IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පොලිස් සැරයන් පැදවූ මෝටර් රථය ප්‍රපාතයට පෙරළේ

(මාතලේ මහේෂ් කිර්තිරත්න සහ ශ්‍රිනාත් ප්‍රසන්න ජයසූරිය) 

රත්තොට රිවස්ටන් ගෝනමඩ ප්‍රදේශයේ දි මෝටර් රථයක් අඩි 200ක් පමණ  ප්‍රපාතයකට  පෙරලිමෙන් මෝටර් රථය පැද වූ බව කියන පොලිස් සැරයන්වරයකුගේ බිරිය මියගොස් තවත් සිවු දෙනකු තුවාල ලබා ඇතැයි   පොලිසිය කියයි.

මෙම අවසනාවන්ත අනතුරින් මියගොස් ඇත්තේ පොලිස් සැරයන්වරයාගේ බිරිද වන මාතලේ උකුවෙල  ගුරලවෙල පදිංචි දිලරුක්ෂි වික්‍රමසිංහ නැමති 33 හැවිරිදි එක් දරු මවකි.

මාතලේ මුලස්ථාන පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයා   පවුලේ පිරිස සමග රිවස්ටන් බලා ධාවනය කරමින් තිබියදි මෙම අවසානවන්ත අනතුරට මුහුණ පා ඇත. 

අනතුරින්  පොලිස් නිලධාරියාසහ 11 හැවිරිදි දියණියද පොලිස් නිලධාරියාගේ නැනාද  ඇයගේ අට හැවිරිදි දියණියද  තුවාල ලබා ඇති අතර ඔවුන්ද මාතලේ මහ රෝහලේ ප්‍රතිකාර ලබන බවද පොලිසිය කියයි.



අදහස් (4)

පොලිස් සැරයන් පැදවූ මෝටර් රථය ප්‍රපාතයට පෙරළේ

රංජිත් Friday, 10 February 2023 08:53 AM

ට්‍රැෆික් සාජන් මහත්තයා නෑනා ගැන සිතමින් වාහනය පදවන්න ඇති කියලා හිතෙනවා...

:       10       6

ganegoda Friday, 10 February 2023 03:31 PM

වාහනය පාලනය කළ යුත්තේ පදවන පරිසරය අනුවයි කියලා මෙයාලා තාම ඉගෙනගෙන නැහැ.

:       1       4

sampath Friday, 10 February 2023 06:03 PM

රියදුරන් බය මාර්ගයේ දුෂ්කරතාවයට නොවෙයි, පොලිසියට ඉතින් ඉල්ලුවොත් මම බලාගන්නම් කියලා ඔහේ යන්න ඇති... මොනවා වුණත් අපරාදෙ ජීවිතේ...

:       0       1

nihal Monday, 13 February 2023 01:48 AM

රිය පැදවීමේදී තිබිය යුතු 100% අවධානය බිඳුනේ කාකි නිල ඇඳුම නිසාද?(නංගි)නිසාද

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 75 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 352 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site