(අංජුල මහික වීරරත්න)
ඉන්දීය රජය දුන් යුරියා පොහොර වලින් සියයට 90ක් බෙදා අවසන් කරන බව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව යුරියා පොහොර මෙට්‍රික් ටොන් 23,254.89ක් ගොවීන් 490,515ක් අතර බෙදාහැර තිබූ බවත් ඔවුන් විසින් වී වගා කරන ලද සම්පූර්ණ හෙක්ටෙයර් ප්‍රමාණ 304,734.08ක් බවත් කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
ඉන්දීය රජය විසින් ලබාදීමට නියමිතව තිබූ මෙට්‍රික් ටොන් 65,000න් පළමු තොගය වශයෙන් මෙට්‍රික් ටොන් 41,000ක් ලැබී තිබු අතර ඉතිරි යුරියා මෙට්‍රික් ටොන් 24000 ඉදිරි කාලයේ ලැබීමට නියමිත බවද අමාත්‍යාංශය සඳහන් කළේය.
මෙම යුරියා පොහොර වලින් මෙට්‍රික් ටොන් 15,000ක් තේ වගාවටත් මෙට්‍රික් ටොන් 40,000ක් වී වගාවටත් මෙට්‍රික් ටොන් 10,000ක් බඩ ඉරිගු වගාවටත් වෙන් කර ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd