තේ මණ්ඩලය අනුමැතිය නැතිව කෝටි 741ක් ආයෝජනය කරලා ශ්‍රී ලංකා තේ මණ්ඩලය 2020 වර්ෂයේදී කෝටි 741 ක මුදලක් අදාල අමාත්‍යවරයාගේ හෝ මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය ලබා නොගෙන ස්ථාවර හා කෙටි කාලීන තැන්පතුවල ආයෝජනය කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 23 December 2022
අලි වැටට ගිය කෝටි 97ක් වතුරේ විදුලි වැටක් ඉදිකිරීමට සහ එය නඩත්තු කිරීමට රුපියල් කෝටි 97 ක් වැයකර ඇතත් අලින්ගෙන් සිදුවන මිනිස් මරණ සහ දේපළ හානි පසුගිය වසර පහේදී අඩුවී නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ. 23 December 2022
ඉම්රාන් ඛාන්ගේ හිටපු බිරිඳකට මංගල සීනු හැඬවෙයි ඉම්රාන් ඛාන්ගේ හිටපු බිරිඳක් වන රෙහාම් ඛාන් හට මංගල සීනු හැඬවී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 49 හැවිරිදි රෙහාම් ඛාන් වෘත්තියෙන් මාධ්‍යවේදිනියකි. 23 December 2022
පොලිස් පනතේ අඩු පාඩු හදන්න සාකච්ඡාවක් දැනට පවතින පොලිස් ආඥා පනතෙහි අඩු පාඩු හදුනා ගෙන එය වර්තමානයට ගැළපෙන පරිදි සංශෝධනය කිරීම පිළිබදව සාකච්ඡාවක් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ සහභාගිත්වයෙන් අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද(23) පැවැත්විණි. 23 December 2022
පිළිකා රෝගීන් මඟ දමා ඖෂධ වේදීහූ පැනයති මහරගම අපේක්ෂා රෝහලේ බාහිර සායන රෝගීන්ට බෙහෙත් නිකුත් කරන කවුන්ටර අද (23) දහවල් පැය දෙකකට වැඩි කාලයක් හිටි හැටියේ වසා දැමීමෙන් පිළිකා රෝගීහු දැඩි අපහසුතාවට පත්වූහ. 23 December 2022
චිලී හි ගින්නකින් දෙදෙනෙක් මරුට චිලී හි විනා ඩෙල් මාර් වෙරළබඩ නගරයේ ඇති වූ ගින්නකින් අවම වශයෙන් දෙදෙනකු මියගොස් නිවාස 400 කට හානි වී ඇතැයි චිලී බලධාරීහු ප්‍රකාශ කළහ. 23 December 2022
ළදරුවන් අතරේ මන්දපෝෂණය වැඩි වෙලා අවුරුදු 1ට අඩු ළදරුවන්,වයස අවුරුදු එකත් පහත් අතර දරුවන් සහ පෙර පාසල් වියේ දරුවන් අතර පසුගිය වසරට ( 2021) සාපේක්ෂව මේ වසරේදී මන්දපෝෂණ තත්වයන්හි වැඩිවීමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 23 December 2022
නැව් අනතුරෙන් බේරුන ලාංකිකයන්ට මෙතර එන්න අවස්ථාවක් වියට්නාමය සහ පිලිපීනය අතර මුහුදේ ගිලෙමින් තිබූ ’ලේඩි ආර් 3’ නැවේ මුදවා ගෙන වියට්නාමයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් 302 ගෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට කැමැත්ත ප්‍රකාශ කර ඇති ශ්‍රී ලාංකිකයන් 152 ක් මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සපයා ඇති බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා පවසා ඇත. 23 December 2022
‘පාස්පෝට්’ ගැනීමට සඳුදා වෙනුවට දිනයක් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන් විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට ලබන සඳුදා දිනය (26 වැනිදා) සහ වේලාවක් ලැබී ඇති සියලු අයදුම්කරුවන්ට එම සතියේ ඉතිරි දින හතරේ දිනයක් සහ වේලාවක් ලැබෙන බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පැවසීය. 23 December 2022
ආටෝපවලට වහල් නොවී දිළිඳුන් සමඟ නත්තල සමරන්න රට තුළ දිළිඳුන්ගේ ප්‍රමාණය විශාල ලෙස වැඩි වී ඇති මෙම අවස්ථාවේ නත්තල යනු තනිවම බොරු ආටෝපවලින් විනෝදවීමේ අවස්ථාවක් නොවන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. 23 December 2022
ඊශ්‍රායල සාත්තු සේවා රැකියා පෙන්වා මුදල් වංචාවක් ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා සඳහා ලොතරැයි ක්‍රමයට අනිවාර්යෙන්ම තෝරා දිය හැකි බව පවසා වංචනික ලෙස මුදල් අයකරන පිරිසක් පිළිබඳව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පරීක්ෂණ ආරම්භ කර ඇතැයි එම කාර්යංශය පවසයි. 23 December 2022
ආශු මාරසිංහ ඉල්ලා අස්වෙයි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. 23 December 2022
දෙමළ ජනතාව අගයන්න කැබිනට් අනුමැතිය වසර දෙසීයක පමණ කාලයක සිට උඩරට දෙමළ ජනතාවගෙන් ශ්‍රී ලාංකීය ආර්ථිකයට ලැබෙන දායකත්වය අගයා උත්සව මාලාවක් පැවැත්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ඉල්ලීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 23 December 2022
සෙල්ලම් බඩු එක්ක කුඩු එවලා යුරෝපා රටවල් කීපයකින් තැපැල් සේවය හරහා ශ්‍රී ලංකාවට එවූ සැක සහිත පාර්සල් හතක සෙල්ලම් බඩු සහ ආහාර අඩංගු ටින් තුළ ඉතා සූක්ෂ්ම ලෙස සඟවා තිබූ රුපියල් කෝටි 16 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගත් බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව පැවසීය. 23 December 2022
ඉන්දීය වැසියන්ට නාසික එන්නතක් ඉන්දිය රජයට අයත් ‘භාරත් බයෝටෙක්’ ඖෂධ නිෂ්පාදන සමාගම නිපදවූ ‘කොවිඞ් 19’ වයිරසයට එරෙහි නාසික එන්නත ඉන්දියානුවන්ට ලබා දීමට ඉන්දීය රජය අවසර දී තිබේ. 23 December 2022
ඖෂධ හිඟයෙන් පිළිකා රෝගීන් අපහසුතාවට ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හමුවේ පිළිකා රෝගීන් අසරණ වී ඇතැයි රොයිටර්ස් පුවත් සේවය පවසයි. 23 December 2022
තවත් පස් ව්‍යාපාරිකයකු වෙඩි තබා මරයි ඩුබායි රටේ සිටින ගම්පහ පද්මේ නමැති පාතාල සාමාජිකයාගේ සමිපතමයකු යැයි කියන ගිහාන් නමැති පස් ව්‍යාපාරිකයා සීදුව කොටුගොඩ මාර්ගයේ ගලිගන්එලිය හංදියේදී වෙඩි තබා ඝාතනය කර ඇතැයි සීදුව පොලිසිය පවසයි. 23 December 2022
නීතියට නොනැමෙන පොලොන්නරුව වන විනාශය පොලොන්නරුව වැලිකන්ද සූරියවැව රක්ෂිතයේ දිගින්, දිගටම සිදුවන වන සංහාරය නතර නොකිරීම පිළිබඳ සොයා බැලීම සඳහා පොළොන්නරු දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රම මහතා ඇතුළු,වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ සභාපති නිමල් අධිකාරි මහතා සහ මන්ත්‍රීවරුන් මෙන්ම ගොවි නියෝජිතයන් පිරිසක් විනාශය නිරීක්ෂණයට ගිය අවස්ථාවේදී ආයෝජකයකු සහ ගිය පිරිස අතර දැඩි උණුසුම් කතාබහක් ඇති වූහ. 23 December 2022
ප්‍රසන්න රාජ්‍ය නිලධාරීන්ට ඇඟිල්ල දිගු කරයි මහජන ගැටළු විසඳීමට රාජ්‍ය නිලධාරින්ගේ සහය ලැබෙන්නේ නැතැයි ද රාජ්‍ය නිලධාරින්ගේ වැරදි නිසා දේශපාලනඥයා බැණුම් අසන බවද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 23 December 2022
උත්සව සමයේ කේකුත් හිඟ වේ වෙළඳපොලේ පවතින උග්‍ර බිත්තරයි හිගය සහ බිත්තර මිල ඉහළ යාම හේතුවෙන් මෙවර උත්සව සමයේ දී කේක් කිලෝවක මිල රුපියල් 1,500 දක්වා ඉහළ ගොස් ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් .කේ. ජයවර්ධන මහතා පවසයි . 23 December 2022
කොතලාවලට අලුත් කුලපතිවරයෙක් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ කුලපතිවරයා ලෙස ජෙනරාල් එච්.එස්.එච් කෝට්ටේගොඩ (විශ්‍රාමික) මහතා පත් කර තිබෙි. 23 December 2022
මුතුරාජවෙල අභයභූමිය හැදීම නැවතිලා මුතුරාජවෙල පරිසර පද්ධතිය අභයභූමියක් ලෙස ගැසට් කළද 2021 වසර වනවිටත් එහි මායිම් ලකුණු කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අපොහොසත්ව තිබුණු බව විගණන වාර්තාවක සඳහන් වේ. 23 December 2022
රජ මැදුරේ දේපළ වාර්තාව ලබන සතියේ ජනපතිට අරගලකරුවන් විසින් විනාශ කරනු ලැබූ දේපළ සම්බන්ධයෙන් පැවැත්වූ විමර්ශනයේ වාර්තාව ලබන සතියේදී ජනාධිපතිවරයාට බාර දෙන බව පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා පැවසීය. 23 December 2022
රුසියන් කුලී හේවායන්ට උතුරු කොරියාවෙන් අවි රුසියාවේ ‘වැග්නර්’ කුලී හේවායන්ට උතුරු කොරියාවෙන් අවි ආයුධ ලැබී ඇතැයි ඇමෙරිකාව චෝදනා කරයි. 23 December 2022
චීන කොරෝනා ප්‍රභේදය ඉන්දියාවටත් චීනයේ බිහිසුණු අයුරුන් ව්‍යාප්ත වන, ‘කොවිඞ් 19 බී.එෆ් 7 ඔමික්‍රෝන් උප- ප්‍රභේදය’ ඉන්දියාවට ද ව්‍යාප්ත වී ඇතැයි ඉන්දීය සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. 23 December 2022
උපකාරක පන්තිගිය දරුවා මුහුදේ ගිලෙයි හලාවත තොඩුවාව මුහුදෙ දිය නාමින් සිටි පාසල් සිසුවකු සැඩ පහරකට හසුව ගසාගෙන ගොස් මරණයට පත්ව ඇති බව තොඩුවාව පොලිසිය 23 දින පැවසිය. 23 December 2022
ලංකා සතොස භාණ්ඩ මිල තවත් අඩු කරයි ලංකා සතොස උත්සව සමය ඉලක්ක කරමින් අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 7 ක මිල තව දුරටත් අඩු කිරීමට පියවර ගෙන තිබේ. 23 December 2022
යුරියා ’’කැටිති’’පොහොර නැවකුත් එයි ලෝක බැංකු ණය මුදලක් යටතේ මිල දී ගන්නා ලද යුරියා පොහොර තොගයෙන් මෙට්‍රික් ටොන් 28,000ක් රැගත් නෞකාවක් අද (23) පාන්දර කොළඹ වරායට සේන්දු වී තිබේ. මෙම පොහොර තොගය මැලේසියාවේ සිට ගෙන එන ලද්දකි . 23 December 2022
සීෂෙල්ස්-ඕමාන රට රැකියා ජාවාරම් කළ ඒජන්සිය තහනම් කරයි සීෂෙල්ස් රාජ්‍යයේ රැකියාවක් සඳහා ස්වයං මාර්ගයෙන් විදේශ ගතවන බවට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී සංචාරක වීසා මගින් ඕමානයේ ගෘහ සේවයට කාන්තාවක් විදේශ ගතකිරීමට උත්සහ කළ ඒජන්සි ආයතනයක හිමිකාරිය විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය අත්අඩංගුවට ගත් බව එම කාර්යංශය පවසයි. 23 December 2022
විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව මානව කොමිසමත් ඉදිරියට ශ්‍රී ලාංකිකයන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන ලෙස විදුලි ගාස්තු ඉහළ දැමුවහොත් පැමිණිල්ලකින් තොරව ජනතාව වෙනුවෙන් මැදිහත් වීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සූදානමින් සිටින බව එම කොමිසමේ උසස් නිලධාරියෙක් පැවසීය. 23 December 2022
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026