(රංජන් කස්තුරි)
උපාධිධාරි ගුරුවරුන් බඳවා ගැනීමේ තරඟ විභාගයට රාජ්‍ය සේවයේ ඕනෑම තනතුරක සේවය කරන වයස අවුරුදු 40ට අඩු උපාධිධාරීනට අයඳුම් කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.
උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනීමේ තරඟ විභාගය සඳහා මේ වන විට අයදුම්පත් කැඳවා තිබේ.
අධ්‍යායන පොදු සහතික පත්‍ර උසස් පෙළ පංති සඳහා පවතින විශාල ගුරු පුරප්පාඩු සංඛ්‍යාවක් පවතින හෙයින් ඒවා සම්පූර්ණ කිරීමට මෙම පියවර ගන්නා බව ද අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.
මෙම තරග විභාගයෙන් පසුව ගුරුවරුන් පත් කිරීමෙන් පසුව තවදුරටත් පුරප්පාඩු පවතින්නේ නම් ඒ සඳහා පළාත් සභා මගින් උපාධිධාරීන් බඳවා ගන්නා බව ද අධ්‍යාපන අමාත්‍යංශය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ බඳවා ගන්න අයට ස්ථිර පඩි නැහැ. අවුරුදු 3ක් දීමනා විතරයි. අවුරුදු 3ක් ඇතුළත අධ්‍යාපන ඩිප්ලෝමා කළ යුතුයි. ඉන්පස්සේ තමා ගුරු සේවයේ ස්ථිර පත්වීම දෙන්නේ.. අනෙක ගුරු වෘත්තියට සුදුසුම අය BEd උපාධිය තියෙන අය... නමුත් එයාලා එක්කෙනෙක්වත් ගන්නේ නැහැ. ඒ ඇයි?
බඩුම තමයි .මේ යක්කු අධ්‍යාපනේ කන්නම හදනවා වගේ .මේ වැඩකට නැති රාජ්‍ය සේවකයෝ .මොනවා උගන්නන්නද කමයින්ට ?වර්ජන කරන හැටි ,හොරක ම් කරන හැටි .කාලේ කන හැටිද උගන්වන්නේ ?
අධ්‍යාපනය ,රජයේ සේවය දවසින් දවස අගාධයට අසීමිත ලෙස ගෑනු බඳවා ගැනීම නිසා
විෂයන්ට අදාල උපාධිය සම්පූර්ණ කල අය කමක් නෑ.ඒත් වියපත් අයට ගුරුවෘත්තියට ගිහිල්ල පුහුණුව දෙන්න යන කාලය දරුවන්ට කරන අපරාධයක් නොවේද?
මේක වැරදි තීරණයක්, අපි බලය දෙන ගමන් ඒක වෙනස් කරනවා.