
(ප්‍රදීප් කුමාර)
යාපනය දිස්ත්‍රික්කයේ සිදු වන ගව ඝාතනයන්ට එරෙහිව යාපනය නගරයේදී විරෝධතාවක් පැවැත්විණි.
එහිදී තම ආගමේ පුජනිය සත්වයෙකු වන ගවයා හින්දු භක්තිකයින් බහුලව වෙසෙන යාපනේ දිස්තිර්ක්කයේ නිත්‍යනුකූලව හා නීති විරෝධිව ඝාතනය කරන බැවින් එය නවත්වන ලෙස එම විරෝධතාකරුවෝ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ.
මෙම විරෝධතාවය සදහා බෞද්ධ භික්ෂුන් වහන්සේලාගේ සහයද හිමිව තිබු අතර ගව ඝාතන නතර කරන ලෙස දැක්වෙන පාඨ සහිත බැනර් ප්‍රදර්ශනය කරමින් මෙම පිරිස විරෝධතාවයේ නියැලුණ අතර ශිව සේනා සංවිධානයේ ආගමික නායකයින් මෙය සංවිධානය කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
BJP හොල්මන් ලංකාවේ චන්දෙට ඉස්සෙල්ලා වැඩ පටන් අරගෙන වගේ
ආණ්ඩුව සහා බලු රාජපක්ෂවරුන් මුදල් දීලා වල් වහල් බයියන් පිරිසක් සුදානම් කරලා තියන බව රාජපක්ෂ වරුන්ට සමීප ඔත්තුකරුවෙක් ඔත්තුවක් ලබා දී ඇත . මෙයින් ඔවුන් කරන්නේ රජයට සහා රාජපක්ෂ කල්ලියට විරුද්ද කොමෙන්ට් සහා පෝස්ට් අන්ලයික් කර ඒවාට පොදු ජනතාව මෙන් රජයට සහා රාජපක්ෂ කල්ලියට සහායෝගය දෙන ආකාරයට රිප්ලයි කිරීම. තවද , FACEBOOK, INSTRA , YOUTUBE වැනි සමාජ මාධ්‍ය PAGE සහා GROUP භාවිතා කරමින්ද රජයට සහා රාජපක්ෂ කල්ලියට සහයෝගය කරන මෙන් ප්‍රචාරය සිදු කරයි .මෙහිදී ඔවුන් විශේෂයෙන් ජාතිවාදය සහා රට සුළු ජාතින් නිසා විනාශ වන බව පෙන්වා දෙයි . පොදු ජනතාව අවදානයෙන් සිටින මෙන් ඉල්ලා සිටිමු . මෙය පිළිබදව ඔබගේ පවුලේ උදවිය සහා මිතුරන් දැනුවත් කරන්න . (Share)
කොටි මිනිස්සුන් අමු අමුවේ මරණ කොට නිහඩව රසවිද විද බලන් හිටපු උන්ට හරක් මරණ එක ප්‍රශ්නයක් වෙලා .
බොහොම හොඳ වැඩක් මිනිස්සු ගව මස් කන එක නවත්වනවා නම් ඉබේම ගව ඝාතනය නවතිනවා
ආණ්ඩුව සහ බලු රාජපක්ෂවරුන් මුදල් දීලා වල් වහල් බයියන් පිරිසක් සුදානම් කරලා තියන බව රාජපක්ෂ වරුන්ට සමීප ඔත්තුකරුවෙක් ඔත්තුවක් ලබා දී ඇත . මෙයින් ඔවුන් කරන්නේ රජයට සහා රාජපක්ෂ කල්ලියට විරුද්ද කොමෙන්ට් සහා පෝස්ට් අන්ලයික් කර ඒවාට පොදු ජනතාව මෙන් රජයට සහා රාජපක්ෂ කල්ලියට සහායෝගය දෙන ආකාරයට රිප්ලයි කිරීම. තවද , FACEBOOK, INSTRAGRAM , YOUTUBE වැනි සමාජ මාධ්‍ය PAGE සහා GROUP භාවිතා කරමින්ද රජයට සහා රාජපක්ෂ කල්ලියට සහයෝගය කරන මෙන් ප්‍රචාරය සිදු කරයි .මෙහිදී ඔවුන් විශේෂයෙන් ජාතිවාදය සහා රට සුළු ජාතින් නිසා විනාශ වන බව පෙන්වා දෙයි . පොදු ජනතාව අවදානයෙන් සිටින මෙන් ඉල්ලා සිටිමු . මෙය පිළිබදව ඔබගේ පවුලේ උදවිය සහා මිතුරන් දැනුවත් කරන්න . (Share)
කරන්නම දෙයක් නැති උනාම ඔය වගේ එකක් හරි අල්ලන් ගොඩයන්න බයියන්ගෙ මහ නායකයන්ට හොඳටම පුරුදුයි
කොටි මිනිස්සුන් අමු අමුවේ මරණ කොට නිහඩව රසවිද විද බලන් හිටපු උන්ට හරක් මරණ එක ප්‍රශ්නයක් වෙලා .
හරක් මස් අපනයනයේ ප්‍රමුඛතම රටක් තමයි ලෝකයේ එකම හින්දු ආගමික රාජ්‍ය වන ඉංදියාව, එහෙව් ලෝකයක යාපනයේ ගව ගාතනය තහනම් කරන්න කියලා උද්ගෝෂණය කරන්න තරම් බොළද වෙන්න එපා කියලා අපි හින්දු ආගමිකයන්ට කියන්නේ !
අපෝ ඉන්න සෙනග...!
පොහොට්ටුව හා රාජපක්ෂවරුන් ආරක්ෂා කරන්න කරන අලුත්ම ඡන්ද ගුන්ඩුව, ජනතාව අවදානයෙන් ඉන්න.
පොට්ටුඅම්මාන් සහා රත්න හිමි පොහොට්ටුව හා රාජපක්ෂ වරුන් ආරක්ෂා කරන්න කරන අලුත්ම චන්ද ගුන්ඩුව , ජනතාව අවදානයෙන් ඉන්න .
ශිව සේනා කියන්නේ ඉන්දියාවේ දේශපාලන පක්ෂයක්. මොවුන් මේ කරන්නේ අනුන්ගේ කොන්තරාත්තුවක්ද? කාලයක් මුස්ලිම් ජනතාව ඉලක්ක කරමින් විවිධ කල්ලි කණ්ඩායම් විවිධ ආකාරයේ කඩාකප්පල්කාරී ක්‍රියාවන්හි නිරත වෙමින් සිටියා... නමුත් අපේ රටේ දූෂිත දේශපාලකයින්ට විරුද්ධව 2021 ආරම්භ වූ අරගල ව්‍යාපාරයට ජාති ආගම් භේදයකින් තොරව ශ්‍රී ලාංකිකයින් එකම පවුලක් මෙන් එක්වුණා. එදා බොහෝ දේවල් මිනිසුන් තේරුම් ගන්න පටන් ගත්තා. නූගත්, දූෂිත දේශපාලකයින්ගේ අවසන් තුරුම්පුව ජාතිවාද හා ආගම් වාදයයි... මෙය ඉන්දියාවේ ඉහළින්ම සිදුවෙමින් පවතින දෙයක්... ලංකාවේ ජනතාව අතරට මෙය ප්‍රචලිත කිරිමේ වෑයමක් විය හැකිය. මිනිසුන් අවධානයෙන් සිටීම වැදගත්...
ගවයෝ ඉන්න ඕනෑ නේ අපිට පාර්ලිමේන්තු යවන්න..
සත්ව කරුණාව මොකද හරකුන්ට විතරක්...? තුවක්කු කරුවන් අතින් අලින්, මුවන්, වඳුරන් සහ තවත් සතුන්, කුරුල්ලන් බොහෝ ප්‍රමාණයක් ඝාතනය වෙනවා. ඒ අයත් ප්‍රානීන් නොවේද? ඒවාට විරුද්ධව කවුරුවත් කතා නොකරන්නේ ඇයි?
මහින්ද මහත්තයා පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනත් ගව ඝාතනය තහනම් කළා නේද..? අවුරුදු 3,4කට කලින්...