(සුජිත් හේවාජුලිගේ)
ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් දෙනවා වෙනුවට රාජාසන කතා ප්‍රතිපත්ති ප්‍රකාශ ගෙනැවිත් ප්‍රශ්න අමතක කිරීමට දරන උත්සාහයට විරෝධය පළ කරමින් පාර්ලිමේන්තුව විවෘත කිරීමේ අවස්ථාව වර්ජනය කළ බව නිදහස ජනතා පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් මහතා පැවසීය.
පාර්ලිමේන්තුව වාර අවසන් කිරීම නිසා දූෂණ වැළැක්වීම සඳහා ක්‍රියාත්මකවූ කමිටු හතළිහකට ආසන්න සංඛ්‍යාවක් අහෝසි වී ගොස් ඇතැයි පැවසූ මන්ත්‍රීවරයා මේ හේතුවෙන් දූෂණ වංචා දිගටම පවත්වාගෙන යෑමට අවස්ථාව උදාවී ඇතැයිද සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේ කමිටු බොහොමයක අද සභාපති ධූර දරන්නේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් බව හෙතෙම පෙන්වා දුන්නේය.
අද මුළු රටම නතරවී ඇති බවත් බදු බර දරාගැනීමට නොහැකිව ජනතාව පාරට බැස සිටින බවත් පීරිස් මහතා කීවේය.
රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳනවා වෙනුවට මෙවැනි උත්සව පවත්වමින් කල් මැරීම ප්‍රායෝගික නොවන බව තම පක්ෂයේ අදහස යයි මහාචාර්යවරයා වැඩිදුරටත් පැවැසීය.
ජී එල් පීරිස් මහතා මෙසේ පැවසුවේ කොළඹදී ඊයේ(8) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුගිය කාලවල රාජාසන කතාවලට හිටියේ.. ඔයා ඇමැතිකම් කරපු කාලේ. ප්‍රශ්නවලට විසඳුම් දුන්නද?
එකට ආණ්ඩු කරනවා චන්දෙ ලංවෙලා බෙදිලා බැනල චන්දෙ අරන් ආයේ මුක්කු ගහනවා මාරු තියරි මුන්ගේ
ප්‍රශ්න සහ බංකොලොත් භාවයට 100% උදව් කරලා , ඒ කියන්නේ ගොට්ට අල්ලලා, දැන් මොනවාද මේ කතා කරන්නේ බබෝ . තවත් ජනතාව අගාදයට ඇදල දාන්නේ නැතුව විශ්‍රාම ගන්නකො , පින් සිද්ද වෙයි .
දැන් ජනතාවට කවුරුවත් වැඩක්ම නෑ .ඒක මේ කාටවත් තාම තේරුම් නොයෑමයි පුදුමේ
ජනාධිපති රනිල්ට විතරද රාජාසන කතාව කිරීමේ සම්ප්‍රදාය අකැප .අනිත් සේරම එහෙනම් එහෙයියා කඩේ ගියේ .වයසේ තරමට වත් කුහක අදහස් ප්‍රකාශ කරන එක නවතිනවා .මහලොකු මහාචාර්ය කෙනෙක් නේද මේ කුහකකමින් මොර දෙන්නේ .අර අපූරුවට රනිල් ජනාධිපති එන වෙලාවෙත් නැගිටලා ආචාර කලේ මොන කෙහෙල්මලටද .මේවාට තමයි කියන්නේ දවල් මිගෙල් රෑ ඩැනියෙල් කියලා