ඩී.එස්. සේනානායක මහතාගේ 72 වැනි ගුණ සමරුව මෙරට ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ 72 වැනි ගුණ සමරු උත්සවය අද (22) 3.30 ට කොළඹ නිදහස් චතුරස්‍ර යේ ඩී.එස් සේනානායක පිළිරුව අබියසදී පැවැත්විණ. 22 March 2024
යතුරු පැදියක් හා ලොරි රථයක් ගැටී කතක් මරුට පුත්තලම කොට්ටුකච්චිය ගල්කුලම ප්‍රදේශයේදී අද (22) සවස ලොරි රථයක් හා යතුරු පැදියක් ගැටි සිදුවු මාරක අනතුරකින් තිදරු මවක් මරණයට පත්ව බරපතල තුවාල ලැබු තවත් තිදෙනෙකු පුත්තලම මූලික රෝහලට ඇතුලත් කල බව පුත්තලම මූලස්ථාන පොලිසිය කියයි. 22 March 2024
පොලිසියට පහර දුන්නැයි පෙරටුගාමී සාමාජිකයන් රිමාන්ඩ් පෙරටුගාමී පක්ෂයේ ජන අරගල ව්‍යාපාරය සාමාජිකයන් 500 දෙනකුගේ පමණ සහභාගීත්වයෙන් පෙරේදා (20) කොළඹදී පැවැත්වූ විරෝධතාවය අතරතුරදී පොලිස් නිලධාරීන් සිව් දෙනාට පහරදුන් සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කිරීම සඳහා රක්ෂිත බන්ධනාගාරගත කළ සැකකරුවන් ලබන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.. 22 March 2024
ධනංජය - කමිඳු ගෞරවය රැකගනිති සංචාරක ශ්‍රී ලංකා පිල සහ බංග්ලාදේශ පිල අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සිලාත්හිදී අද (22) ආරම්භ වූ පළමු තරගයේ පළමු දිනයේ ක්‍රීඩාව අවසන් කරන විට බංග්ලාදේශ පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලු තුනක් දැවී ලකුණු 32 ක් රැස්කර සිටියේය. 22 March 2024
පොත් තුනක් නැති නිසා දරුවන් තිදෙනෙක් පාසල් ගමන නවත්තලා අභ්‍යාස පොත් තුනක් නොමැතිව සතියක් මුළුල්ලේ පාසල නොයන දරුවන් තිදෙනකු තන්තිරිමලේ කටුකැලියාවේ දී අපට හමු විය. 22 March 2024
’’පාස්කු බෝම්බකරුවන් මා දන්නවා’’ පාස්කු ප්‍රහාරය සත්‍ය වශයෙන්ම කළ පුද්ගලයන් දන්නා බවත් අධිකරණය ඉල්ලීමක් හෝ නියෝගයක් කළහොත් ඒ පිළිබඳව ප්‍රකාශ කිරීමට සූදානම් බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (22) පැවසීය. 22 March 2024
අධිවේගයේ බස් දෙකක් ගිනි ගනී මාතර වෙහෙරහේන පාරේ ඉඩමක නවතා තිබු අධි සුබෝපභෝගී බස් රථ දෙකක් අද (22) අලුයම් ගිනි ගෙන විනාශ වී ඇතැයි මාතර මූලස්ථාන පොලීසිය පවසයි. 22 March 2024
රන්ජන් ජයලාල් වරප්‍රසාද කමිටුවට තමා අමාත්‍යවරයකු ලෙස සිටියදී විදුලිය ලබා ගැනීම වෙනුවෙන් විදුලි බල මණ්ඩලයට රුපියල් ලක්ෂ විසිතුනක් ගෙවීම පැහැර හැර ඇතැයි විදුලි බල මණ්ඩලයේ රන්ජන් ජයලාල් නමැති සේවකයා අසත්‍ය ප්‍රකාශයක් කිරීමෙන් තමාගේ වරප්‍රසාද කඩවී ඇති හෙයින් ඔහු ආචාර ධර්ම සහ වරප්‍රසාද කමිටුවට කැඳවා ක්‍රියාමාර්ග ගන්නැයි රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ඩබ්ලිව් .ඩී.ජේ සෙනවිරත්න මහතා පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් පැවසීය. 22 March 2024
ලංකා සතොස භාණ්ඩ 9 ක මිල තවත් අඩු කරයි ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 9 ක මිල තවදුරටත් අඩු කිරීමට පියවර ගත් බවත් නව මිල ඊයේ (21) සිට ක්‍රියාත්මක වන බවත් ලංකා සතොස පැවසීය. 22 March 2024
යාපනයේ අක්කර 234ක් නිදහස් කරයි යාපනය ආරක්ෂක හමුදා මූලස්ථානය යටතේ පැවති අක්කර 234 ක ඉඩම් ප්‍රමාණයක් යාපනය ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි කොට්ඨාස 5කට අයත් ගොවි ජනතාව වෙත වගා කටයුතු සඳහා අද (22) නිදහස් කෙරිණ. 22 March 2024
වී අලෙවියෙන් භාණ්ඩාගාරයට කෝටි දෙදාහක පොල්ලක් වී අලෙවි මණ්ඩලය මහ භාණ්ඩාගාරයට කෝටි දෙදහස් අටසිය හැට තුනක මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය. 22 March 2024
මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු අභාවප්‍රාප්ත වෙයි ප්‍රවීණ ලේඛක හා සම්මානනීය මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු මහතා අද (22) දින අභාවප්‍රාප්ත වී ඇත. 22 March 2024
ඇඳුම් මල්ලටත් සියයට එකක වට්ටමක් පොලිතීන් බෑග් නොගන්නා රෙදිපිළි පාරිභෝගිකයන්ටත් මුළු බිලෙන් සියයට එකක වට්ටමක් දෙන ලෙස පරිසරය ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාව දිවයිනේ ප්‍රධාන පෙළේ රෙදිපිළි අලෙවි ආයතනවලට අද (22) නිර්දේශ කළේය. 22 March 2024
ලෝක ජල දිනය අදයි ලෝක ජල දිනය මාර්තු 22 එනම් අද දිනට යෙදී තිබේ. මෙවර තේමාව සාමය හා ජලය යන්නයි. 1993 වර්ෂයේ සිට සෑම වසරකම මාර්තු 22 වැනිදා ලෝක ජල දිනය සැමරෙන්නේ එක්සත් ජාතීන්ගේ ප්රඥප්තියට අනුවයි. 22 March 2024
බවුසරයක් පෙරලී දැවිතෙල් පාරපුරා ගලයි යාපනය නුවර ඒ නවය මාර්ගයේ යාපනය, මුරුසුවිල් ප්‍රදේශයේදී අද (22) උදෑසන ඉන්ධන රැගත් බවුසරයක් බස්රථයක ගැටී මාර්ගය හරහා පෙරෙලීයාමෙන් පැය කිහිපයක් ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනයට බාධා එල්ලවූ බව කොඩිකාමම් පොලිසිය කියයි. 22 March 2024
ආර්ථික කමිටුවට එන අලුත් මන්ත්‍රීවරු ආර්ථික ස්ථායිකරණ පාර්ලිමේන්තු කමිටුවේ සේවය සඳහා තවත් මන්ත්‍රීවරු දහදෙනෙක් තේරීම් කාරක සභාව විසින් පත්කරනු ලැබ සිටිති. 22 March 2024
දුම්රියේ සිඟමන් යදින යාචකයින් කරදරයක් දැඩි තදබදයක් පවතින කාර්යාල දුම්රියවල සිටින යාචකයින් නිසා දුම්රිය ගමන හිංසාකාරි මගී ප්‍රවාහන සේවයක් බවට පත්ව ඇති බව දුම්රිය මගීහු පවසති. 22 March 2024
පතුරොම් සමඟ කෝප්රල් බිරිය අත්අඩංගුවට යුද්ධ හමුදාවේ සේවයේ නියුතු අයෙකුගේ පෞද්ගලික නිවසක මුළුතැන්ගෙයි සඟවා තිබූ ටී 56 ගිණි අවි වලට යොදන ජීව උණ්ඩ 235ක් අඟුණකොළපෑලැස්ස පොලීසිය බාරයට ගෙන තිබේ. 22 March 2024
මුදල් කමිටුවට තවත් මුහුණු තුනක් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන් ලෙස ඩයනාගමගේ, මිලාන් ජයතිලක සහ මහාචාර්ය රංජිත් බණ්ඩාර යන මහත්වරුද පත් කරනු ලැබ සිටිති. 22 March 2024
වගා ළිඳට වැටී දරුවෙක් මරුට වටවල පොලිස් වසමට අයත් බින්ඔය ඉහල කොටසේ වතු නිවසක සෙල්ලම් කරමින් සිටි දරුවකුගෙ සිරුර නිවස පිටුපස පිහිටි වගා ළිදක තිබි හමු වි ඇති බව වටවල පොලිසිය පැවසිය. 22 March 2024
දිල්ලි මහ ඇමැති අත්අඩංගුවට දිල්ලි මහ ඇමැතිවරයා මෙන්ම, දූෂණ විරෝධී ‘ආම් ආද්මී’ පක්ෂයේ නායක අරවින්ද් කෙජ්රිවාල් පොලිස් අත්අඩංගුවට පත් විය. ඒ, දූෂණ චෝදනා සම්බන්ධයෙනි. 22 March 2024
ළිඳක් පිරිසිදු කරන්න ගිහින් අයෙක් මරුට කොස්ගොඩ වතුරවෙල ප්‍රදේශයේ කොන්ක්‍රීට් වැඩපොළක පිහිටි අඩි 22 ක් පමණ ගැඹුරු ළිඳක් ඉසිමින් සිටි දෙදෙනෙක් ලිඳ තුළදී හුස්ම ගැනීමේ අපහසුතාවයකට ලක්ව ක්ලාන්ත තත්වයෙන් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් අයෙක් මියගොස් ඇතැයි කොස්ගොඩ පොලීසිය කියයි. 22 March 2024
අනුරට කැනඩාවේදී උණුසුම් පිළිගැනීමක් කැනඩාවේ ශ්‍රී ලාංකික ජනහමුවලට සහ තවත් සුහද හමු කිහිපයක් සඳහා සහභාගී වීමට ගිය ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා කැනඩාවෙි ටොරනටෝ(Toronto) ගුවන් තොටුපලේදී ශ්‍රී ලාංකිකයින්ගේ සුහද පිළිගැනීම් අතරතුර. 22 March 2024
රිය අනතුරින් සිසුවා මරුට කැකිරාව ගනේවල්පොල මාර්ගයේ ඇඹුල්ගස්වැව ප්‍රෙද්ශයේදී සිදුවූ මාරක රිය අනතුරකින් වයස අවුරුදු 12ක පාසැල් සිසුවකු එම ස්ථානයේදීම මියගොස් ඇතැයි පොලීසිය කියයි. 22 March 2024
දවසේ කාලගුණය නැගෙනහිර, ඌව, උතුරු-මැද සහ උතුරු පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව කියයි. 22 March 2024
ඇමැති - සභාපති ගැටුම දුර යයි-සභාපති ගෙදර යයි රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත මහතාගේ මරණීය තර්ජන හේතුවෙන් තවදුරටත් රාජකාරි කිරීමට නොහැකි බව ජනපතිවරයාට ලිපියකින් දන්වා සී-නෝර් පදනමේ සභාපති ආචාර්ය දුලාන් හෙට්ටිආරච්චි මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇත. 22 March 2024
කීරි සම්බා ලොරිය උස්සලා වැලිකන්ද ප්‍රදේශයේ මහා පරිමාණ සහල් මෝලකට විකිණීම සඳහා රැගෙන ගිය රුපියල් ලක්ෂ පහළොවක් පමණ වටිනා කීරි සම්බා ලොරිය කීපදෙනෙකු සොරාගෙන ගොස් එම ලොරියේ කීරි සම්බා වී උර කිසියම් ස්ථානයකට නිදහස් කරගෙන ඉන් පසුව ලොරිරථය පමණක් අරලගංවිල පොලිස් වසමට අයත් හතර කණුව ප්‍රදේශයේ දමාගොස් තිබියදී ඊයේ (20) වෙනිදා සොයා ගැනීමට හැකි වූ බව වැලිකන්ද පොලිසිය කියයි. 22 March 2024
මහ බැංකුවේ වැටුප් වැඩිකිරීම කල් යයි කාරක සභාවේ නිර්දේශය පිළිගනිමින් වැටුප් වැඩි කිරීම කල් දමන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධානීන් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට අද (21) දැනුම්දී ඇත. 21 March 2024
අවුරුදු නැකතටත් නැකත් කරුවෝ හැපපෙති සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද (2024) වෙනුවෙන් රාජ්‍ය නැකැත් කමිටුව ඉදිරිපත් කළ නැකැත් අසුබ යැයි පසුගිය සමයේ දිගින් දිගටම චෝදනා එල්ල කළ ජාතික ජ්‍යොතීර්වේදීන්ගේ සංගමය විකල්ප නැකැත් ලැයිස්තුවක් අද ඉදිරිපත් කළේය. 21 March 2024
තෙවැනි වාරිකය ලෙස ඇමෙරිකානු ඩොලර් කෝටි 34 ලැබෙයි ශ්‍රී ලංකාවට ලබාදී ආධාර වැඩසටහනේ දෙවැනි සමාලෝචනය අවසන් කරමින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා බලධාරීහු කාර්ය මණ්ඩල එකඟතාවයකට පැමිණි බව එම අරමුදල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 21 March 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026