ඇමරිකාවෙන් දෙන ප්‍රදානයක් වැඩි කරයි ඇමෙරිකා එක්සත් ජනපද රජය සමඟ අත්සන් කරන ලද සහයෝගිතා ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 02 July 2024
නියාමක කඩු සමග මාට්ටු මඩකළපුව බන්ධනාගාරය තුළට මත්ද්‍රව්‍ය රැගෙන ගිය එම බන්ධනාගාරයේ නියාමකවරයකු අත්අඩංගුවට ගත් බව මඩකලපුව පොලිසිය පවසයි. 02 July 2024
’’පාසල් වෑන් ගාස්තු අඩු කරන්න බෑ’’ පාසල් ළමුන් ප්‍රවාහනය තවදුරටත් සිදුකරගෙන යාමට ණය මුදලක් ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කරන බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය ප්‍රකාශ කරයි. 02 July 2024
රට තුළ මැතිවරණ නීතිය ක්‍රියාත්මකයි පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කල්දමා තිබීම සහ එම ඡන්ද විමසීම පවත්වා අවසන් නොමැති බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 ඒ වගන්තිය ප්‍රකාරව මැතිවරණ නීතිය තවමත් බලාත්මකව බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් සඳහනන් කරයි. 02 July 2024
ජනපති සම්පන්තන්ට සොව පළ කරයි ආර්.සම්පන්දන් සෑම විටම ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් නොසැලී පෙනී සිටි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 02 July 2024
පොලිසියේ 15කට ස්ථාන මාරු නියෝජ්‍ය පොලිස්පතිවරුන් 6 දෙනකු ඇතුළු උසස් නිලධාරීන් 15 දෙනකුට පොලිස් කොමිසමේ නිර්දේශ පරිදි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නියෝග පරිදි ස්ථාන මාරු ලබාදී ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. 02 July 2024
සම්බන්දන්ට ගෞරව කරන්න දේශපාලන සගයෝ එති දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත ආර්. සම්පන්දන් මහතාට දේශපාලඥයන් ඇතුළු විශාල පිරිසක් අද (2) අවසන් ගෞරව දැක්වූහ. 02 July 2024
ඔක්ටේන් 100 අලෙවිය ඇරඹේ ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (එල්.අයි.ඕ.සී.) එම සමාගමේ ඉන්ධන පිරවුම්හල් කීපයක ඔක්ටේන් 100 පෙට්‍රල් අලෙවි කිරීම අද (2) පස්වරුවේ ආරම්භ කරන බව එල්.අයි.ඕ.සී. පවසයි. 02 July 2024
මහබාගෙට සම්පූර්ණ පොලිසියක් මහබාගේ පොලිස් ස්ථානය සඳහා ඉඩම් කොටසක් ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 02 July 2024
කාන්තාවන් ’’හයිය’’ කරන යෝජනාව අනුමතයි ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයේ කාන්තාවන් ආර්ථික වශයෙන් සවි බල ගැන්වීම වන යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 02 July 2024
මහනුවර බොරු බෝම්බයට වටවල අයෙක් මාට්ටු මහනුවර අධිකරණ සංකීර්ණය තුළ බෝම්බයක් ඇති බවට නිර්නාමික දුරකතන ඇමැතුමක් ලබා දුන් බව කියන වටවල ප්‍රදේශයේ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 02 July 2024
ත්‍රිරෝද රියදුරා හිටිහැටියේම මිය ගිහින් බේරුවල පොලිස් ස්ථානය ඉදිරිපිට මහමග ගමන් ගන්නා ජනතාවට ගිමන් නිවා ගැනීමට සකසා ඇති ස්ථානයට ත්‍රිරෝද රථයක් පදවා පැමිණි පුද්ගලයෙකු එම ස්ථානයේදීම හිටි හැටියේ මියගොස් ඇතැයි පොලීසිය කියයි. 02 July 2024
මහනුවර අධිකරණයේ සියලු නඩු 16 වැනිදාට කල් තබයි මහනුවර අධිකරණ සංකීර්ණය තුළ ඇතිවූ බෝම්බ බිය නිසා අද (02) දිනට විභාග කිරීමට නියමිතව තිබූ සියලු නඩු කටයුතු ජූලි මස 16 වැනි දිනට කල්තබා තිබේ . 02 July 2024
ඉන්දියාවෙන් යාපනයට වතුර ඉන්දියා රජය මඟින් යාපනය දිස්ත්‍රික්කයේ වැසි ජලය රැස් කිරීමේ ටැංකි 934 ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 02 July 2024
ශ්‍රීලනිප මහලේකම් ධූරය දයාසිරිට පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයෙන් හෝ පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීම තහනම් කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිසට අතුරු තහනම් නියෝගයක් කොළඹ දිසා අධිකරණය අද (02)නිකුත් කළේය. 02 July 2024
ජංගම දුරකතන සොරකම් සිද්ධියකට පිහියකින් ඇනලා ජංගම දුරකථනයක් සොරකම් කිරීමේ සිද්ධියකට දණගස්වා පහර දුන්නැයි උරණ වී එම පුද්ගලයා ට පිහියෙන් ඇන ඝාතනය කර ඇතැයි මාළිගාවත්ත පොලිසිය කියයි. 02 July 2024
’’මඩ ගසා මාලිමාව වට්ටන්න බෑ’’ ගල් මුල් හෝ මඩ ගසාමාලිමාව වැට්ට විය නොහැකි බව සතුරන්ට අවධාරණය කරන්නේය යැයි ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය 02 July 2024
ඉන්දියානුවන් 12ක් මහනුවරිනුත් අල්ලයි මහනුවර දොඩම්වල හල්ලොලුව පාලම අසල හුදකලාව පිහිටි සුපිරි නිවාසයක් තුළ තරුණ ඉන්දියානු ජාතිකයන් පිරිසක් විසින් පවත්වාගෙන ගිය බවට සැකකරන පරිගණක අපරාධ මධ්‍යස්ථානයක් වටලා එම ඉන්දියානු ජාතිකයන් සහ පරිගණක ලැප්ටොප් ඇතුළු විශාල භාණ්ඩ තොගයක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ . 02 July 2024
සම්බන්දන්ගේ පුටුව හිස් වුණු බව මැති සබයට දන්වයි ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර් සම්පන්දන් මහතා අභාප්‍රාප්ත වීමෙන් මන්ත්‍රී ධූරයක් පුරප්පාඩු වී ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය. 02 July 2024
හෙන්රි පේද්‍රිස් පිටිය ඉසිපතනයට දෙයි කොළඹ ඉසිපතන විද්‍යාලයීය ක්‍රීඩා කටයුතු සඳහා හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගනය පවරා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 02 July 2024
විවාහ වෙන්න බෑ කී වැයි අමානුෂික දඬුවමක් විවාහ වීමට කැමැත්ත පළ නොකිරීම හේතුවෙන් පිරිමි පුද්ගලයෙකු ලිංගේන්ද්‍රිය කපා ඔහුට පහරදුන් වෛද්‍යවරියක් බිහාර් පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබ ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. 02 July 2024
උඩු ගුවනේ තවත් අනතුරක් ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවර සිට උරුගුවේහි මොන්ටෙවීඩියෝ නගරය බලා පියාසර කළ එයාර් යුරෝපා ගුවන් සේවයට අයත් ගුවන් යානයක් දැඩි වායු රික්තකයට හසුවීම හේතුවෙන් ආරක්ෂක පටි පැළඳ නොසිටි මගියෙකු උඩ විසිවී හිසට ඉහළින් ඇති බඩු මලු දමන මැදිරියේ සිරවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 02 July 2024
ලිට්රෝ මිල පහළට ලිට්රෝ ගෘහස්ථ ගෑස් මිල රුපියල් 100 කින් අඩු කළ බව ලිට්‍රො ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (2) පෙරවරුවේ පැවසීය. 02 July 2024
බෝම්බ බියකින් මහනුවර අධිකරණ නොසන්සුන් මහනුවර අධිකරණ සංකීර්ණය තුළ බෝම්බයක් ඇති බවට පොලිස් හදිසි ඇමතුම් ඒකකයට (119) ලද තොරතුරකට අනුව අධිකරණ සංකීර්ණය තුළ සියලු නඩු කටයුතු නවතා එහි සිටි ජනතාව ඉවත්කොට පුළුල් පරීක්ෂාවක් සිදු කරන බව පොලිසිය කියයි . 02 July 2024
ට්‍රම්ප්ට නඩු පවරන්න බැහැ ඇමෙරිකානු ජනාධිපතිවරයකු ධුරය දැරූ සමයේදී ගත් රාජාකාරී තීරණ අභියෝගයට ලක් කරමින් ඔහුට කිසිම විටකත් නඩු පැවැරිය නොහැකි බවත් එය හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ටද අදාළ වන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. 02 July 2024
අඟහරු පසේ වගා කරන්න පුළුවන් ශාකයක් අඟහරු මත වියළි නිසරු කර්කශ පරිසරයේ වගා කළ හැකි සහ එවැනි පරිසරයක හොඳින් වැඩිය හැකි ශාකයක් පෘථිවියේ ඇතැයි විද්‍යාඥයෝ පවසති. 02 July 2024
ෂැංග්හයි සහයෝගීතා සමුළුව ඇරැඹේ ෂැංග්හයි සහයෝගීතා සංවිධානයේ, සාමාජික රටවල රාජ්‍ය නායක සමුළුව කසක්ස්තානයේ අස්තානා අගනුවරදී ආරම්භ විය. ෂැංග්හයි සහයෝගීතා සංවිධානයේ, සාමාජික රටවල රාජ්‍ය නායක සමුළුව මෙවර පැවැත්වෙන්නේ 24 වැනි වරටය. 02 July 2024
ලංකාවේ විදෙස් ණය ඩොලර් බිලියන 37යි ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 37ක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. 02 July 2024
දොස්තර නිලමුද්‍රා සොරකම් කර අධි මාත්‍රා බෙහෙත් ගත් තිදෙනෙක් අල්ලයි නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ විකලංග කායික විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ සහ එම වෛද්‍යවරුන් සේවය කරන වාට්ටුවේ නිල මුද්‍රාව යොදා නුවරඑලිය නගරයේ ඔසුසැල් වලින් අධි මාත්‍රා ඖෂධ ලබාගත් සැකකරුවන් දෙදෙනෙකු සහ එම රෝහලේ හෙද සහයකයකු අත්අඩංගුවට ගත් බව නුවරඑළිය පොලීසිය කියයි. 02 July 2024
රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි මහජන ආරක්ෂාව සඳහා රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආඥාවක් නිකුත් කර ඇතැයි කතා නායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (2) දැනුම් දුන්නේය. 02 July 2024
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026