(නිමල කොඩිතුවක්කු)
තමා පාර්ලිමේන්තුවේ පැවැති ජනාධිපතිවරයාගේ රාජාසන කතාව වර්ජනය කළේ ජනතාවට දිගින් දිගටම එල්ල කරන පීඩනයට විරුද්ධව බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
ජනතාවගේ ජන ජීවිත විනාශ කරන රාජාසන කතාවලට නොරැවටී ජන ජීවිත විනාශ කරන වත්මන් පාලනයට එරෙහිව නුදුරේදීම කොළඹට ජන ගඟන් සමඟ පැමිණෙන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
අලි පොහොට්ටු ආණ්ඩුව එලවා දැමීමට එක්වන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවත් කෑගල්ල පැවැති ජන හමුවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලි පොහොට්ටු හවුලෙන් පැන්න හොරු වැඩි හරියක් ඉන්නේ ටෙලිෆෝනයට සෙට්වෙලා. ඒ නිසා අලි පොහොට්ටු හවුල එලවන විට ටෙලිෆෝන් කාරයින්වත් පන්නලා දාන්න ජනතාව සැදී පැහැදිලා ඉන්නේ.
නොම්බර එකේ කයිවාරු පප්පා. මේ වගේ විපක්ෂයක් ඉන්නකන් රට්ටුන්ට මීට වඩා සෙතක් වෙන්නේ නෑ. හෑලී නම් කියවනවා. අරන් එන ජනගඟෙන්... කොළඹ යටවෙයිද දන්නෑ. හැමදාම පෙරහර ගියාට පස්සේ නටන්න හදනවා...
තමන් කොහොමද පිඩනය නැති කරන්නෙ කියා රටට කියන්න.
ඇත්තටම මෙයාගේ පියානෝගේ රාජාසන කොහෙද දැන් ?
මේ කරපු වීරකම නිසා , ඉක්මනටම අතිගරු පට්ටම ලැබේවි .
කතාව රාජනසෙන්, ගමන හොම්බෙන්.
මම රනිල් පාක්ෂිකයෙක් නොවෙයි. ඒත් රනිල් එලවලා ජෙප්පෝ හරි සජබයෝ හරි ආණ්ඩු බලය අරන් රට ගෙනියන්නේ කොහොමද? බදු ගහන්නේ නැතුව ජනතාවට සහන දීලා ජෙප්පන්ට සජබයින්ට මේ රට ගෙනියන්න පුලුවන්ද? බැහැ බැහැ බැහැමයි