඩාකප්පල් වැඩ කටයුතු සඳහා නිසි දඬුවම් දිය යුතුයි. එහි කිසිදු විවාදයක් නැහැ. ඒත්, අරලිය ගහ මැදුරේ සිට සංවිධානය කළ අනීතික ප්‍රහාරය නිසා මේ සියලු දේවල් සිදුවුණා. ඒත්, කරුමේ කියන්නේ, එහි ප්‍රධාන චරිතය හා අනෙක් චරිතවලට නිසිලෙස නීතිය ක්‍රියාත්මක වන්නේ නැහැ. අහෝ..! නීතිය සැමට පොදු නොවේද?
අමරකිර්තිව ඝාතනය කරපු අයව තවමත් අල්ලා ගන්නවා. පොලිසිය ෆොටෝ බලබලා මිනිස්සුන්ව අල්ලාගෙන යනවා. නමුත් එදා අමරකීර්ති විසින් වෙඩිතබා ඝාතනය කරපු මනුස්සයා ගැන පොලිසිය මොනවද කියන්නේ...? ඒ මරණයේ විත්තිකාරයා තමයි අමරකීර්ති කියන බලයෙන් මොලය ඉදිමුණු දේශපාලුවා... මිනිහා මුලින්ම මිනිහෙක්ව වෙඩිතියලා මැරුවා. ඊට පස්සේ මිනීමරු අමරකීර්ති සහ ඩ්‍රයිවර් පිස්තෝලයත් අමෝරාගෙන පැනලා යනවා. අන්තිමට නගරයේ මිනිසුන් ඔවුන්ව අල්ලගෙන " සම්බෝල" කරනවා. ඒ මිනිසුන් මේ ශාපලත් රටේ මිනිස්සුන්ට හොඳ ආදර්ශයක් දුන්නා. (හොඳ හෝ නරක) ඒ තමයි දූෂිත දේශපාලුවන්ට අනුකම්පා කරන්න එපා. ලැබෙන පළමු අවස්ථාවේදීම ඔවුන්ව "සම්බෝල" කරන්න. ඔබට පව් නැත..! ඔබත් හෙට දිනයේ මේ ආදර්ශය පිළිපදින උතුම් වූ රටවැසියෙක් වන්න...
බොලාට ශෙඩ්වල ප්‍රසිද්ධියේ ඉඳන් තෙල් හොරකම් කරන අයව අල්ලන්න බැහැ... අර මහබැංකු හොරු, පාස්කු ප්‍රහාරකයෝ ගැනත් හොයන්න..