
(සුජිත් හේවාජුලිගේ)
විදේශීය සංචාරකයන් මෙරටට පැමිණීමට පෙර කළ හෝටල් වෙන් කිරීම්වලින් සියයට 45 ක් පමණ අරගල හේතුවෙන් හදිසියේම අවලංගු කරගෙන ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනී ධම්මිකා විජේසිංහ මහත්මිය ලංකාදීපයට පැවසුවාය.
එය සංචාරක කර්මාන්තයට ඉතා අහිතකර ලෙස බලපෑ බවත් ඉන්ධන, ගෑස් හිඟය සහ විදුලිය කැපීමද සංචාරකයන්ගේ පැමිණීම අඩුවීමට තවත් ප්‍රධාන හේතුවක්වූ බවත්
ඇය සඳහන් කළාය.
සංචාරකයන්ගේ පැමිණීම මේ වනවිට සියයට දහයකින් පමණ වැඩි කරගෙන ඇතැයි පැවසූ විජේසිංහ මහත්මිය මේ මාසයේ මේ දක්වා සංචාරකයන් හතළිස් දෙදහස් නව සිය විසි පහක් පැමිණ ඇතැයිද සඳහන් කළාය.
සාමාන්‍යයෙන් මේ දිනවල සතියේ දිනක පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව (සාමාන්‍ය අගය) 1533 කි. සති අන්ත දිනෙක එය 1900ක් බව ධම්මිකා විජේසිංහ මහත්මිය කීවාය.
සාමාන්‍යයෙන් අගෝස්තු මාසය මෙරටට සංචාරකයන් වැඩි වශයෙන් පැමිණෙන කාලයක් වන හෙයින් එම කාලයේදී සංචාරකයන් රටට වැඩි වශයෙන් අද්දවා ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කළ බවද අධ්‍යක්ෂ ජනරාල්වරිය පැවසුවාය.
සංචාරකයන් අද්දවා ගැනීම සඳහා මහනුවර පෙරහර ඉලක්ක කර සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ කළ බව පැවසූ විජේසිංහ මහත්මිය සංචාරකයන් ප්‍රවාහනය සඳහා ඉන්ධන සැපයීම ඇතුළු වෙනත් විවිධ පහසුකම් සැලසීමටද කටයුතු කරගෙන යන බව සඳහන් කළාය.
මේ මාසයේ වැඩිම වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ එංගලන්තයෙනි. එම සංඛ්‍යාව 8304කි.
ඊට පසු වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව 5416කි.
මෙයට අමතරව ජර්මනිය, ප්‍රංශය සහ කැනඩාව යනාදි රටවලින්ද සංචාරකයන් මෙරටට වැඩි වශයෙන් පැමිණ ඇති බව අධ්‍යක්ෂ ජනරාල්වරිය වැඩිදුරටත් සඳහන් කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරගල කරුවන් නිසා නෙවෙයි, ඉන්ධන නැතුව තියෙන කොට සංචාරකයෝ කාමරයේද ඉඳලා යන්නේ...?
උන්ව ගෙනල්ලා මෙහෙ අනාත කරන්න එපා. අපි වැටිලා ඉවරයි. දැන් ඉතිං කරන්න දෙයක් නැහැ. ආයෙත් නැගිටින්න ඕන නම් බඩගින්නේ ඉඳපල්ලා, පයින් පලයල්ලා, වගා කරපල්ලා, නිශ්පාදන කරපල්ලා, විනෝද වෙන එක නවත්තපල්ලා, හිඟා නොකා හිඟා කාපල්ලා, උඹලට මෙහෙම වෙලා මදි.
ත්‍රීවීල් කාරයන් ගෙන් බේරිලා පෙට්‍රල් ඩීසල් නැතුව චාටර් වෙලා දින 28 ඉඳලා vacation ගිහිල්ලා දුක් විඳලා නැව ත paris ආව ආයේ ජිවිතේ ට යන්නේ නෑ ලංකාවට.
අරගලකාරයින් රටත් නැතිකර ගෙන, උනුත් නැති වෙන්නයි හදන්නේ... අරගල කාරයින් මකබෑ වුණාට අපේ කිසිම කම්පාවක් නැත. ඇත්තේ සන්තෝසයකි. ඒත් රට..?
අරගල කාරයින්වෙනුවෙන් බටලන්ද ක්‍රීයාත්මක කරමු අඩුගනනේ සුද්දෝ එක බලන්නවත් එවිනේද?
මෙයාල අරගල කරන්නේ ඔන්න ඕක බලාගෙන. ලංකාව ට කෙළවෙන එක බලල සතුටු වෙනව. පෙරෙට්ටො ජෙප්පොන්ගේ කාලකණ්ණි අරමුණ පැහැදිලි යි.
සංචාරකයන් පැමිණීම අඩු වෙලා තියෙන්නෙ අරගලය හින්දා නෙමෙයි ආර්ථික අර්බුදයේ හින්දා. ශ්‍රී ලංකාවේ සියලුම දේශපාලනඥයන්ට තමන්ගේ බලය සඳහා සටන් කරනවා අරගලය ලෙස හැඳින්වූයේ ඒකද කියලයි මට දැනගන්න අවශ්‍ය.
සංවර්ධන අධිකාරියේ සභාපතිනී හිතන්නේ අරගලය නොතිබුනානම් ඉන්ධන, ගෑස් විදුලිය නැති රටකට හෝ ගාලා සංචාරකයන්ගේ පැමිණීම වෙයි කියල... අරබුදය මොකද්ද කියල නොතේරෙන, එකේන් වෙන ප්‍රතිපලය ප්‍රශ්නය කියල හිතන මේ අමන වන්දිබට්ට නිලදාරීන් තමයි මේ රට පල්ලට අරන් .යන්නේ.
එතකොට මේ එන සංචාරකයෝ රට පුර යන්නේ පුස් බයිසිකල් වලින්ද ? නැත්නම් වැඩිපුර දවස් වෙන්කරගෙන ඉන්නේ ඕනෙද තෙල් පෝලිම් වල ඉන්න . බහුතරයක් සංචරකොයෝ කැමැති නැහැ වැන් වලින් දක්කනවට , ඒ ගොල්ලෝ කැමති බයික් එකක් ත්‍රිවිල් එකක අරන් රට පුර නිදහසේ සංචාරය කරන්න . අඩුම ගානේ සංචාරකයන්ට වෙනම තෙල් ගහගන්න තැනක් වත් පිළියෙළ කරන්න අපේ සංචරක මණ්ඩලයෙන් මේ දක්වා වැඩපිළිවෙලක් හදල තියනවද ?
" සැම තැන අඬදබර දස දෙසින් ඇසේ ... ජනතා දුකට පිහිටක් ඇති දෙනෙත් වැසේ ... පීඩිත දනන් දහදුක් මැද නිතර වෙසේ ... මෙවන් රටක සුද්දන් විත් හිඳිනු කෙසේ ... "
ලංකාවේ ඉන්න එක රටේ මිනිස්සුන්ට එපා වෙලා තියෙද්දී සංචර්කයෝ එයිද
අරගල හින්දා නෙමෙ හොටෙල් බුකින් cancel කරන්නෙ... දුර හොටෙල් බුක් කරපූවාට යන්න වාහන නැහැ නැත්නම් අසාමාන්‍ය ගනන්. මතකනෙ යාපනයට යන්න කැට් එකක් 70000 යි, ඉන්දියාවට ticket එකක් 70000... එකයි හෙතුව බුකින් cancel කරන්න...
මේ පිස්සන්කොටුවකට එන්න සුද්දන්ට පිස්සුය. ඒකෙන් කෙළවුණේ ටුවරිස්ට් ෆීල්ඩ් එකෙන් ජීවත් වෙන දරුපවුල් රකින අපිට. අරගලේට කන්න දෙනවනේ පිනට.
වහල්ලු තවමත් ඉන්නවා.
ඒ කියන්නේ තෙල්, ගෑස්, කරන්ට් එක නැත්තේ අරගලේ වරදින්ද?