හිරුණිකා ජනාධිපති මන්දිරය ඉදිරිපිට විරෝධයක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කොටුව ජනාධිපති මන්දිරයේ පිවිසුම් දොරටුව අසල විරෝධතාවක් ආරම්භ කර ඇත. 06 July 2022
‘‘අතීතය පාරන්නේ නැතිව වළෙන් ගොඩ යන්න බලමු‘‘ අර්බුදකාරී අවස්ථාවේ සියලු දෙනාගේම වගකීම සහ යුතුකම වන්නේ අතීතය පාරමින් සිටීම නොව අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ශක්ති ප්‍රමාණයෙන් සහය වීම බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (6) පැවසීය. 06 July 2022
අනවසරින් රටින් පිටවෙන්න ගිය තවත් 53ක් අත්අඩංගුවට නීති විරෝධීව මුහුදු මාර්ගයෙන් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන ජාවාරම්කරුවන් දෙදෙනෙක් සමඟ පුද්ගලයන් 53 ක් ත්‍රිකුණාමලය සහ මන්නාර ප්‍රදේශවලින් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පැවසීය. 06 July 2022
කාර්යාල දුම්රියන් 26ක් ධාවනය නොවෙයි සියලු කාර්යාල දුම්රියන් අද දිනයේ ධාවනය කළ නොහැකි බව නියෝජය දුම්රිය සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනෙවිරත්න මහතා පවසයි. 06 July 2022
රටපුරා තැන තැන වැසි වාර කිහිපයක් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (6) වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 06 July 2022
චීනය සඳ අයිති කරගන්න හදනවා චීනය ඔවුන්ගේ හමුදා අභ්‍යවකාශ වැඩසටහනක් යටතේ සඳ අයිති කර ගැනීමට උත්සාහ ගන්නවා යැයි ඇමෙරිකා ‘ජාතික ගගන විද්‍යාව සහ අභ්‍යවකාශ පරිපාලනය’ හෙවත් ‘නාසා’ ආයතනයේ ප්‍රධානී බිල් නෙල්සන් චෝදනා නගයි. 06 July 2022
බ්‍රිතාන්‍යයේ මුදල් ඇමැති සෞඛ්‍ය ඇමැති ඉල්ලා අස්වෙති බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ රජය අර්බුදයකට ඇද දමමින්, එරට මුදල් අමාත්‍ය (චාන්සලර්) රිෂී සුනාක් සහ සෞඛ්‍ය අමාත්‍ය (සෞඛ්‍ය ලේකම්) සජීද් ජාවඩ් ඉල්ලා අස්වූහ. 06 July 2022
දුම්රිය ස්ථානාධිපති වැඩවර්ජනය අත්හිටුවයි දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (5) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ පැය 24ක වැඩවර්ජනය අත්හිටවූ බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර මහතා පැවසීය. 05 July 2022
දුම්රිය ස්ථානාධිපතිවරු පැය 24 ක් වර්ජනයේ දුම්රිය ස්ථානාධිපතිවරු අද (5) මධ්‍යම රාත්‍රීයේ සිට පැය 24 ක කාලයකට සියලුම සේවාවලින් ඉවත් වන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර මහතා අද රාත්‍රී පැවසීය. 05 July 2022
සෙල්ලම් කාරයක් ඉන්ධන පෝලිමේ ත්‍රිකුණාමල ලිංගනගර් අයි.ඕ.සි.ඉන්දනහල අසල පෝලිමට සෙල්ලම් කාරයක් ද අද පැමිණ තිබුණි. 05 July 2022
සර්ව පාක්ෂික ආණ්ඩුවකට පෙළ ගැසෙති සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට අදාළ වැඩපිළිවෙළක් සකස් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විපක්ෂයේ පක්ෂ රැසක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (05) පස්වරුවේ රැස් වී ඇත. 05 July 2022
මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ඉවත් කරන්නැයි ඉල්ලයි මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා එම ධුරයෙන් ඉවත්කරන්නැයි මන්ත්‍රීවරුන් පිරිසක් පෙරේදා (04) පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී ඉල්ලීමක් කර ඇත. 05 July 2022
ආයෙත් කොරෝනා අවදානමක් කොවිඩ් රෝගය යළිත් මතුවීමේ අවදානමක් උද්ගතව ඇති බැවින් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා හතරම ලබාගැනීම වැදගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය. 05 July 2022
එන්ජින් රියැදුරෝ කොටසකුත් වැඩවර්ජනයට එක්වෙති දුම්රිය ධාවනාගාර සේවකයන් සහ නියාමකයන් ක්‍රියාත්මක කරන වැඩවර්ජනයට දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ කොටසක් අද (5) මධ්‍යම රාත්‍රීයේ සිට එකතු වන බව දුම්රිය නඟාසිටුවීමේ වෘත්තීය සමිතියේ කැඳවුකරු ඉන්දික දොඩන්ගොඩ මහතා අද රාත්‍රී පැවසීය. 05 July 2022
විභාග කාලසටහන මැතිසබේදී ප්‍රකාශයට අපොස උසස් පෙළ, අපොස සාමාන්‍ය පෙළ සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන දින වකවානු අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (5) ප්‍රකාශයට පත් කළේය. 05 July 2022
මැතිසබේ විහිලු කතා සෙල්ලම දෙවියන්ගේ නාමයෙන් නවත්වන්න ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර සොයනවා වෙනුවට විවිධ විහිළු කතා සපයමින් මැතිසබයේ කරන සෙල්ලම වහාම නැවැත්විය යුතු බව දෙවියන්ගේ නාමයෙන් ඉල්ලා සිටින්නේ යැයි රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවැසීය. 05 July 2022
රට ගොඩගන්න තියෙන ලොකුම බාධාව රාජපක්ෂ පවුලයි පවතින අවාසනාවන්ත තත්වයෙන් රට මුදා ගැනීමට ඇති ලොකුම බාධාව රාජපක්ෂ පවුල තවදුරටත් බලයේ රැඳීසිටීම බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. 05 July 2022
දුම්රිය නියාමකයන් මධ්‍යම රාත්‍රීයේ සිට වර්ජනයේ දුම්රිය නියාමකයන් අද (5) මධ්‍යම රාත්‍රීයේ සිට සේවයෙන් ඉවත් වන බව ලංකා දුම්රිය නියාමක සංගමය දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතාට අද (5) පස්වරුවේ ලිපියකින් දැනුම්දී තිබේ. 05 July 2022
තරුණයාට පහර දුන් යුද හමුදා නිලධාරිට වැඩ වරදී කුරුණෑගල, යග්ගහපිටිය ඉන්ධන පිරවුම්හලේදී පුද්ගලයකුට පහරදුන් බවට චෝදනා එල්ල වී ඇති යුද හමුදා නිලධාරියා වාහාම ක්‍රියාත්මක වන පරිදි රාජකාරිවලින් තාවකාලිකව ඉවත් කළ බව යුද හමුදාව පවසයි. 05 July 2022
දුම්රිය ගමන්වාර 140 ක් අවලංගු වීමේ අවධානමක් දෙමටගොඩ දුම්රිය අංගනයේ සේවකයන්ගේ වර්ජනය හේතුවෙන් අද පස්වරු 3.00 පමණ වන විට දුම්රිය ගමන්වාර 40 ක් පමණ අවලංගු කිරීමට සිදුවූ බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 05 July 2022
පැය 3ක විදුලි කප්පාදුව තව දින තුනකට දීර්ඝ වෙයි විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා දැනට ක්‍රියාත්මක පැය 3 ක විදුලි කප්පාදුව හෙට (6) සිට 8 වැනිදා දක්වා ඉදිරි දින තුනකට දීර්ඝ කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (5) පස්වරුවේ පැවසීය. 05 July 2022
ලංකාපුර පරිපාලන නිලධාරිනිය ඝාතනයට සැමියා අත්අඩංගුවට පොලොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යායේ පරිපාලන නිලධාරිණියක ලෙස සේවය කළ එම්.එම්.යමුනා පද්මිණී (42) මහත්මියගේ ඝාතනය සම්බන්ධයෙන් ඇගේ සැමියා සැකපිට අද අත් අඩංගුවට ගත්බව පොලීසිය කියයි. 05 July 2022
පොහොර නැවත් ප්‍රමාද වෙයි මෙරටට පැමිණීමට නියමිතව තිබූ පොහොර නෞකාව පැමිණීම ද ප්‍රමාද වී ඇතැයි කෘෂිකර්ම හා වනජීවී අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 05 July 2022
කොටුව-මරදාන-කොම්පඤ්ඤ දුම්රිය ස්ථානවල සේවකයෝ ඉවත් වෙති කොළඹ කොටුව, මරදාන සහ කොම්පඤ්ඤ වීදිය යන දුම්රිය ස්ථානවල කාර්ය මණ්ඩලය ඉවත්වීමෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්ව ඇති බව වාර්තා වේ. 05 July 2022
අනුර රනිල්ට උත්තර දෙයි ’’මම අග්‍රාමාත්‍ය ධුරය බාර ගත්තත්, රනිල් වික්‍රමසිංහ වන ඔබ අගමැති ධුරය බාරගෙන හිටියත් ඔබටත් මටත් එම පුටුවේ වාඩි වීම සඳහා ජනවරමක් නැති බව මතක තබා ගන්නැයි ජාතික ජන බලවෙිගයේ මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී අද (5)පැවසීය. 05 July 2022
භූමිතෙල් මිලත් හෙට අනිද්දාම වැඩි කරනවා භූමිතෙල් මිල හෙට අනිද්දා අනිවාර්යෙන්ම වැඩි කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය. 05 July 2022
පොලිස් ජිප්රථයක් ලෙස වර්ණ ගන්වා මත්කුඩු ඇද්ද අයෙක් දැලේ ස්කෝපියෝ වර්ගයේ ජිප් රථයක් පොලිස් ස්ථානාධිපතිවරුන් භාවිතා කරන ජීප් රථයක් ආකාරයට සකස්කර ගංජා සහ මත් කුඩු ප්‍රවාහනය කළ සැකකරුවෙකු කලුතර බෝඹුවල ප්‍රදේශයේ දී පානදුර වලාන දූෂණ මර්දන ඒකකයේ විසින් ඒකකයේ විසින් අද (5) අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය කියයි. 05 July 2022
ඕමාන තානාපති කතානායක හමුවෙයි සේවා කාලය අවසන් කර දිවයිනෙන් පිටත්ව යාමට නියමිත ඕමාන තානාපති ජුමා හම්ඩාන් හසන් අල්මලික් අල්ෂෙහි මහතා (Juma Hamdan Hassan AlMalik Alshehhi) කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (4) හමුවිය. 05 July 2022
’’තෙල් නැව් හතක් එනවා’’ තෙල් නැව් හතක් පමණ මෙරටට ඉදිරි සති කිහිපයේදි පැමිණීමට නියමිතව ඇතැයි සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවැසීය. 05 July 2022
ලිට්රෝ ගෑස් නෞකාව ප්‍රමාදයිලු ලිට්රෝ ගෑස් සමාගම ආනයනය කළ ගෑස් මෙට්‍රික්ටොන් 3,700 ක් ඇතුළත් ෙහට 6 සහ 8 දෙදින අතර කාලයේ ශ්‍රී ලංකාවට ළගාවීමට නියමිතව තිබූ ගෑස් නෞකාව ප්‍රමාද වන බව ලිට්රෝ සමාගමේ උසස් නිලධාරියෙක් පැවසීය. 05 July 2022
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025