(සුජිත් හේවාජුලිගේ )
විශේෂඥ වෛද්‍ය පුහුණුව සඳහා වෛද්‍ය නිලධාරීන් විදෙස් රටවලට යැවීම තාවකාලිකව නතර කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.
විදේශ විනිමය අර්බුදය නිසා ඔවුන්ට ගෙවීමට විදේශ මුදල් නොමැති වීම නිසා මෙම තීරණයට එළඹුණු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනයේ අධ්‍යක්ෂවරයාට ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇත.
මේ තීරණයෙන් ඉදිරියේදී සෞඛ්‍ය සේවය බරපතළ අර්බුදයක් කරා යොමුවිය හැකි බව සෞඛ්‍ය සේවයේ නිලධාරීහු පෙන්වා දෙති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කඩේ ගිහින් අන්තිමට රට බංකොළොත් කරගත්තා ඔන්න. ඒවායේ ප්‍රතිඵල දැන් පේනවද?
කෝ අර පොහොර විශේෂඥයා..? එයා හිතන් හිටියේ සියලුම විෂයන්ට විශේෂඥයෙක් කියලා. රටේ ගොයියෝ ඔක්කොම අනාථ කරලා දැම්මා. දැන්වත් ඔය මෝඩකම්වලට දන්න කෙනෙක්ගෙන් බෙහෙත් ටිකක් ගන්න.
මේ ගොල්ලන්ට ලංකාවේ පුහුණුව දෙන්න ජාත්‍යන්තර පිළිගැනීමට අනුකූලව... රටේ සල්ලි විනාශ නොකර...!
මේ තමයි පහුගිය වසර 25 ක් තුළ මාරුවෙන් මාරුවට රට කරපු රනිල් සීයාගේ සහ මහින්ද සීයාගේ හැකියාවෙන් ජනතාවට ලැබෙන තෑගි, ඉස්සරහට තව හුඟක් ලැබෙයි..
ඉතාම අගය කළයුතු ජාතිදේශි ක්‍රියාව. අපි සිංහල බෞද්ධයෝ, ඔය අධිරාජ්‍යවාදී පර සුද්දෝ මොනවා උගන්නන්ද අපිට...? අපේ 2500 ඉතිහාසයෙන් ඉගෙන ගත්තාම මදිද?..
ඔවුන්ගේ අතිවිශේෂ පුහුණුවෙන් ඇති වැඩක් නෑ.. දැක්කනේ ගොවිතැනට කළ දේ...!
ආණ්ඩුවෙන් සල්ලි අරන් ට්‍රේනින් ගිහින් මිනිස්සුන්ගෙන් ගිනි ගණන් ගන්නවා. නැතිනම් යන රටේම නවතිනවා. 225 විතරක් නෙවෙයි.., මේ අයටත් හෙණ ඉල්ලන්න ඕනෑ...
අපි දැනගෙන හිටියේ නෑ ජනතාවගේ බදුමුදල් වලින් ඉගෙනගෙන ඇවිත් පුද්ගලික කරලා සල්ලි හම්බ කරනවා... වහාම මේ වියදම් නවත්තනු..
මේ පොහොර විශේෂඥයා නිසා දොස්තර මහත්වරුන්ට තිබුණ ගෞරවයත් තරමක් දුරට පිහිවුණා. ඇඟිල්ලෙ තරමට ඉඳිමෙන්න ඕන කියන්න එක එයා දැන්වත් ඉගෙන ඉන්නවද දන්නේ නෑ. ලෝකය පිළිගත්ත කෘෂිකර්ම විශේෂඥයෝ මේ රටේ ඉන්දැද්දි මේ වගේ අය ඉදිරියට ඇවිත් කරපු නොමනා වැඩ නිසා ගොවියෝ අනාථ වුණා. මිනිස්සු බඩගින්නෙ.
අනිවර්‍රයෙන්ම ලංකාවෙ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පටන් ගත යුතුය. නමුත් එය ප්‍රමිතියකට තිබිය යුතුය.
දැන් ඉතින් අපිටත් ප්‍රතිකාර සඳහා සිංගප්පූරු යන්න වෙයි.
ඉන්දියාව වෛද්‍ය පුහුණුව සඳහා ලංකාවේ වෛද්‍යවරු යැවීමට ඉතාම හොඳ රටක්... ඒ මගින් ලංකාවේ ඩොලර් ඉතිරිකරගන්නත් පුළුවන්. ඉන්දියාවේ වෛද්‍ය ක්ෂේත්‍රය ඉතාමත් හොඳයි. ඒ වගේම වෛද්‍යවරුත් ඉතාම දක්ෂයි. ලංකාවේ ගොඩක් අය අසනීප වලට ප්‍රතිකාර ගැනීමට ඉන්දියාවට යනවා.