(යොහාන් භාසුර)

‘කොවිඩ්’ ආසාදිතවූ පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.

මියගිය පුද්ගලයන් අතරින් සිවුනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අනෙත් පුද්ගලයා වයස 30 ත් 59 ත් අතර පසුවූ පිරිමියෙකි.

මියගිය පුද්ගලයන් අතර පිරිමි 4 ක් සහ කාන්තාවක් වන බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියයි.