
(අංජුල මහික වීරරත්න)
සමෘද්ධි සංවර්ධන අධිකාරියට අනුයුක්තව සේවය කළ සේවකයින් හට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත අන්තර් ග්‍රහණය වීම සඳහා අවස්ථාව සලසා දීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2013 අංක 01 දරන දිවිනැගුම පනත හරහා දිවිනැගුම දෙපාර්තමේන්තුවපිහිටුවීමේදී එවකට සමෘද්ධි සංවර්ධන අධිකාරියට අනුයුක්තව සේවය කරන ලද සේවකයින් හට එම පනතේ ප්‍රතිපාදන යටතේ තම මනාපය පරිදි විශ්‍රාම වැටුපක් සහිතව එවකට දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත අන්තග්‍රහණය වීමට අවස්ථා කිහිපයකදී අවස්ථාව සලසා දී තිබුණි.
එහෙත් විවිධ කරුණු හේතුවෙන් තම මනාපය සංශෝධනය කිරීමට නොහැකි වූ සේවකයින් 3,000 ක් පමණ සිටින බව හඳුනාගෙන තිබේ.
ඒ අනුව, පවතින නීතිමය රාමුව තුළ, රාජ්‍ය සේවා කොමිෂන් සභාව විමසමින් සමෘද්ධි සංර්වර්ධන දෙපාර්‌තමේන්තුව වෙත අන්තර්ග්‍රහණය වීමට එකී සේවක පිරිසට අවස්ථාව සලසා දීම පිණිස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට බරක් වෙච්ච ව්‍යාපාරයක් .නිලධාරීන්ට ගෙවන පඩි අපරාදයක් . කවුරු හරි කියන්න සමුර්ධි ව්‍යාපාරයෙන් රටට වෙන සෙතේ
සමෘද්ධියෙනුත් සත පහක වැඩක් නැහැ මිනිස්සු නිකන් හිඟාකන්න පුරුදුවෙන එක සහ ප්‍රාදේශීය දේශපාලුවෝ ඕක පාවිචි කරලා ඡන්දෙ ගන්න එකත් තමා ඕකෙන් වෙන්නේ , අත්‍යවශ්‍ය පුද්ගලයන්ට පමණක් පිහිටවෙන , සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළක් වහාම රටට අවශ්‍ය වෙලා තිබෙනවා .