’’කහ ලොකු අඹ’’ රට යවන්න විතරයි TEJC අඹ ප්‍රභේදය අපනයනය ඉලක්ක කරගත් වගාවන් වශයෙන් පමණක් මින් ඉදිරියට ව්‍යාප්ත කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ. 03 July 2024
මිහින්තලේ නාහිමිත් ජනපති ඡන්දෙට ? ජනපති අපේක්ෂකත්වයට ආරාධනාවක් ලැබුණහොත් රටේ ජනතාව වෙනුවෙන් ඊට සූදානම් බව මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුණ වැවේ ධම්මරතන නාහිමියෝ පැවසූහ. 03 July 2024
ස්විට්සර්ලන්තය සමඟ ඇඟලුම් ගිවිසුමක් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ ආර්ථික කටයුතු පිළිබඳ ස්විට්සර්ලන්ත රාජ්‍ය ලේකම් කාර්යාලය අතර ගෝලීය රෙදිපිළි සහ ඇඟලුම් වැඩසටහන පිළිබඳ ව්‍යාපෘති ගිවිසුමට එළඹීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 03 July 2024
ගින්නක් යුවළකට දිවි අහිමිකරයි යටියන්තොට පොලිස් බල ප්‍රදේශයට අයත් යටියන්තොට පනාවත්ත වතු යායේ අද (03) අළුයම 2.00 පමණ විදුලි කාන්දුවීමක් හේතුවෙන් සිදුවු ගිණි ගැනීමකින් එම වතුයායේ ලැයිම් කාමර පහක් ගිණි ගෙන එම ලැයිම් කාමරයක සිටි අඹුසැම් යුවලක් මරණයට පත්ව ඇති බව යටියන්තොට පොලිසිය කියයි. 03 July 2024
මත්ස්‍ය ප්‍රහාරයකින් ධීවරයෙක් මරුට යාපනය ගුරුනර්හ හි ධීවරයෙකුට විස සහිත මොරල්ලෙකු ගෙලට ඇනීමෙන් ධීවරයා මියගොස් ඇති බව යාපනය පොලිසිය සදහන් කරයි. 03 July 2024
බෝට්ටුවක් පෙරැළි අයෙක් මරුට යාපනය කුරිකට්ටුවාන් ප්‍රදේශයේ සිට නයිනතිව් දුපත දක්වා භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබු බෝට්ටුවක් පෙරැළී සිදුවූ අනතුරකින් එක අයෙකු මුහුදේ ගිලි මියගොස් ඇති බව ඌ(ර්)කවතුරේ පොලිසිය සදහන් කරයි. 03 July 2024
ඥාතීන්ගේ විලාප මැද ධීවර සිරුරු තංගල්ලට මුහුදේ පාවී ආ බෝතලයක තිබූ දියර වර්ගයක් පානය කිරීමෙන් ජීවිතක්ෂයට පත් ඩොවෝන් පුතා 5 ධීවර යාත්‍රාවේ ධීවරයින් හතර දෙනාගේ මෘතදේහයන් රැගත් බහුදින ධීවර යාත්‍රාව අද (3) උදෑසන තංගල්ල ධීවර වරායට ළගාවිය. 03 July 2024
අදත් වැසි වාර කිහිපයක් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසිඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 03 July 2024
ලංකාවේ ටියානිට ඇමෙරිකාවේදී වාසනාව ශ්‍රී ලාංකික සම්භවයක් සහිත 16 හැවිරිදි ටියානා සුමනසේකර පැරිස් ඔලිම්පික් තරඟාවලිය නියෝජනය කරන ඇමෙරිකානු ජිම්නාස්ටික් කණ්ඩායමේ සංචාරය නොකරන ආදේශක ක්‍රීඩිකාවක් ලෙස නම් කර ඇත. 03 July 2024
පියුමිගේ ආලේපනත් සීඅයිඩීයේ විමර්ශනයට නීති විරෝධී සහ සැක කටයුතු අන්දමින් කෙටි කාලයකදී රුපියල් කෝටි ගණනක දේපළ උපයා ගත්තේයැයි කියන නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි විසින් පවත්වාගෙන යනු ලබන රූපලාවණ්‍ය ආලේපන නිෂ්පාදන ඇයගේ ආයතනය මගින් ආනයන සහ අපනයන කර ඇත්දැයි සොයා ගැනීමට රහස් පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පරීක්ෂණ පවත්වයි. 03 July 2024
ඉන්දියාවේ ආගමික උත්සවයක තෙරපීමක්: 116 ක් මරුට ඉන්දියාවේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ සිදුවුණු තෙරපීමකින් 116 ක් මියගියහ. මියගිය එම 116 දෙනාගෙන් 106 දෙනකු කුඩා දරුවන් සහ කාන්තාවන් බව ද පැවැසෙයි. 03 July 2024
රෝබෝවක් සිය දිවි නසා ගනී රොබෝවරයකු ලොව ප්‍රථම වතාවට සියදිවි හානි කරගෙන ඇතැයි දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කළේය. 03 July 2024
සිසුවෙක් සහ සිසුවියක් ගොඩනැගිල්ලක 67 වන මහලින් පැනලා කොළඹ කුරුඳුවත්තේ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන 15 හැවිරිදි සිසුවකු සහ සිසුවියක කොම්පඤ්ඤවීදිය සුඛෝභෝගී නිවාස සංකීර්ණයක 67 මහලින් පැන සියදිවි නසාගෙන ඇතැයි කොම්පඤ්ඤවීදිය පොලිසිය කියයි. 02 July 2024
ටෙලිකොම් විකිණීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීම ජාතික ආරක්ෂාව බරපතළ අනතුරක හෙළීමක් වන හෙයින් එම ආයතනය පෞද්ගලීකරණය නොකළ යුතුයැයි ජාතික ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව නිර්දේශ කර තිබේ. 02 July 2024
ගොඩබිමට ගෙනා ධීවර සිරුරේ කොටස් රස පරීක්ෂකට මහ මූහුදේ පාවූ නොහඳුනන බෝතලයක දියර පානයක් කර ජීවිතක්ෂයට පත් වූ ධීවරයන් අතරින් දැනට ගොඩබිමට ගෙනවිත් හම්බන්තොට මහ රෝහලේ තැන්පත් කර ඇති ධීවර කාර්මිකයාගේ ශරීරයේ කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසටත් එතෙක් මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබාදීම සිදුකරන බවත් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත් වූ හම්බන්තොට මහ රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය දිල්හානී අමරසිංහ මහත්මිය හම්බන්තොට වරාය පොලිසියට නියෝග කළාය. 02 July 2024
ආර්ථික පරිවර්තන කෙටුම්පත ගැන කතානායකගෙන් ප්‍රකාශයක් ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද (02)දා පැවසීය. 02 July 2024
පුත්තලම හිටපු මන්ත්‍රීගේ දඬුවම තහවුරු වේ පුත්තලම දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර ලබා දී තිබූ වසර 05 ක අත්හිටවූ සිර දඩුවමක් නැවතත් 02 වැනිදා අද දින නැවත වරක් තහවුරු කර ඇත. 02 July 2024
ජනපති සම්පන්තන්ට අවසන් ගෞරව දක්වයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙමළ ජාතික සන්ධානයේ උත්තරීතර නායක අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්පන්තන් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීය. 02 July 2024
මාස තුනට බූස්සට ජංගම දුරකතන 36 රිංගවලා බූස්ස බන්ධනාගාරයේ අධි ආරක්ෂිත කලාපයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ’’කැස්බෑව හල්පිට රැවුල් කුමාර’’ නැමැති මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට ඉකුත් මාස තුනක පමණ කාලයක් තුළ රුපියල් ලක්ෂ ගණනාවක් වටිනා ජංගම දුරකථන 36ක් ඇතුළු උපාංග රැසක් ලබා දී ඇති බවට විමර්ශනයකදී අනාවරණය වී ඇතැයි බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි. 02 July 2024
තරුෂිට - නදීෂාට ඔලිම්පික් වරම් පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකා මලල ක්‍රීඩිකාවන් වන තරුෂි කරුණාරත්න සහ නදීෂා දිල්හානි ලේකම්ගේ සුදුසුකම් ලබා ගැනීමට සමත් වූහ. 02 July 2024
කතරගම කපු වලියේ කපුවෙක්ට ඇප රුහුණු කතරගම මහා දේවාලයේ තේවාව භාර රත්නායක කපු පරපුර හා ආරාපක්ෂ කපු පරපුර අතර ඇති කර ගන්නා ලද ගැටුමක ප්‍රතිපලයක් ලෙස රත්නායක පරපුරේ උපුල් රත්නායක කපු මහතාට දේවාලයේ දී පහර දුන්නේයැයි කියන ආරාපක්ෂ පරපුරේ ගයාන් ආරාපක්ෂ කපු මහතා තිස්සමහාරාම මහේස්ත්‍රාත් තරිඳු සමිර සිල්වා මහතා රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හරින්නැයි නියෝග කළේය. 02 July 2024
‘ ජනපති යටතේ ජාතික ආණ්ඩුවකට සහාය නෑ‘ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට කිසිසේත් සහාය නොදීමට සමගි ජනබලවේගය තීරණය කර තිබේ. 02 July 2024
ව්‍යාජ ලිපියක් ගැන දැනුම්දීමක් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් නිකුත් කළ බවට හැඟවෙන ඉංග්‍රීසි භාෂාවෙන් සකස් කරන ලද දැනට සමාජ මාධ්‍යවල සංසරණය වන ව්‍යාජ ලිපියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. 02 July 2024
ණය තිරසර බව ස්ථිරයි ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය ළඟාකර ගැනීම සඳහා පැවති අවිනිශ්චිතතාවයන් සියල්ල මේ වන විට ඉවත්ව ගොස් තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය. 02 July 2024
උඩරට පාරේ මාස 6ට කෝච්චි 11ක් පීලි පැනලා 2024 වසරේ ගෙවීගිය මාස හයක කාලය තුළ උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය පිලී පැනීම් 11 ක් පමණ සිදුව ඇති බවත්ල පසුගිය ජුනි මස පමණක් හතරවතාවක් දුම්රිය පීලි පැනීමට ලක්ව ඇතැයි දුම්රිය මගීහු කියති. 02 July 2024
රට හරි පාරේ යන විට ඇඟේ ඉත්තෑවො දුවන්නේ ඇයි? ආණ්ඩුව රට වෙනුවෙන් නිවැරදි ප්රතිපත්තියකින් ඉදිරියට යන විට විවේචකයන් බලය වෙනුවෙන් දිනෙන් දින විවිධ අභූත කථා නිර්මාණය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද(2)පැවසීය. 02 July 2024
පුනර්ජනනීය බල ශක්තිය මිල දී ගැනීමේ ගාස්තු සංශෝධනයට සම්මත විදුලිය මිල දී ගැනීමේ ගිවිසුම යටතේ පුනර්ජනනීය බල ශක්තිය මිල දී ගැනීමේ ගාස්තු සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 02 July 2024
ලාෆ් ගෑස් මිල වෙනස් නොවේ ලාෆ් ගෘහස්ථ ගෑස් මිලේ වෙනසක් මෙම මස තුළ නොවන බව ලාෆ් ගෑස් සමාගම අද (2) පස්වරුවේ පැවසීය. 02 July 2024
පැතිබැම්මක් කඩා වැටි අයෙක් මරුට මීරිගම දංඕවිට පාරේ නිවසක ඉදිකිරීම් කටයුතුවල යෙදී සිටියදී ඒ අසල තිබූ පැතිබැම්මක් කඩා වැටීමෙන් යටවූ පුද්ගලයකු මීරිගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි මීරිගම පොලීසිය කියයි . 02 July 2024
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය පිලී පැනීමක් මුහුදුබඩ මාර්ගයේ පානදුර දුම්රිය ස්ථානය හා වාද්දූව දුම්රිය ස්ථාන අතර මගීන් රහිත අළුත්වැඩියා කටයුතු කිරීමට සඳහා ධාවනය වූ දුම්රියක් පීලි පැනීමකට ලක්ව ඇත. 02 July 2024
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026