
(ඩයනා උදයංගනී)
කොළඹ නාගරික බල ප්‍රදේශයේ පෙර පාසල් සහ දිවා සුරකුම් මධ්‍යස්ථානවල දරුවන්ට පෝෂ්‍යදායී දිවා ආහාර වේලක් ලබා දීමේ වැඩසටහනක් අද ආරම්භ කෙරිණි.
කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මියගේ ඉල්ලිමකට අනුව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) සංවිධානය මේ සඳහා සහයෝගය දක්වා තිබේ.
කොළඹ මහ නගර සභාවේ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන 12ක , ආධාරලාභී පෙරපාසල් 25 ක සහ දිවා සුරකුම් මධ්‍යස්ථාන 4 ක සිටින ළමුන් 1200 ආවරණය වන පරිදි මාස හයක කාලයක් මෙසේ ආහාර වේලක් ලබාදීමට නියමිතය.
එක් දරුවෙකු සඳහා දිනකට රුපියල්100ක වියදමින් මෙම ආහාරය ලබාදෙන අතර, ස්ටැන්ලි ජෑන්ස් පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයේ දී මෙම වැඩසටහන ආරම්භ කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොළඹට කිරි... ගමට කැකිරි කට කහනවට නොවේ.. මේ ආහාර දිය යුත්තේ ගමේ අසරණ දුගී, දුප්පත් සිසුන්ට මිස කොළඹ සිටින පොහොසත් දරුවන්ට නෙවෙයි...
හැබැයි රෝසි ඇන්ටි ගියාම කියනව එහෙම නෙවෙයි..." කොත්තුත් මේකට එකතුවුනානම් " උම්මා .... කියල..!!
ලංකාවේ කළොත් ඉතින් මේ වගේ වැඩක් තමයි.
කොළඹට කිරි අපිට කැකිරි... අනෙක් ග්‍රාමීය, දූෂ්කර පළාත්වලට වුණත් කරුණාකර මෙය ක්‍රියාත්මක කරවන්න..
කොළඹ කිව්වට දැන් අන්ත අසරන වෙලා ඉන්නෙ ඒ මිනිස්සු, ගමෙ අයට ගහක් කොලක් හරි තියනව, කොළඹ දුප්පත් ජනතාවට කන්නත් නෑ, මෙ වගෙ දේකට ගරහන්න එපා, ඒ දරුවො වෙලක් කුස ගින්න නිවා ගන්න එකට ගරු කරන්න බැරි මිනිස්සු ඉන්නෙ.