ගංජා සමඟ ණය නිලධාරියා මාට්ටු ලිසිං සමාගමක ආණමඩුව ණය නිළධාරියකු කේරළ ගංජා මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදි නොරෝච්චෝල පොලිසිය ඉලන්තඩිය ප්‍රදේශයෙදි අද( 25) අත් අඩංගුවට ගත් බව කියයි. 25 January 2024
නරක ශුද්‍ර ජීවීන් එක්ක සටන් කරන්න ජාත්‍යන්තර සහය ශුද්‍ර ජීවී ප්‍රතිරෝධ සමග සටන් කිරීමේ ජාතික ක්‍රමෝපායික සැලැස්ම (2023- 2028)ක්‍රියාත්මක කිරීම පිණිස එක්සත් රාජධානියේ ෆ්ලෙමින් අරමුදලේ සහාය ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබේ. 25 January 2024
ගමේ වැව් අමුණු හදන්න මේ අවුරුද්දෙත් කෝටි 100ක් කුඩා පරිමාණ වැව්, අමුණු හා ඇළවේලි පිළිසකර කිරීමට මේ වසරේ රුපියල් කෝටි 100ක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් වෙන් කර තිබේ. 25 January 2024
කොකෝවා වවන්න රජයේ වතු බදු දෙයි කොකෝවා ඇතුළු බෝග වගා කිරීමට රජයට අයත් වතු බදු පදනම මත ලබා දීමට රජය සැලසුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 25 January 2024
සනත්ගේ නිශාන්තගේ අවසන් කටයුතු ඉරිදා හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත වූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 28 ඉරිදා ආරච්චිකට්ටුවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. 25 January 2024
මැතිසබය වාර අවසාන කිරීම හෙට රෑට පාර්ලිමේන්තුව ( නව වැනි පාර්ලිමේන්තුවේ සිවු වැනි සභා වාරය) අද (26) මධ්‍යම රාත්රියේදී වාර අවසාන කෙරෙනු ඇතැයි එහි ආරංචි මාර්ගවලින් පැවසේ. 25 January 2024
මෛත්‍රීගේ පනතකට කැබිනට් අනුමැතිය අන්තර්ජාතික ථෙරවාදී ධර්මායතනය සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 25 January 2024
රිය අනතුරින් පියා -පුතු මරණයට: මව රෝහලේ ආණමඩුව ලබුගල ප්‍රදේශයෙදී අද(25 ) සිදුවු මාරක අනතුරකින් පියා හා පුතු මරණයට පත්ව මව බරපතල තුවාල ලබා පුත්තලම මූලීක රෝහලට ඇතුලත් කර ඇති බව ආණමඩුව පොලිසිය කියයි. 25 January 2024
මීනගයා දුම්රියේ ආපනශාලාවට සීල් තියයි මඩකලපුව සිට කොළඹ කොටුව බලා ධාවනය වන මීනගයා නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියේ ආපනශාලාවලට අධිකරණ නියෝගයක් මත මුද්‍රා තැබීය. 25 January 2024
නිධන් හාරන්න ගිය චීවරධාරීයා ඇතුළු 11 ක් පොලිස් දැලේ නිධන් කර ඇති පෞරාණික වස්තුන් සොයා තඹුත්තේගම කිත්සිරිගම ප්‍රදේශයේ නිවසක් පිටුපස කැණීම් සිදු කරමින් සිටි චීවරධාරියෙකු ඇතුළු 11 දෙනෙකු අත්අඩංගුවට ගත් බව තඹුත්තේගම මූලස්ථාන පොලිසිය පවසයි. 25 January 2024
ගාසා සරණාගත කඳවුරකට ප්‍රහාරයක් ගාසා තීරයේ ඛාන් යූනිස් නගරයේ සරණාගත කඳවුරකට එල්ල වුණු ඊශ්‍රායල හමුදා ප්‍රහාරයකින්, පලස්තීන වැසියෝ 9 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 75 කි. කාන්තාවන් සහ කුඩා දරුවන් බොහෝ දෙනකු තුවාල ලැබූ පිරිස අතරේ සිටින බව පැවැසෙයි. 25 January 2024
සනත්ගේ මන්ත්‍රී පුටුවට ජගත් එල්.කේ ජගත් ප්‍රියංකර මහතාරාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා අභාවප්‍රාප්ත වීමෙන් පුරප්පාඩුවූ එම මන්ත්‍රී ධූරයට පත් කිරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තුව ආරංචි මාර්ගවලින් පැවසේ. 25 January 2024
නීතිය පමාවීමේ වැරැද්ද හදන්න සංශෝධනයක් අපරාධ නඩු විධාන සංග්‍රහ පනත් (1970 අංක 15 දරණ) සඳහා සංශෝධන ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 25 January 2024
විනිමය බිල්පත් ආඥා පනත සංශෝධනයට විනිමය බිල්පත් ආඥා පනත සඳහා සංශෝධන ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 25 January 2024
කාමාතුරයන්ට දඬුවම් වැඩි කරන්න නීතිය වෙනස් කරයි දණ්ඩ නීති සංග්‍රහය සඳහා සංශෝධන ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 25 January 2024
ලංකාව ගැන ඇමෙරිකා සංවිධානයක හිත උණු වෙයි ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඇමරිකා එක්සත් ජනපදයේ Latter-day saint charities සමාගම අතර ඇති කරගත් සහයෝගීතා ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 25 January 2024
කාන්දකාඩුවේ තවත් රැදවියෝ පිරිසක් පලා යති:17 ක් අත්අඩංගුවට පොලොන්නරුව ,වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැදවියන් පිරිසක් ඊයේ (24) රාත්‍රී පලාගොස් ඈති බව වැලිකන්ද පොලිසිය කියයි. 25 January 2024
’’කුරුඳු වැඩ’’ අලුත් තැනකට පවරයි ජාතික කුරුඳු පර්යේෂණ සහ පුහුණු මධ්‍යස්ථානය කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවට පවරා දීමට කැබිනට් අනුමැතිය ලබා දී ඇත. 25 January 2024
කුරුණෑගල විහාරස්ථානයකට වෙඩි ප්‍රහාරයක් දොඩම්ගස්ලන්ද උඩත්තාපොළ පුරාණ විහාරස්ථානයට ඊයේ (24) රාත්‍රියේ වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බව මදුරාගොඩ පොලීසිය පවසයි. 25 January 2024
පොලිස් ලොක්කෝ තුනකට ස්ථානමාරුවීම් ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි වැඩ බලන පොලිස්පතිවරයා විසින් ඊයේ 24 දින සිට ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකුට ස්ථාන මාරු ලබා දී තිබේ. 25 January 2024
ලංකා- තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුමට කැබිනට් අනුමැතිය ශ්‍රී ලංකා තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 25 January 2024
දුරුතු පොහොය අදයි දුරුතු පොහොය වසරේ ආරම්භක පොහෝ දිනයයි. ලංකාවාසී සැදැහැවත් බෞද්ධයන්ගේ පහන් සිත් දල්වාලූ දුරුතු පොහෝ දිනය ආගමික වශයෙන් වටිනාකම් රැසක් මෙරටට දායාද කළ දිනයකි. බුදුරජාණන් වහන්සේ ප්‍රථම වරට මහියංගණයට වැඩම කළේ අද වන් 25 January 2024
විදේශිකයකු අභිරහස් ලෙස මිය ගිහින් කොම්පඤ්ඤවීදිය සර් ජේම්ස් පීරිස් මාවත මහල් නිවාස සංකීර්ණ එක පස්වන මාලයේ ඇති ඇවිදින්නේ මං තීරුවක් සහිත උද්‍යානයක් තුළ විදේශීය ජාතිකයකු සැකකටයුතු ලෙස වැටී මිය ගොස් ඇතැයි කොම්පඤ්ඤවීදිය පොලිසිය කියයි. 25 January 2024
අද වැසි රහිත කාලගුණයක් දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 25 January 2024
රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මිය යයි පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්ත්‍රී හා රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ දී සිදු වූ රිය අනතුරකින් මියගොස් ඇතැයි රාගම රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය 25 January 2024
ජින්තුපිටියේ වෙඩි තැබීමක්:සැකකරුවෙක් මාට්ටු කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේදී අද රාත්‍රි කාලයේ සිදු වූ වෙඩිතැබීමකින් එක් අයකු තුවල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කර ඇතැයි පොලිසිය කියයි. 24 January 2024
ලෙඩ ළදරුවන් තනිකර මව පියා වන්දනාවේ ගිහින් අවුරුදු අටක,පහක සහ 3 ළදරුවන් තිදෙනකු නිවසෙහි තනිකර බාරයක් ඔප්පුදීමට ශ්‍රීපාදයට ගිය බව කියන මව්පිය යුවළක් අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය පොලිසිය කියයි. 24 January 2024
අනතුරින් කොස්තාපල් මරුට ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ රාජකාරි සඳහා යොදවා සිටි කතරගම පොලිසියට අනුයුක්ත ආධුනික කොස්තාපල්වරයෙකු අද( 24 ) තිස්සමහාරාම අකුරුගොඩ සීමාවේදී පුද්ගලික බස් රථයක ගැටී මියගොස් ඇතැයි කතරගම පොලිසිය කියයි. 24 January 2024
අපරාධයකට ආ හයක් කඩු-බෝම්බ සමඟ මාට්ටු මුල්ලේරියාව කැලණි නදී මාවත හන්දියේ නවතා තබූ සැක කටයුතු ත්‍රිරෝද රථයක තිබී ලේ තැවරුණු කඩු තුනක් යකඩ පොල්ලක් මන්නයක් ජීව අත් බෝම්බ දෙකක් සමගින් සැකකරුවන් හය දෙනෙකු අත් අඩංගුවට ගත් බව මුල්ලේරියාව පොලිසිය පවසයි. 24 January 2024
වේත්‍රධාරිට මැතිසබයෙන් උපහාරයක් ලබන 30 වැනිදා විශ්‍රාම යාමට නියමිත වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතාට උපහාර පිදීමේ විවාදයක් පාර්ලිමේන්තුවේදී අද (24) පස්වරුවේ පැවැත්විණ. 24 January 2024
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026