
(අංජුල මහික වීරරත්න)
ධීවර රාජ්‍ය අමාත්‍යවරයා යටතේ ගැසට් කොට තිබෙන ආයතන හතරක වගකීම් වලින් ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා ඉවත් වී තිබේ.
ධීවර සංස්ථාවේ සභාපතිවරයාගේ ක්‍රියා කලාපයට විරෝධය පළ කරමින් සහ ධීවර ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් ක්‍රියා කිරීමෙිදී බාධා එලවීම නිසා මෙම පියවර ගත් බව ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා ලංකාදීපයට පැවසීය.
ඒ අනුව ධීවර රාජ්‍ය අමාත්‍යවරයා යටතේ තිබූ ලංකා ධීවර සංස්ථාව,නාරා ආයතනය,සීනෝර් ආයතනය, නෝර්ත් සී යන ආයතන වල වගකීම් වලින් ඉවත්වූ බව පියල් නිශාන්ත මහතා සඳහන් කළේය.
තමා ඉහත ආයතන හතරේ වගකීම් වලින් ඉවත් වුවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහ ධීවර අමාත්‍යාංශයේ සෙසු වැඩ කටයුතු වලට උපරිම සහයෝගය ලබා දෙන බව පියල් නිශාන්ත මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න හෙනේ, ඔය ජනතාව කියන්නෙ තමන්ගෙ හෙංචයියලට,
චන්දෙ එනකොට හොඳ රඟපෑමක්
ඔක්කොම අත හැරලා ගෙදර පලයං, උබලා නැතුව රට කරන්න ඕන තරම් අය ඉන්නවා.
සියල්ලම, සදාකාලිකව අත් හැරීමට කාලය එළඹ ඇත ...
මේ සතියේ හොදම රංගනයට හිමි සම්මානයෙන් පිදුම් ලබන්නේ රනිල් රාජපක්ෂ අධ්‍යක්ෂණය කල අලිබබා සහ හොරු 40 චිත්‍රපටයේ ධීවරයාගේ චරිතය නිරුපනය කල " පියල් නිශාන්ත "....
රාජ්‍ය සේවකයින්ට පුලුවන්ද ඔය විදිහට වගකීම අතහැර යාමට. මේවා නිකම්ම පිස්සන්ට හොඳ විහිළු. රාජ්‍ය ඇමැතිලාට වැටුපක් ගෙවනවා. ඔහුට නියමිත කටයුතු අතහැර යාම බෑ...!
තව මාසෙකින් විතර ඔයා අත්හැරියත් නැතත්.. ඉබේම ඔක්කෝම ඔයාව අත්හැරලා පයින් ගහලා මහපාරට දානවා...!
ඒ ආයතනවල නිලධාරින් මෙයාට ඉංග්‍රීසියෙන් කතා කරනවා ඇති..
ධීවර සංස්ථාවේ සභාපති මෙයා ඉල්ලන නීති විරෝධී දේවල් කරන්නේ නෑලු...!
කොහොමත් පත්වෙන අලුත් ජනාධිපති තව මාසෙකින් පාර්ලිමේන්තුව විසුරවන නිසා ඔය තනතුරු සියල්ල සදාකාලිකවම ඔබට අහිමිවෙලා හිරේ යන්න වෙන ලකුණු තිබෙනවා .
පියල් නිශාන්තව ටික ටික හලන්නේ. බේරුවල ආසනයේ රජිත සෙනාරත්නගේ. බලය තහවුරු කරගැනීමටයි. රනිල්ගේ ගැටවල තරම පියල් නිශාන්තලා තවම අවබෝධ කරගෙන නැත. අවසානයේ පියල් නිශන්තට සියල්ල හැර දමා. යන තැනට වැඩ සිදුවෙයි