කඳුකර කොටි රකින්න දැලක් අත්හදා බලයි මඳු හා උගුල් වලට හසුවන කඳුකර කොටින්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා වනජීවී දෙපාර්තමේන්තුව විසින් ආරක්ෂාකාරී දැලක් අත්හදා බැලීම නුවරඑළිය ගැල්වේස්ලෑන්ඩ් ජාතික වනෝද්‍යානයේ දී සිදු කෙරිණි. 25 December 2022
මහනුවරම යට වේ මහනුවර ඇතුළු මධ්‍යම පළාතේ ප්‍රදේශ රැසකට ඇද හැළුණු තද වර්ෂාව හේතුවෙන් පස් කඳු කඩාවැටීම නිසා දෙදෙනකු මියගොස් මහනුවර නගරය ඇතුළු අවට නගර හා මාර්ග රැසක් ජලයෙන් යටවී ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන කියයි. 25 December 2022
මහ වැස්ස බදුල්ල දුම්රිය නවතයි අධික වර්ෂාව හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන ගණනාවකට පස් කඳු කඩා වැටීමෙන් සහ ජලය යටවීම හේතුවෙන් අද (25 )රාත්‍රියේ ධාවනය වීමට නියමිත කොළඹ -බදුල්ල ,බදුල්ල- කොළඹ රාත්‍රී තැපැල් දුම්රිය දෙකද පෙරවරු9:45ට කොටුවෙන් බදුල්ල බලා යන දුම්රිය ද ඇතුළු දුම්රිය කිහිපයක්ම අද (25 )දින අවලංගු කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 25 December 2022
අසිරිමත් නත්තලේ දුම්රියත් නතර වේ රියදුරු සහයකයන් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් අද (25) පෙරවරුවේ ධාවනයට නියමිතව තිබූ දුම්රිය රැසක් අවලංගු කළ බව දුම්රිය දෙපාර්තුමේන්තුවේ උසස් නිළධාරියෙකු පැවසීය. 25 December 2022
දිස්ත්‍රික්ක හතරක නාය යාමේ අවදානමක් පවතින තද වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක හතරක නාය යාමේ අවදානමක් මතුව ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. 25 December 2022
නත්තලේ ඉලක්කය ගැන ජනපති ප්‍රකාශයක් මහ මැදුරටත්, දුගී පැලටත් නත්තලේ සතුට එක ලෙස ලබාදීම රජයේ ඉලක්කය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. 25 December 2022
කතෝලික රැඳවියන්ට විශේෂ අවස්ථාවක් නත්තල් දිනය වන අද (25) දිවයිනේ සියලු බන්ධනාගාරවල කතෝලික රැඳවියන්හට පමණක් අමුත්තන් පෙන්වීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු සුදානම් කර ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා පැවසීය. 25 December 2022
කාලගුණයෙන් රතු නිවේදනයක් නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය දිවයින හරහා ගමන් කරමින් පවතින අතර ඒ හේතුවෙන් බොහෝ ප්‍රදේශවල තද වැසි හා සුළං ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 25 December 2022
රැජින නැති නිසා මෙවර නත්තල් පණිවුඩය රජුගෙන් මෙවර නත්තල් පණිවුඩය ඉදිරිපත් කරමින්, බ්‍රිතාන්‍යයේ තුන්වැනි චාල් රජු සිය මෑණියන් වූ දෙවැනි එලිසබත් මහ රැජින ද සිහිපත් කළේය. 25 December 2022
අසරණ සරණ අගමැති නත්තල වෙනුවෙන් ලොව පුරා සිටින බ්‍රිතාන්‍ය රාජ්‍ය තාන්ත්‍රිකයන්ට, හමුදා නිලධාරීන්ට, පුණ්‍යායතන සේවකයන් මෙන්ම අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ට ද දුරකතන ඇමැතුම් දෙමින් පෞද්ගලිකව සුබ පැතුවේය. 25 December 2022
සුබ නත්තලක් වේවා ලොව පුරා කිතුනු බැතිමතුන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරන තවත් අසිරිමත් නත්තල මිට සුළු වේලාවකට පෙර උදාවිය. 24 December 2022
සිරකරුවන් 309 කට නිදහස නත්තල් උත්සවය වෙනුවෙන් විශේෂ ජනාධිපති සමාව යටතේ සිරකරුවන් 309 ක් හෙට (25) දිනයේ නිදහස ලබන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් චන්දන ඒකනායක මහතා පැවසීය. 24 December 2022
හොරුන්ට දඬුවම් දෙන හැටි ජජබ කියයි ඉදිරියේ දී ජාතික ජනබලවේගය ජනතාවාදී ආණ්ඩුවක් හදනවා. එම පාලනයේ දී මේ රටේ ජාතික ධනය සොරකම් කරන ලද දූෂිතයන් සියල්ලන්ටම අනිවාර්යයෙන්ම දඬුවම් කරනවා යැයි ජවිපෙ ප්රචාරක ලේකම් ටිල්වින් සිල්වා මීගහතැන්න මොරගල දී පැවසීය. 24 December 2022
පැරිසියේ වෙඩි තැබීමක් ප්‍රංශයේ පැරිස් අගනුවර සිදුවුණු වෙඩි තැබීමකින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි තැබීම කළේ 69 හැවිරිදි අයෙකි. 24 December 2022
දරුවා පැහැර ගැනීමට දෙකක් රිමාන්ඩ් එප්පාවල කිරලෝගම, ගැටදිවුල 09 හැවිරිදි පිරිමි දරුවා පැහැර ගෙන යාමේ සිද්ධියට සම්බන්ධ විදුලි කාර්මික ශිල්පියා හා ඔහුට සැගවීමට උපකාර කළ රිකිල්ලගස්කඩ නගර සභාවේ රියදුරා ජනවාරි මස 04 වැනි දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි තඹුත්තගෙම මහේස්ත්‍රාත් එම්.එල් නුවන් කෞෂල්‍ය මහතා නියෝග කළේය. 24 December 2022
කාලගුණය හෙට ගැන අවධානමෙන් නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය හෙට (25) දිවයින හරහා ගමන් කිරීමේ හැකියාවක් පවතින අතර ඒ හේතුවෙන් හෙට (25) සහ අනිද්දා (26) දිනවල බොහෝ ප්‍රදේශවල තද වැසි හා සුළං ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 24 December 2022
පැල් රකිමින් සිටි අඹුසැමි යුවළ වල්අලි පහරින් මරුට සිය කුඹුරේ පැල් රකිමින් සිටියදී වල් අලියෙකු පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ අඹුසැමි යුවළක් වව්නියාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අද(24) අළුයම මියගොස් ඇතැයි කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලීසිය පවසයි. 24 December 2022
ඇමෙරිකාවේ හිම කුණාටුවෙන් සති අගදී 12 ක් මියගිහින් ඇමෙරිකාවට බලපෑ හිම කුණාටුව හේතුවෙන් සති අන්තයේදී අවම වශයෙන් 12 දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 24 December 2022
එප්පාවලින් අතුරුදහන් දරුවා රිකිල්ලගස්කඩින් හමු වේ එප්පාවලින් අතුරුදහන් වූ දරුවා රිකිල්ලගස්කඩ ජෙනිසන් වතුයායේ නිවෙසක සිටියදී අද අලුයම අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 24 December 2022
වාද්දූවේ නුල් කර්මාන්ත ශාලාව ගින්නට බිලි වාද්දුව මොරොන්තුඩුව පාරේ මැලැගම ප්‍රදේශයේ නූල් කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන ඇතැයි වාද්දුව පොලිසිය පවසයි . 24 December 2022
බිල් නොගෙවූ 2000කට නඩු ජල බිල්පත් ගෙවීම පැහැර හැරි බව කියන ජල පාරිභෝගිකයන් 2000 කට වැඩි පිරිසකට නඩු පැවරීම සඳහා අදාළ ලිපිගොනු නීතිපති දෙපාර්තමේන්තුවට යවා ඇතැයි ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. 24 December 2022
ඡන්ද පෙට්ටි දාහක් ’’රෙපයාර්’’ කරයි කැඩී බිඳී ගොස් තිබූ දැවමය ඡන්ද පෙට්ටි දහසකට වැඩි ප්‍රමාණයක් අලුත්වැඩියාව සඳහා රජයේ කර්මාන්ත ශාලාවට පසුගියදා බාර දුන් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. 24 December 2022
බිල් ගේට්ස් ලබන වසරේ ලංකාවට ජාත්‍යන්තර පුනර්ජනනීය බලශක්ති සමුළුවක් ලබන වසරේ මැද භාගයේදී පැවැත්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමු තිබේ. 24 December 2022
මත්තලට වැය කළ මුදල් වතුරේ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ වියදම (මෙහෙයුම් පිරිවැය ) රුපියල් කෝටි 200 ඉක්මවා ඇතත් එම වියදම ආදායමට වඩා විසි ගුණයකින් පමණ වැඩි බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ එහි අලුත්ම වාර්තාවේ සඳහන් වේ. 24 December 2022
ජැෆ්නා කිංග්ස් තෙවැනි වරටත් ශූරතාව දිනයි ජැෆ්නා කිංග්ස් පිල ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ (2022) ශූරතාව දිනාගැනීමට අද (23) රාත්‍රී සමත් විය. කලම්බෝ ස්ටාර්ස් පිලට අනු ශූරතාව හිමිවිය. 23 December 2022
ඇල්පිටියේ වෙඩි තැබිමකින් තරුණයෙක් තුවාල ලබයි ඇල්පිටිය යක්කටුව ප්‍රදේශයේ තරුණයකු වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලබා ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ගාල්ල කරාපිටිය රෝහල වෙත පිටත් කර යැවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි. 23 December 2022
මේ මාසයේ චීනයේ කෝටි 20කට කොරෝනා මෙම මාසයේ පළමු දින 20 තුළ චීන ජාතිකයන් මිලියන 248 කට එසේත් නැතිනම් ජනගහණයෙන් සියයට 18 කට කොවිඩ් රෝගය අසාදනය වී ඇතැයි විශ්වාස කළ හැකි බව චීනයේ ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාවේ අභ්‍යන්තර රැස්වීම් වර්තාවක සටහන් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. 23 December 2022
ලයිසන් කාර්යාලය ළඟ සිටි කපුටන් 22ක් අල්ලයි නාරහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට පැමිණෙන පුද්ගලයන් රවටා ඔවුන්ගේ මුදල් සහ වැදගත් ලිපි ලේඛන සූක්ෂම අයුරින් රැගෙන පලායන සංවිධානාත්මක කල්ලියකට අයත් සාමාජිකයන් 22ක් අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි. 23 December 2022
බොරලැස්ගමුවේ අමුතු සාදයක් වටලයි මුදලට ගත් සුරූපී නළඟනන් සිවුදෙනකු සමග මත්ද්‍රව්‍ය සාදයක් පැවැත්වූ පුද්ගලයන් පස් දෙනකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි. 23 December 2022
මත් රකුසා ළමා පරපුර බිලි අරන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා කියන එක බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ පමණක් නොව පාසල්වලත් අද වන විට සිදු වෙන බව බෞද්ධ හා පාලි විශ්ව විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය නෙලුවේ සුමනවංශ හිමියෝ පැවැසූහ. 23 December 2022
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026