(අංජුල මහික වීරරත්න )
සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් එක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලිඛිත ආරාධනයක් කර තිබෙි.
ආර්ථික හා සමාජයීය ස්ථාවරත්වය ඇති කිරීම සඳහා වන ජාතික සර්ව පාක්ෂික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරිම සඳහා එකතු වන්නැයි එම ආරාධනයේ සඳහන් වෙි.
ජාතික වගකීම ඉටු කිරීම සඳහා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටු ක්‍රමය නැවත හඳුන්වාදීම ඇතුලු ඉදිරි පියවර පිළිබඳව පුළුල් සංවාදයක් ගොඩනැගීමට අදහස් කරන අතර, ඒ සඳහා මන්ත්‍රීවරුන්ගේ සහ පක්ෂවල එකඟතාවය කඩිනමින් දැනුම් දෙන ලෙසද ජනාධිපතිවරයා ඉල්ලා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාව වෙනුවෙන් කැපවූ තරුණයින්ට පහර දී අත්අඩංගුවට ගන්න.. හොර, මැර, දූෂිත රාජපක්‍ෂ කල්ලිය රකින මහබැංකු හොරුන් සමගද?
සියලුම පක්ෂ නායකයින් සමග පොදු වැඩපිළිවෙළකට එකඟත්වයක් ඇතිකරගන්න. එසේ නැතුව සුපුරුදු දේශපාලන සූදූව මේ රට බංකොළොත් වෙලා තියෙන වෙලාවේ නොකර ඉන්න.
ඉදිරි වැඩපිළිවෙළ ජනතාවට ඉදිරිපත් කරන්න... අනතුරුව සර්ව පාක්ෂික එකඟතාව ලබාගන්න. වැඩපිළිවෙළක් නැතිව හිස් ගමනක් යාමෙන් රට තවත් ප්‍රපාතයට දවසින් දවස යන බවයි පේන්න තියෙන්නේ.
ඉස්සරවෙලා ඔය පින් ජනපතිකමෙන් ඉල්ලා අස්වෙන්න.. එතකොට හැමෝම එකතුවෙයි.
හොරු සමග වාසේ සදහා එක්වන්න.
සර්වපාක්ෂික ආණ්ඩුවකින් වෙන්නේ දේශපාලකයෝ කවුරුත් බෙදාගෙන කෑමයි. විරුද්දපක්ෂයක් නැතිවෙයි. විරුද්ධ පක්ෂය වෙන්නේ අරගල කරුවන්.
බොරුවැඩ නොකර ඡන්දයක් තිබ්බා නම් නේද හොඳ...?