(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
උසස් අධ්‍යාපනය ලැබීමට මුදල් සොයා ගැනීම සඳහා ගණිකා වෘත්තියේ යෙදී සිටි රූමත් තරුණියන් 14 දෙනකු ඇතුළු 18 දෙනකු තලංගම දී අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකාය කියයි.
තරුණියන් සමග අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් එම ස්ථානවල කළමනාකරුවන් ලෙස සිටි පුද්ගලයන් බව පොලිසිය කියයි.
කාන්තාවන් මුදලට අලෙවි කිරීමේ මධ්‍යස්ථාන තලංගම පොලිස් බල ප්‍රදේශයේ දිනෙන් දින හතු පිපෙන්නාක් මෙන් බිහිවන බවට පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බළකායේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී උදයකුමාර මහතා ට ලද තොරතුරකට අනුව වැටලීම කළ බව ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතා පැවසීය.
කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් අනුව පොලිස් සැරයන් 1445 බටුවත්ත,පොලිස් කොස්තාපල්වරුන් වන 77090 බාලසූරිය 31867 රාජගුරු ,92896 අකිල යන නිලධාරීන් තරුනියන් මිලදී ගන්නා පුද්ගලයන් සේ වෙස් වලාගෙන තරුණියන් විකුණන මධ්‍යස්ථාන හතරක් වෙත ගොස් ඉතා සූක්ෂම අයුරින් ලබා දුන් රහසිගත සංඥාවක් අනුව වැටලීම කළ බව පොලිසිය කියයි.
එම ස්ථාන හතර වටලා අත්අඩංගුවට ගත් තරුණියන් ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී පවතින ආර්ථික අපහසුකම් හේතුවෙන් උසස් අධ්‍යාපනය සිදුකර ගැනීමට නොහැකි බැවින් ඒ සඳහා මුදල් උපයා උපයා ගැනීමේ අරමුණින් අකමැත්තෙන් වුණත් මෙම රැකියාව තෝරා ගත් බව හඬා වැටෙමින් පැවසීයැයි වැටලීම සිදුකල පොලිස් නිලධාරියකු පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉගෙන ගන්න සල්ලි හොයන්න පැරැණි රැකියාවට බැහැලා !!! නූගතුන් පාලනය කරන රටක උගතුන්ට යන කලදසාව නොවේද මෙය?
රටේ දරුවන්ට ඉගෙන ගැනීමට මේවැනි දේවල් කරන්න වෙලා. රට කෑ අය සුවසේ නිදැල්ලේ... එවුන් අල්ලා ගැනීමට හා හොරා කෑ දේ යළි ලබාගැනීමට කටයුතු කරන බවක් පෙනෙන්නට නැහැ...
ආණ්ඩු ඇපකරයකින් පොලී රහිත ණයක් දෙන්න. මුදල් අතට නොදී අධ්‍යාපන ආයතනයටම ගෙවන්න. රැකියාවක් කරනවිට අනිවාර්ය කොටස් ලෙස පඩියෙන් කපාගන්න.
කැම්පස් දරුවෝ හා වෙනත් උසස් අධ්‍යාපන හදාරන දරුවෝ හිටන් ඇඟ විකුනන්න පටන් අරගෙන ඉගෙන ගන්න සල්ලි නැතුව. ඩොලර් රේට් තව හිර කරගෙන හිඟා කාපල්ලා. ඩොලර් එක නිදහස් කරා නම් ණය නැතුව ඩොලර් එනවා. අද වෙනකොට උද්ධමණය සමතුලිත වෙලා. නන්දලාල් තමයි ලංකාවේ හිටපු මෝඩම බැංකු අධිපති.
නැති බැරි කමට මෙවන් රැකියාවන් වල යෙදෙන දුප්පත් ලමයි අල්ලන මෙවෙනි පොලිස් නිලදාරින් වීරයන් සේ සලකා ඔවුන්ගෙ නම් නොදමන්න.
රජයේ ලියාපදිංචි සමහරක් උන්ගේ අධ්‍යාපන ආයතන තියෙනවා පාඨමාලා සදහා මුදල් ගන්නවා සමහර වෙලාවට කුමක් හෝ දෙයක් කියලා පාඨමාලා කාලය අවසන් කියනවා ඒත් ගෙවූ දහස් ගණන් මුදල් ආපසු දෙන්නෙ නැහැ පස්සෙ වෙනත් පාඨමාලා කරන්න කියනවා එහෙම ආයතන තියෙද්දි මෙවැනි දැරියන් ඒවාට ගොදුරු වෙනවා ඇති උසස් අධ්‍යාපනය භාර වගකිවයුතු අයගේ අවධානය යොමුකර සිසුන් ගෙවූ මුදල් ආපසු ගෙවීමට දන්වන්න .නැත්නම් එම ආයතන සදහා දුන්නු අවසරය අවලංගු කරන්න එවැනි ආයතන නිසා මෙහෙම වෙන්නෙ පුළුවන් අන්තිමට මුදලත් නැහැ ජීවිතයත් අනාතවෙනවා.
දැන් පොලිසියෙන් සල්ලි දෙයි එයාලට ඉගෙනගන්න.
රාජාසන මේනියාවෙන් පිස්සු කෙලිනවා අද රටේ දරුවන්ට වෙලා තියන දෙයක්
ඉතාම කනගාටුදායකයි.
ඔව විස්වාස කරන්ට අමාරුයි. කිතුල් ගහේ නැග්ග එකටත් උත්තරයක් තිබ්බනෙ. ඇග විකුනල ජීවිතේ විනාස කරගෙන ලබන උසස් අද්‍යාපනය මොකක්ද? මීට වැඩිය හොඳයි බෝගහ ළග සිරා එක්ක කැට හෙලෙවුවනම්.
ඇයි පොලීසිය මේ ක්‍රමයම අනුගමනය නොකරන්නෙ මත්ද්‍රව්‍ය වෙළදුන් සම්බන්දව
මේක නෝමල් .යුරෝපේ හුඟාක් තැන වල මේ ක්‍රමය කරනවා .හැබැයි බලන්න ඇත්තටම මේ අය ඉගෙන ගන්නද මේක කරේ කියලා.මොකද මේක පොලිසියෙන් බේරෙන්න හොඳ කතාවක් .කොහොමත් පෞද්ගලික උපාධියක් ගන්න බහ ලක්ෂ 10 ක් වත් නැතුව අද කාලේ.කොහොමත් ඒ වගේ එකක් කරන්න බැහැ .සාමාන්‍ය ලාංකිකයෙකුට
දෙමාපියන් අහඹු ක්‍රියාවල නිරත වීම නිසා ලැබුණ ඵල විතරද? ඒ අයට රැකබලාගැනීමේ වගකීම නැතිද. ඒක මහජන බදුවල වගකීමක්ද?
රනිල්ගේ තාක්ෂණයෙන් පිරුණු රට...
මේ දරුවන්ගේ ජීවිත මෙතනට වැටෙන්න සියලු වැඩිහිටි... ඡන්ද දායකයෝ දායක වෙලා තියෙනවා. නිවැරැදි පාලකයන් තෝරාගන්න වහල් වැඩිහිටි සාමාජිකයින් මීට වඩා වෙනස් තත්වයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? දැන්වත් නිවැරැදි මිනිස්සු පාලනයට පත්කරන්න මොලේ පාවිච්චි කරන්න.