(යොහාන් භාසුර)
සාමාන්‍ය ජනතාව, විවිධ කර්මාන්ත, ආයතන සහ ස්වෙච්ඡා සංවිධාන ඇතුළු සියලුම පාර්ශව විදුලි ගාස්තු ඉහළ දැමීමට විරුද්ධ යැයි මහජන උපයෝගිතා කොමිසමට කරුණු ඉදිරිපත් කර තිබේ.
විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු ඉහළ දැමීමට කර ඇති යෝජනාවට අනුව මහජනතාවගේ අදහස් විමසීමේ රැස්වීම ‘යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ මහජන උපදේශනය’ යන මැයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සමන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී අද (8) දිනය පුරා පැවැත්විණි.
එහිදී විවිධ කර්මාන්ත ආයතනය නියෝජනය කරන සමාගම්, සමාජ ක්‍රියාකාරීන්, දේශපාලන නියෝජිතයන් ඇතුළු සියලුම දෙනා විදුලි ගාස්තු නැවත ඉහළ දැමීමට විරුද්ධව අදහස් පළ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදුලි ගාස්තු ඉහල දැමීම වරදක් නොවේ. කරන අන්දමයි වැරදි. ඇයි අපට විතරක් ලොක්කන්ට නැතුව. පොදුවේ 5%කින් හැමෝටම වැඩිකලානම් කවුරුත් විරුද්ධ නෑ. මීට වඩා වැඩි ආදායමකුත් එනවා. පොඩි මිනිහා තැලීමේ රනිල් රාජපක්ෂ ප්‍රතිපත්තිය තමයි මෙතනත්.
අපිත් විරුද්දයි. ඉන්ධන වලට සල්ලි නැතිනම් පැය 12 පමණ විදුලිය කපන්න. වෙන මොනවා කරන්නද?