(පුෂ්පකුමාර මල්ලවආරච්චි )

කොටුගොඩ  රද්දොළුගම  නිවාස සංකීරණයේ  තෙමහල් ගොඩනැගිල්ලක විශාල ප්‍රමාණයේ බඹර කූඩයක් ඇවිස්සීමෙන් බඹර ප්‍රහාරයකට ලක් වූ දෙදරු පියකු මිය ගොස් කුඩා ළමුන් දෙදෙනෙකු රෝහල් ගත කර ඇතැයි රද්දොළුගම පොලිසිය කියයි .

බඹර ප්‍රහාරයෙන් මිය ගොස් ඇත්තේ රද්දොළුගම පදිංචිව සිටි නන්ලයියා පාපන් නැමැති  68 හැවිරිදි අයෙකි. 

කුඩා ළමුන් දෙදෙනෙකු හා වැඩිහිටියන් කීපදෙනෙකුට බඹර ප්‍රහාරය එල්ල වී ඇති අතර . කුඩා ළමුන් දෙදෙනා හා මිය ගිය අය මීගම රෝහලට ඇතුළත් කර ඇත . හැට අට හැවිරිදි දෙදරු පියා   මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත් ව ඇත .