(විමුක්ති එස් රුද්‍රිගු)
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත් කරනු ලැබූ දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලීමට පත් කළ කොමිසමේ නිර්දේශ හා සොයා ගැනීම් සම්බන්ධයෙන් ඉදිරියට පියවර නොගන්නා බවට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇතැයි නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතා අභියාචනාධිකරණය දැනුම් දුන්නේය.
නීතිපතිවරයා මෙම දැනුම් දීම සිදුකළේ අදාළ නිර්දේශ බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඇතුළු පිරිසක් විසින් ගොනු කර තිබූ පෙත්සම් සළකා බැලූ අවස්ථාවේදීය.
මෙම පෙත්සම් නිශ්ශංක බන්දුල කරුණාරත්න, ඩී. එම්. සමරකෝන් සහ ලෆාර් තාහිර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැත්නම් හිඟන්නගෙ පාත්තරේ හූරලා හූරලා තමන්ගෙ බත්බැලයන් කීප දෙනෙකුට බෙදන්නයි හිටියෙ.
ඔය කොමිසමෙන්ම දිගට හරහට වැරදි කළවුන් නිදහස් කලානේද ? එවා ක්රියාත්මක කිරීම ගැන සලකා බලන්නේ නැද්ද?
ඒකත් මාර වැඩනේ, තමන් පත් කල කොමිසම මගින් චූදිතයෙක් ලෙස ප්‍රකාශයට පත්කල තැනැතාට තමගේ පුටුව භාරදීලා ගෙදර යන්න වීම දෛවයේ සරදමක් !