හොර ඒජන්සිකරු රටින් පළා යාමට තැත් කිරීමේ දී මාට්ටු
ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවී , නීතිවිරෝධී ලෙස බලපත්ර නොමැතිව රැකියා නියෝජිත ආයතනයක් පවත්වා ගෙන යමින් , ජපානයේ රැකියා සදහා යවන බව පවසා රුපියල් ලක්ෂ 14 ක් ලබා ගත් පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දී තිබේ .