
(අංජුල මහික වීරරත්න)
පැරණි වැවිලි කර්මාන්තය වෙනුවට නව කෘෂි ව්‍යාපාරයක් ඇති කරමින් රට ආර්ථික වශයෙන් ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
එහිදී අදාළ ආයතන අතර ඇති බාධක නව නීතියකින් ඉවත් කරන බවද පැවසූ ජනාධිපතිවරයා නව තාක්ෂණික කළමනාකරණය වැවිලි ක්ෂේත්‍රයට හඳුන්වා දීමට කටයුතු කරන බව ද සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි අතුරුගිරිය ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ නව අධ්‍යයන හා පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට අද (14) සහභාගී වෙමිනි.
වැවිලි ක්ෂේත්‍රයට අවශ්‍ය නව නිපුණතාවලින් හෙබි උපාධිධාරීන් බිහි කිරීම වෙනුවෙන් සහ තරුණ තරුණියන් සඳහා උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමේ අරමුණින් ජාතික වැවිලි කළමනාකරණ ආයතනය ස්ථාපිත කර තිබේ.
උපාධි අපේක්ෂකයන් සඳහා පර්යේෂණාගාර, දේශන ශාලා, පරිගණක විද්‍යාගාර හා වෘත්තීය උපදේශන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙන අතර AI හා GIS තාක්ෂණය යොදා ගැනීමට අවශ්‍ය මධ්‍යස්ථානයක් ද මෙහි ස්ථාපිත කිරීමට නියමිතය.
මෙම නව අධ්‍යයන හා පරිපාලන ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 750කි.
මෙම අවස්ථාවට සහභාගිවීම වෙනුවෙන් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ජනාධිපතිවරයා වෙත සිහිවටන තිළිණයක් ද පිළිගැන්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට හදන බාධා නැති කරන්න නව නීති අවශ්‍ය නැහැ. එහම හදන්න පාර්ලිමේන්තුව රැස් කරන්නත් තේරුමක් නැහැ. දැනට පවතින නීති ඕනේ තරම් ඇති තරාතිරම් නොබලා ක්‍රයාත්මක කරනවා නම්....මෙයාගේ කැබිනට් එකේ ඉන්නවා ඕනේ තරම් දූෂිතයන්. ඒ වගේම දූෂිත මහ කොමසාරිසලා පත් කරලා තියන්නේ. ඉතින් කියනවා නව නීති හදනවලු.
බාධකය රනිල් වික්‍රමසිංහ තමයි. ඔයා අයින් වෙන්න.
අවුරුදු හතලිස් පහක් රටේ පාලන බලයට හවුල් වු පාර්ලිමේන්තු මන්ත්‍රීගේ සිට ජනාධිපති වෙනතුරු සියලු තනතුරු දරා රට අගාධයේ පතුලටම ඇද දමන්නට හවුල් වෙලා දැන් තමයි රට නගන්න රටේ ආර්ථිකය සංවර්ධනය ඇති කරන්න උපාය මාර්ග සැලසුම් හා නීති රීති අණ පනත සකස් කරන්න මෙයාට මතක්වෙලා තියෙන්නේ. දැන් ඔයා මහළු වයසේ ඕවට කරදර වෙන්න එපා ලබන ඔක්තෝබර් මාසයේ විශ්‍රාම ගියාම ගෙදරට වෙලා නිදහසේ ඉන්න ලැබුනොත් බණක් භාවනාවක් කරගෙන ඉන්න බලන්න, එහෙමත් නැත්නම් ඉතින් වැලිකඩ දර පලන්න සූදානම් වෙන්න.
තමුන්ට හිතෙන හිතෙන විදියට වැඩ කරන්න කවුද බලය දුන්නෙ .. ගෙම්බ ඕනවට වැඩිය පිම්ඹෙන්න ගිහිල්ලා වුන දේ අහල ඇති නේද .
රට හදන බාධා නැති කරන්න එක නීතියයි ඕන...දේශපාලනයට උපාධිය අවම සුදුසුකම කරලා, රාජ්‍ය සේවයට අනුයුක්ත කරන්න. එතකොට රාජ්‍ය සේවයට තියෙන වරප්‍රසාද භුක්ති විඳලා 60න් විශ්‍රාම යන්න පුළුවන්..දැනට ඕක විතරක් කරාම ඇති. අනිත් ඒවා මතු සම්භන්ධයි....
කයියනායක
අපට පක්ශගතවීමක් නැත.රටට හිටපු නායක නායිකාවො එයාලට පුලුවන් ආකාරයට රටට මිනිසුන්ට සේවය කරල තියෙනව.කරන්න බැරි වුන දේත් තියනව.ඒක තමා ජාතික වශයෙන් අවශය වුනු පිලිවෙලින් හැදිය යුතු විනය,ආර්ථික සංවර්ධනය සහ ප්‍රජාතන්ත්‍රවාදය.පලමුව විනය දෙක මිනිසුන්ගේ ආර්ථික සංවර්ධනය අන්තිමට ප්‍රජාතන්ත්‍රවාදය.රටටම නායකයෙක් නැති වෙලාවක අපිට හිටියෙ ඔය වයසක මනුස්සය විතරයි.අපිට යුද්ධය ජයගත් වීරයො, තාර්කිකව වැරදි පෙන්වාදෙන වීරයො,පාසල් වලට සම්පත් ලබාදෙන නායකයො හිටියට ඒ වෙලාවෙ එතුමා ක්‍රියාකල ආකාරය අපට අමතක කල නොහැක.මේ ඔක්කොම අපේ රටේ මිනිස්සු.ඕන දේවල් වලට හරියට නීති සම්මත කරගෙන රටේ ආර්ථිකය ගොඩ දාන්න ක්‍රම වලින් අපි හැමෝම දායක වෙමු.සෑම දේකටම සිස්ටම් එකක් හදල ඒව මැනේජ් කරමු. සාමාන්‍ය මිනිසුන්ගේ ජීවන තත්වය යුරෝපීය රටක වගේ පහසු කරවමු.නීතිය කාටත් පොදු දෙයක් කරවමු.