අද අධික රස්නේ දවසක් දිවයින පුරා ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 17 March 2024
අධික රස්නය පාසල් ක්‍රීඩා උත්සව නවත්වයි පාසල්වල ක්‍රීඩා උත්සව කල් දමන ලෙස අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පාසල් බලධාරීන්ට උපදෙස් දී ඇත. 17 March 2024
ඇන්ටාක්ටිකාවේ කුරුලු උණ ඇන්ටාක්ටිකාවේ කලාප රැසක පෙන්ගුවීන් සහ මුහුදු ලිහිණියන් අතරේ H5N1 කුරුලු උණ ව්‍යාප්ත වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 16 March 2024
හොර පාස්පෝට් හදා කැනඩාවට පනින්න යද්දී මාට්ටු කූඨ ලෙස සකස් කළ කැනේඩියානු ගමන් බලපතකින් කැනඩාවට පැන යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයෙක් කටුනායක ගුවන්තොටුපල ආගමන හා විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකය අද (16) පෙරවරුවේ අත්අඩංගුවට ගත්තේය. 16 March 2024
දෙමළ භාෂාවෙන් පැමිණිලි කරන්නත් අංකයක් දෙමළ භාෂාවෙන් පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා නව අංකයක් හඳුන්වාදීම අද (16) මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි. 16 March 2024
ගාල්ලත් හොඳම ත්‍රිත්වය අතරට ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ දී පැවැති හොඳම භාවිතයන් සඳහා වූ පර්යේෂණ පත්‍රිකා එළිදැක්වීමේ වැඩමුළුවේදී ’’තිරසාර ජීවනෝපායක් සඳහා තිරසාර ව්‍යවසායකත්වය’’ යන මැයෙන් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපත් කළ පර්යේෂණ පත්‍රිකාව, හොඳම පර්යේෂණ පත්‍රිකා 03 අතරට තෝරා ගෙන ඇත. 16 March 2024
මිරිස්සේ ගැටුමකින් සංචාරක වෙළෙන්දෙක් මරුට වැලිගම මිරිස්ස සීක්‍රටි බිච් හෝටලය අසල වෙරළ තිරයෙදී තියුණු ආයුධයකින් පහරදී සංචාරක ව්‍යාපාරිකයකු ඝාතනය කොට ඇතැයි වැලිගම පොලිසිය කියයි . 16 March 2024
පුටින් ඔන්ලයින් ක්‍රමයට ඡන්දය දාලා රුසියානු ජනාධිපතිවරණය මේ වනවිට ආරම්භ වී ඇත. ජනාධිපතිවරණය ආරම්භ වූයේ ඊයේ (15) දිනයේය. 16 March 2024
පොලිස් මූලස්ථානය වෙනත් තැනකට පොලිස් මූලස්ථානය වෙනත් ස්ථානයකට ගෙන යෑමට තීරණයකට තීරණය කර ඇත. 16 March 2024
මහ බැංකුව පඩි වැඩි කරගත් වාර්තාව බදාදා මැතිසබයට ශ්‍රී ලංකා මහා බැංකුවේ නිලධාරීන් සිය වැටුප් සියයට හැත්තෑවකින් වැඩි කර ගැනීම සම්බන්ධයෙන් නිර්දේශ ඇතුළත් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ වාර්තාව ලබන බදාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. 16 March 2024
අනුරාධපුර ඩිජීටල්කරණයට අනුරාධපුර නගරයේ ආකර්ෂණීය බව ප්‍රවර්ධනය කිරීම සඳහා නගරය සිතියම්කරණය කර ඩිජීටල්කරණය කිරීමට තීරණය කර තිබේ. 16 March 2024
පොලිස් ලොකු පුටු මාරුවක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු අට දෙනෙක් ඇතුව නිලධාරීහු පිරිසකට වහාම ක්‍රියාත්මකවන පරීදී ස්ථාන මාරු සිදු කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි. 16 March 2024
ජනපති දිස්ත්‍රික් ලේකම්වරුන් කැඳවයි සංවර්ධන කටයුතු සඳහා රජය ලබා දෙන මුදල් නිසි ලෙස වැය කරමින් ජනතාවට එම ප්රතිලාභ ලබා දීමටත්, එමඟින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමටත් කැපවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු ප්‍රාදේශීය රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය. 16 March 2024
වැරදි ගොඩකට පී.සි දෙන්නාගේ වැඩ තහනම් අපකීර්තිදායක හැසිිරිම, අණට අකිකරුවිම, රාජකාරි පැහැර හැරිම යන චෝදනා යටතේ ඇල්පිටිය කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි අම්බලන්ගොඩ පොලිසියේ කොස්තාපල්වරුන් දෙදෙනකුගේ වැඩ තහනම්කර ඇත. 16 March 2024
ඉන්දු-ලංකා වෙළෙඳාම දෙපැත්තටම වාසි වෙන්න හදනවා ඉතිහාසයේ සිට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින පුළුල් වෙළෙඳ සහ ආර්ථික සබඳතා දෙරටටම ප්රතිලාභ හිමිවන පරිදි යළි කඩිනමින් ශක්තිමත් කර ගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 16 March 2024
පළාත් කීපයකට පොඩි වැස්සක් බස්නාහිර,සබරගමුව, සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 16 March 2024
පී.එච්.අයි ඝාතකයන්ගේ තොරතුරක් නැහැ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු හෝඩුවාවක් නැතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ලංකාදීපයට පැවසීය. 16 March 2024
ශ්‍රී ලංකාව කඩුලු 3 කින් ජය ලබයි සංචාරක ශ්‍රී ලංකා පිල සහ බංග්ලාදේශ පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේ චැටෝග්‍රෑම් ක්‍රීඩාංගණයේ අද (15) පැවැති දෙවැනි තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 3 ක ජයක් ලැබීමට සමත් වූහ. 15 March 2024
අලස් - සන්තෝෂ් ජා අතර හමුවක් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අතර විශේෂ හමුවක් මහජන ආරක්ෂක අමාත්‍යාංශ කාර්යාලයේදී පැවැත්විණ. 15 March 2024
‘‘ලෙජන්ට්‘‘ කුසලානයට බලපෑම් කළ ඉන්දීය ක්‍රිකට් ලොක්කෝ 2ක් නවතා ගනී පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ’’ලෙජන්ට් ක්‍රිකට් කුසලාන 2024’’ තරගාවලියේදී තරග පාවා දීමට ක්‍රීඩකයින්ට බලපෑම් කළේ යැයි කියන ඉන්දීය ජාතික ක්‍රිකට් කළමනාකාරවරුන් දෙදෙනකුට රටින් පිටවීම වළකාලමින් තහනම් නියෝගයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසාන් අමරසේන මහතා නිකුත් කළේය. 15 March 2024
ආචාර්ය ජනක ප්‍රනාන්දුට - සුජිත් කුමාරට අපගේ කණගාටුව ’’බාල බෙහෙත් ජාවාරම: නඩුව නිම වනතෙක් කෙහෙළියත් තව හයකුත් රිමාන්ඩ්’’ යන මැයෙන් ලංකාදීප පුවත්පතේ මුල් පිටුවේ ප්‍රධාන පුවතේ ඊයේ (14) පළවූ සැකකරුවන්ගේ ඡායාරූප අතර, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ ප්‍රධානී ආචාර්ය ජනක ප්‍රනාන්දු මහතාගේත් එච්.එන්.බී ෆිනෑන්ස්හි ප්‍රධානී (අයකර ගැනීම්) සුජිත් කුමාර මහතාගේත් ඡායාරූප පළවූයේ ප්‍රමාද දෝෂයකිනි. 15 March 2024
දයාසිරිගෙන් නව සංධානයක් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ නායකත්වයෙන් යුත් නව දේශපාලන සංවිධානයක් මේ මස 20 වැනිදා කොළඹදී එළිදැක්වීමට නියමිතය. 15 March 2024
’’ගෝඨාට රටින් යන්න සෝභිත හිමි උදවු කලා කියන්නේ බොරු’’ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අරගලකරුවන්ගෙන් මිදී කටුනායක ගුවන්තොටුපළෙන් පිටව යාමට අවශ්‍ය පහසුකම් ලබා දුන් බවට ඕමල්පේ සෝභිත හිමියන් සිදු කරන ප්‍රකාශ අසත්‍යයකැයි හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතා පැවසීය. 15 March 2024
බොන්න වතුර නැත්නම් 117ට කියන්න රටතුළ පවතින වියළි කාලගුණ තත්වයත් සමඟ පානීය ජල සපයා ගැනීමේ ගැටලු ඇති ප්‍රදේශවල ජනතාව වහාම 117ට ක්ෂණික දුරකථන අංකය ඔස්සේ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන දැනුවත් කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය. 15 March 2024
අමිතාබ් බච්චන්ට ශල්‍යකර්මයක් අමිතාබ් බච්චන්ට ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මුම්බායි නගරයේ කෝකිලාබෙන් රෝහලට ඇතුළත් කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. 15 March 2024
100 හැවිරිදි ගුවන් සෙබළ 96 පෙම්වතිය සමග අතින්නත ගනියි දෙවැනි ලෝක යුද්ධ සමයේදී ඇමෙරිකානු ගුවන් හමුදාවේ කෝප්රල්වරයකු ලෙස සේවය කළ 100 හැවිරිදි වියේ පසුවන හැරල්ඩ් ටෙරන්ස් සිය පෙම්වතිය වන සිය පෙම්වතිය වන 96 හැවිරිදි ජිනේ ස්වර්ලින් සමඟ විවාහ වීමට සුදානම් වේ. 15 March 2024
ලංකාවට ලකුණු 287ක ඉලක්කයක් සංචාරක ශ්‍රී ලංකා පිල සහ බංග්ලාදේශ පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේ චැටෝග්‍රෑම් ක්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන දෙවැනි තරගයේ පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ පිල ඕවර 50 යේදී කඩුලු 7 ක් දැවී ලකුණු 286 ක් රැස්කිරීමට සමත් විය. 15 March 2024
‘සෝයා කුඩු’ විශේෂ ටෙන්ඩරය හිටිහැටියේ අවලංගු කරලා රාජසන්තක කළ ‘සෝයා කුඩු’ මෙට්‍රික්ටොන් 157 කට අධික ප්‍රමාණයක් අළෙවි කිරීමට කැඳවා තිබූ විශේෂ ටෙන්ඩරයක් යෝජනා කැඳවීම අවසන් කිරීමට මිනිත්තු 20 ක් තිබියදී ටෙන්ඩරය අවලංගුකිරීමට ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව කටයුතු කිරීම දැඩි අසාධාරණයක් යැයි ටෙන්ඩර් යෝජනා ඉදිරිපත් කළ ඇතැම් සමාගම් චෝදනා කරයි. 15 March 2024
විද්‍යාපීඨවලට අයදුම්පත් කැදවයි 2021/2022 අධ්‍යන වර්ෂයේදී උසස් පෙළ විභාග ප්‍රතිඵල අනුව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට සිසුන් ඇතුළත් කිරීම සදහා අයදුම්පත් කැදවීමේ ගැසට් නිවේදනය අද (15) දින අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කර ඇත. 15 March 2024
දුම්රිය රියදුරෝ උපදෙස් බැහැර කරති කොළඹ මරදාන සිට බෙලිඅත්ත බලා පස්වරු 2.30 ට ධාවනය වීමට නියමිතව තිබූ ‘ගාලූ කුමාරී’ දුම්රිය අත්තිරිංග දෝෂයක් තිබියදී සෙසු තිරිංග භාවිත කර ධාවනය කරන ලෙස බලධාරීන් දුන් උපදෙස් බැහැර කිරීමට දුම්රිය රියදුරන් කටයුතු කළ බව වාර්තා වේ. 15 March 2024
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026