IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මැතිවරණ කොමිසම ගැන හොයන්න තේරීම් කාරක සභාවක් පත්කරන්න

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ කාර්ය භාරය පිළිබඳව සොයා බැලීම සඳහා වහාම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස ඉල්ලා මන්ත්‍රීවරුන් 14 දෙනකුගේ අත්සනින් යුතුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ලිපියක් බාරදී ඇත.

මැතිවරණ කොමිසමේ යම් කටයුතු හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩ වී ඇති බවත් එම කරුණ පාදක කර ගනිමින් තේරීම් කාරක සභාවක් පත් කරන ලෙසත් ඉල්ලා පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් කතානායකවරයා වෙත මෙම ලිපිය යොමු කර තිබේ.

2020 දෙසැම්බර් 3 වන දින සාමාජිකයින් පස් දෙනෙකුගෙන් සමන්විත මැතිවරණ කොමිෂන් සභාව පත් කිරීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1048 (3) වගන්තිය යටතේ මැතිවරණ කොමිසමට පාර්ලිමේන්තුවට සම්බන්ධයෙන් තිබෙන වගකීම පිළිබඳව පෙන්වා දෙමින් මෙම ලිපිය යොමු කර තිබේ. 

  ඒ අනුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාල ගැටලු පිළිබඳව පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට මැතිවරණ කොමිසම අපොහොසත් වී ඇතැයි ද  එවැනි මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු පූර්ව කොන්දේසි පිළිබඳව  සෑහීමකට පත්වීමට නොහැකි බව ද එම ලිපියේ සඳහන් කර ඇත.

මැතිවරණ කොමිසමේ ක්‍රියාපිළිවෙත නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩ වී ඇත්නම් ඒ පිළිබඳව සොයා බලා සුදුසු නිර්දේශ ඉදිරිපත් කරන ලෙස ද මන්ත්‍රිවරු ඉල්ලා සිටිති.

මන්ත්‍රීවරුන් අදාළ ලිපිය මගින් ඉල්ලා ඇති පරිදි ඔවුන්ගේ වරප්‍රසාද කඩවීමක් සිදුව ඇත්නම් ඒ සම්බන්ධයෙන් සොයා බල නිර්දේශ ඉදිරිපත් කිරිම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට ප්‍රතිපාදන ඇත.

එම ප්‍රතිපාදන මත මෙම කාරක සභාවේ සභාපතිවරයා සහ සාමාජිකයින් කථානායකවරයා විසින් පත් කරන අතර පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 101 හි විධිවිධාන අනුව කාරක සභාව සාමාජිකයින් හත් දෙනෙකුගෙන් සමන්විත වේ.

මෙම කාරක සභාවට සිය ගණපූරණය නියම කිරීමට, ඕනෑම පුද්ගලයකු තමන් ඉදිරියට කැඳවීමට, ඕනෑම පුද්ගලයකුට කිසියම් ලේඛනයක් හෝ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස දැනුම්දීමට, සාක්ෂි ලබා ගැනීමට, අදාළ ක්ෂේත්‍රවල විශේෂඥයන්ගේ සහ ප්‍රවීණයන්ගේ සේවය ලබා ගැනීමට සහ කලින් කලට අතුරු වාර්තා ඉදිරිපත් කිරීමට ද බලය ඇතැයි අදාළ ලිපියේ සඳහන් වේ.

තේරීම් කාරක සභාවේ පළමු රැස්වීමේ සිට මාසයක කාලයක දී හෝ පාර්ලිමේන්තුව විසින් ලබාදෙන  දිනයක දී කමිටුව සිය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

 

 

 

 

 



අදහස් (4)

මැතිවරණ කොමිසම ගැන හොයන්න තේරීම් කාරක සභාවක් පත්කරන්න

දිමුත් Thursday, 09 February 2023 03:11 PM

ඔය 14 දෙනාගේ නම් දැනගන්න ඕනෙ ජනතාව. චන්දෙ කල්දාන්න තවත් උප්පරවැටිටියක්ද?

:       3       21

sharm warn Thursday, 09 February 2023 03:42 PM

දැන් ඒ ගමන මැතිවරණ කොමිසමෙ මකුලු දැල් කඩන්න හදනවද? කවුද මෙ 14 දෙනා කියල දැන ගන්න අයිතියක් ජනතාවට තියෙනවා..කරුනාකර නම් සදහන් කරන්න...

:       0       0

Kamaldeen Thursday, 09 February 2023 04:18 PM

පොහොට්ටුවෙ අයට පලාත් සභා මැතිවරණය වහකදුරු වගෙද?

:       0       0

fairoos Thursday, 09 February 2023 05:26 PM

මේ කාලකණ්ණි ආණ්ඩුවට මොනදේ කරලා හරි ඡන්දෙ කල්දාගන්නයි ඕනෑ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 308 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site