IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


රිෂාඩ්ගේ තීරණයට පක්ෂයේ ජාතික සංවිධායක විරුද්ධ වේ

(අමදෝරැ අමරජීව)

මෙවර ජනාධිපතිවරණයේදී සමස්ථ ලංකා මහජන කොංග්‍රසය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට තීරණය කළත් තමන් එම තීරණයට එකඟ නැතැයි එහි ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් අබ්දුල්ලා මහරුප් මහතා පැවසීය.

ඔහු මෙසේ ද පැවැසීය.

තමන්ගේ මෙම තීරණය පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බද්යූදීන් මහතාට දැනුම් දුන්නා. මෙම තීරණය අලුත් දෙයක් නොවෙයි.

තම පක්ෂයේ උත්තරීතර මණ්ඩලය සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට තීරණය කිරීමට පෙර මෙම දැනුම් දීම සිදුකළ බව ද ජාතික සංවිධායකවරයා කීහ.

මගේ ආධාරකරුවන් සීයට අනූපහක් මාස හයක් තිස්සේ කියනවා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන්න ඕන කියලා. එහෙම තියෙද්දි මම කොහොමද සජිත් ප්‍රේමදාස මහතාට සහාය දෙන්නේ.

අනික් එක අපි බලන්න ඕන ආර්ථික අර්බුදයට ලක්වෙලා තිබුණු වෙලාවේ තෙල් පෝලිම් සහ ගෑස් පෝලිම් යුගය නැති කරලා රට ගොඩ ගත්තේ කවුද කියලා ඒ අර්බුදයට අපි ආයි යනවද කියන එක අපි බලන්න ඕන. සජිත්ට සහාය පළ කරලා සජිත් බලයට ආවොත් නැවත වෙන්නේ රට ආර්ථික වශයෙන් අරාජික වෙන එක විතරයි යැයි ජාතික සංවිධායකවරයා තවදුරටත් පැවසීය

 



අදහස් (7)

රිෂාඩ්ගේ තීරණයට පක්ෂයේ ජාතික සංවිධායක විරුද්ධ වේ

යෝගා Sunday, 25 August 2024 08:17 AM

ජනතාව බලාපොරොත්තු වන්නේ ස්ථාවරත්වය මිස අත්හදා බැලීම් නොවන බවයි පේන්නේ. ඇරත් තමන් මෙතෙක් ජනතාව වෙනුවෙන් කළ වැඩ අනුව මිස කරනවා කියා බෙරිහන් දෙන වැඩ ගැන ජනතාව විශ්වාස කරන එකක් නෑ...!

:       7       45

රංබෙිඩ Sunday, 25 August 2024 09:34 AM

වැඩි ගොඩ ලැබෙන්නේ කාගෙන්ද බලන්න... කට්ටියම එකතුවෙලා ඒ ගොඩට පනින්න. වෙන මොකුත් අරමුණු නෑනේ...!

:       30       6

Pradeep Kumara Sunday, 25 August 2024 09:37 AM

තෙල් පෝලිම්, ගෑස් පෝලිම් නැති වුනේ රනිල්ගේ පාලන සමයේ තමයි. ඒත් එහෙම කළේ කොහොමද කියලා හොයලා බැලුවාද? බලන් ගියාම ගමේ ගොඩේ ඉන්න නූගත් මිනිස්සුන්ගෙයි මේ මන්ත්‍රී වරුන්ගෙයි බුද්ධි මට්ටමේ කිසිම වෙනසක් නෑනේ...!

:       29       12

සෙනෙවිරත්න Sunday, 25 August 2024 10:31 AM

තමුන්නැහැලාට ඔය දෙක විතරයි. දෙකම එකයි, රනිල් කළ දෙයක් නැහැ කියලා කවදා වැටහේවිද?

:       31       9

siri Sunday, 25 August 2024 11:08 AM

ජනතාව ඔහෙලා නටන පදේට නටන්න සූදානම් නැහැ...

:       27       10

සිල්වා Sunday, 25 August 2024 12:05 PM

පෝලිම් නැතිකර තියෙන්නේ මිල උපරිමයට වැඩිකිරීම හරහායි. නැතිව ආර්ථිකය වර්ධනය කිරීම හරහා නොවෙයි.

:       29       7

Rifan Sunday, 25 August 2024 05:21 PM

අනේ මොවුන්ගේ බයිලා මොවුන්ට ඇති ඡන්දයෙකුත් නැහැ. ආධාර කරුවනුත් නැහැ. මොවුන් කොහොමත් ගැලපෙන්නේ රනිල්ට තමයි. මුස්ලිම් ජනතාව අපි නම් අනුරට...

:       6       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 627 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site