(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කුලියාපිටියේ සුසිත් ජයවංස නමැති තිස් හැවිරිදි තරුණයා අතුරුදන් කර ඝාතනය කිරීමේ සිද්ධියෙන් පසු අතුරුදන්ව සිටි මෙම ඝාතන සිද්ධියේ සැකකරුවකු වන සිඟිති නමැත්තාගේ දියණිය එම තරුණයාගේ ඝාතන සිද්ධියෙන් දින 20ක කාලයකට පසු අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය මූලස්ථාන පොලිසිය සඳහන් කරයි.
මීගමුව ප්‍රදේශයේ පිහිටි ඇයගේ ඥාති නිවෙසක සිටින බවට ලැබුණු තොරතුරක් මත කරන ලද දැනුම් දීමක් අනුව මෙම තරුණිය ඇයගේ ඥාතියකු සමග ඊයේ කුලියාපිටිය මූලස්ථාන පොලිසියට පැමිණ ඇතැයි පැවැසීය.
මෙම තරුණිය ගේ සහෝදරයන් දෙදෙනා මීගමුව නිවෙසේ රැඳී සිටින බවට ද පොලිසිය තහවුරු කරගෙන තිබේ. තම නිවෙසට සුසිත් නමැත්තා ගෙන්වා ගැනීමෙන් පසු තමා කිරිඅම්මා ගේ නිවෙසට කැඳවාගෙන ගිය බව එම තරුණිය පොලිසියට පවසා ඇතැයි දැනගැනීමට ඇත.
තමා අවුරුදු 15ක වයසේ පසුවන වන පාසල් සිසුවියකව සිටියදී සුසිත් නමැත්තා පිහියක් පෙන්වා මරා දමන බවට තර්ජනය කර නිවෙසේ උඩුමහලට බලහත්කාරයෙන් රැගෙන ගොස් මුල්වතාවට දූෂණය කළ බවත් ඉන්පසු වරින් වර දූෂණය කළ බවත් තමන් මරා දමා විය යැයි යන බියට මවුපියන් සමග මේ බව කියන්නට නොගිය බවත් එම තරුණිය පොලිසියට ප්‍රකාශ කර ඇතැයි කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙම්වතිය කල්පනා කරන්න ඇති ඇයි පොලිසියට විතරද කතන්දර ගොතන්න පුළුවන් මට බැරිද ඒ නිසා මමත් එකක් ගොතලා කියනවාකියලා
සල්ලිවලට බොරු කියාදෙන ගුරුවරයෙකුගෙන් උපදෙස් ලැබිලාවත්ද?
ෂර්ලොක් හෝම්ස් කියන්වා වගේ දත්ත නැතුව නිගමන වලට එන්න අමාරුයි. කතාව දන්න අනිත් මනුස්සයා මැරිලා නිසා...
තාත්තාද මගේ දුවේ ඔය මොන්ටිසෝරි බොරුව පොලිසියේදී කියන්න කීවේ. තව ටිකක් ලස්සනට කියන්න තිබුනා.
මරලා ඉවරවෙලා මරණය හරි ලස්සනට සාධාරණීකරණය කරනවා.මේවා වැරදි පූර්වාදර්ශ .කිසිවෙකුටත් නීතිය අතට ගැනීමට ඉඩ ලබා නොදිය යුතුයි
කොල්ලත් බලාගෙන යද්දි හොඳ පුද්ගලයෙක් නෙමෙයි වගේ..නිවුස් වලට කිව්වේ තවත් මේ වගේ තරුණියක්ව මෙයා දූෂණය කරලා එයා ගැබ් ගත්තට පස්සෙ ඒකත් ගබ්සා කරලා කියලයි..මිනී මරපු ඒක හරියි කියන්න බෑ ඒත් ඒ් තාත්තට ඒ් වෙලාවේ ලොකු දුකක් තරහක් එන්නත් ඇති..දැන් සමාජෙ තේරුම් ගන්න ඒක ලේසි නෑ මේ වෙන දේවලුත් ඒක්ක...