IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පුංචි මල්ලි රැකගත් අක්කාගේ ආදරේ

තුර්කිය සහ සිරියාව කැලැඹූ භූමි කම්පාවලින් විපතට පත් වී, බිමට සමතලා වුණු නිවාසවල සුන්බුන් අතරේ සිරවුණු දරු දැරියන් මුදා ගන්නා හද කම්පා කරවන දසුන් විදෙස් මාධ්‍ය ඔස්සේත් සමාජ මාධ්‍ය ඔස්සේත් ප්‍රසිද්ධියට පත් වෙමින් තිබේ.

එවැනි එක් වීඩියෝවකින් දකින්න ලැබෙන්නේ සුන්බුන් අතරේ සිරවී සිටින 7 හැවිරිදි සිරියානු දැරියක, ඇගේ කුඩා සොහොයුරා සුන්බුන්වලින් ආරක්ෂා කර ගනිමින් ඔහු තුරුලු කරගෙන සිටින අයුරුය.

දැරිය සහ ඇගේ සොහොයුරා වීඩියෝ කර ඇත්තේ ඔවුන් මුදා ගැනීමට ආ දිවි ගලවා ගැනීමේ කණ්ඩායමය.

සමාජ මාධ්‍ය ඔස්සේ මෙම වීඩියෝව බොහෝ දෙනකු මේ වනවිට share කර අවසන්ය.

ඒ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් ද සිටී.

මේ නිර්භීත දැරියට මාගේ හද පිරි ප්‍රණාමය යැයි සිය ටිවිටර් ගිණුම ඔස්සේ ටෙඩ්‍රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් පවසා තිබේ.

(එන්.ඩී.ටීවී.)



අදහස් (4)

පුංචි මල්ලි රැකගත් අක්කාගේ ආදරේ

මහේෂ් Thursday, 09 February 2023 12:18 PM

ඇස්වලට කඳුළු ආවා ඒක දැක්කාම...

:       0       0

sharm warn Thursday, 09 February 2023 12:39 PM

අනේ මේ ලස්සන සුරංගනාවිටයි, එයාගේ දේවදූතයෙක් වගේ මල්ලිටයි.., ජීවිතය බේරාගන්න ලැබේවා කියලා දෙවියන්ගෙන් ඉල්ලනවා. දුවේ ඔයාගේ ශක්තියට අපි ගරු කරනවා.

:       0       0

SUNIL MILANO Thursday, 09 February 2023 03:22 PM

නුඹලාට බුදුසරණයි දුවේ... හරිම කණගාටුයි. ඒත් මොනවද කරන්නේ? බුදුසරණ පතනවා හැර... මෙහි උදව්වට සිටින සියලුම දෙනාට තෙරුවන් සරණයි...!

:       0       0

Bimal aravinda Friday, 10 February 2023 08:34 AM

විටෙක අයටත් සිතෙන්නට ඇති එක බඩවැල කඩාගෙන මාගේ සහෝදරයා රැකගන්න .විටෙක ඇයට සිතෙන්නට ඇති මගේ සහෝදරයාගේ ආරක්ෂකයා වෙන්න. විටෙක ඇයට සිතෙන්නට ඇති වේදනාකාරී බව සහෝදරයාට නොදෙන්න. විටෙක ඇයට සිතෙන්නට ඇති මම නුඹේ මව මෙන් නුඹ රැකගන්න .කෙසේ නමුදු අප දරුවනේ, නුඹලාට උණ විපත ගැන ඔබලාට සහය වන්නට එන්න විදිහක් නැතත් හදවතින්ම කම්පා වෙමි.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 308 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site