(මොහොමඩ් ආසික්)
දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක පහක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 13 කට නායයෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ.
බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල සහ හපුතලේ, මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර සහ උඩුනුවර, කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල, දෙහිඕවිට, ගලිගමුව, වරකාපොළ සහ කෑගල්ල, කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාවතගම සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඉඹුල්පේ, රත්නපුර සහ බලංගොඩ යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ මෙම නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබේ.
අද(13) පස්වරු 3.00 දක්වා බලපැවැත්වෙන බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd