IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මුහුදු රළට අසු වූ රුසියන් දරුවා බේරා ගනී

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

හික්කඩුව නාරිගම මුහුදේ දිය නෑ රුසියානු ජාතික කාන්තාවකගේ හත් හැවිරිදි පිරිමි දරුවා   රළ පහරකට හසුව ගසාගෙන යද්දී පොලිස් ජීවිත ජීවිතාරක්ෂක අංශයේ නිලධාරීන් දෙදෙනකු එම දරුවා නිරුපද්‍රිතව මුදා ගත් බව පොලිස් නාවික කොට්ඨාස සහ සංචාරක කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති ජගත් පොන්සේකා මහතා ලංකාදීපයට පැවැසීය.

නාරිගම පොලිස් සංචාරක කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල් කරුණාරත්න 81212 සහ පොලිස් කොස්තාපල් හුලංගමුව 87306 යන මහත්වරුන් විසිනි.

මෙරට සංචාරයක් සඳහා පැමිණ සිටි මෙම රුසියන් ජාතික කාන්තාව ඇයගේ හත් හැවිරිදි පිරිමි දරුවා ද සමඟ අද දහවල් නාරිගම මුහුදේ නාමින් සිටින අතරවාරයේ එම දරුවා රළ පහරකට හසුවී ගසාගෙන යද්දී මව ආධාර ඉල්ලා කෑ ගසා ඇතැයි නියෝජ්‍ය පොලිස්පති ජගත් පොන්සේකා මහතා වැඩිදුරටත් කීය.

මේ අවස්ථාවේ මුහුදු වෙරළේ රාජකාරියේ නිරතව සිටි මෙම ජීවිතාරක්ෂක පොලිස් නිලධාරීන් දෙදෙනා වහා ක්‍රියාත්මක වී මුහුදට පැන පිහිනා ගොස් ගසා ගෙන යමින් සිටි  දරුවා බේරාගත් බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කරයි.

තම දරුවා ගේ ජීවිතය බේරා දීම ගැන රුසියානු ජාතික කාන්තාව මෙම පොලිස් නිලධාරීන් දෙදෙනාට ප්‍රශංසා කර ඇතැයිද නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසයි.

 



අදහස් (1)

මුහුදු රළට අසු වූ රුසියන් දරුවා බේරා ගනී

Anura Nanayakkara Thursday, 09 February 2023 02:26 PM

ඉතා වටිනා සේවයක්... ඔබ දෙපළ කරඇත. තෙරුවන් සරණයි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 81 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 733 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 354 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site