IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


සරසවි සිසු පා ගමනක් පුරහල දෙසට

(ළහිරු හර්ෂණ)

ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් කොළඹ විශ්ව විද්‍යාල සිසුහු පිරිසක් කොළඹ  විශ්ව විද්‍යාල ඉදිරිපිටින් ආරම්භ වී කොළඹ පුරහල දෙසට ගමන් කරති.

මාස ගනක් ප්‍රමාද කළ මහපොළ ලබාදෙන ලෙසත්, වැඩි කළ නේවාසික ගාස්තු අඩු කරන ලෙස හා නේවාසික පහසුකම් පුළුල් කරන ලෙස ඉල්ලා මෙම පාගමන ආරම්භ කර ඇත.

කොළඹ විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමය සංවිධානය කළ පා ගමන කුමාරතුංග මුනිදාස මාර්ගය හරහා ඉදිරිපයට ඇදෙන බව අප වාර්තා කරුවෝ පවසති.

 



අදහස් (9)

සරසවි සිසු පා ගමනක් පුරහල දෙසට

පිටිගල මිලානෝ Thursday, 09 February 2023 01:26 PM

අරගලයට ජයවේවා….!

:       13       6

Banda Thursday, 09 February 2023 01:26 PM

හැමදාම පාරේ ඉන්නේ නැතුව සංචාරකයෝ ටිකක් රටට ගෙන්වාගන්න උත්සහයක් දරන්න. තම දැනුම පාවිච්චි කරලා යමක් උපයන්න. අලුත් විදියට හිතන්න බැරි නම් පාරෙම තමයි හැමදාම. හිඟන්නොත් පාරෙම ඉන්නේ නැති බැරිකම කියලනේ. උගත්කම හිගඟමනට දාන්නේ නැතුව අභිමානයක් හදාගන්න. සමෘද්ධි කාරයෝ වෙන්න එපා අනුන්ගෙන් යැපෙන. ඕකෙන් එලියට එනකම් ඒක තේරෙන්නේ නෑ අපිටත් උනා වගේ.

:       7       15

fairoosThursday, 09 February 2023 05:08 PM

ඇනේ අපේ මිනිස්සුන්ට මෙ කාලකන්නි ආන්ඩුව හොදවෙලා තියන තරම..රට නැත්තට නැති කරපු 69 ලක්ශයෙ අය තාමත් ඉන්නවනෙ අම්මප.

:       0       0

saliya Thursday, 09 February 2023 01:32 PM

පහසුකම් වැඩි කරන්න​.. හැබැයි ඕකට​ ආදායම් බදු නොගහා, අච්චු ගහලා සල්ලි හොයා ගන්නත් ඕන​.

:       1       7

Citizen Thursday, 09 February 2023 02:10 PM

විශ්වවිද්‍යාල අධ්‍යාපනය නොමිලේ දෙන්න එපා. එයාලට ණයක් දෙන්න එතකොට වැඩ කරනකොට ගෙවන්න වෙනවා. එතකොට මුන්ට මේවා කරන්න වෙලාවක් නෑ. ඔවුන් අධ්‍යාපනය අගය කරනු ඇත

:       1       8

Ruhunu Thursday, 09 February 2023 03:14 PM

කාලකන්නිටක හැමදාම පාරෙ. අර පොඩි එකා පෑගිල මැරෙනව ඔයපාර

:       2       4

tissa Thursday, 09 February 2023 03:36 PM

ඕක තමයි කියන්නේ කාට කාටත් බදු ගෙවන්ට කියලා. ඔය කිසි දෙයක් "නොමිලේ" ලැබෙන දේවල් නොවේ.

:       1       5

Bamunuarachchi Friday, 10 February 2023 07:18 AM

මුන්ගේ ඉල්ලීම්වලින් අන්තිමට නොකියා කියන්න ජෙප්පන්ට බලය දෙන්න කියලා.

:       0       1

Bamunuarachchi Saturday, 11 February 2023 05:26 PM

මොවුන්ට නිල් පාට කමිස සපයන්නේ කවුද? අර කොටත් විශ්වවිද්‍යාල ගොයියෙක්ද? බලාගෙන පෑගිලා මැරෙයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 308 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site