IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


ෆවුසිට වසර 10ක අත්හිටැවූ සිරදඬුවමක්

(මනෝප්‍රිය ගුණසේකර)

එක්සත් ජාතීන්ගෙන් මෙරටට ලබාදුන් ජිප් රථයක් පුද්ගලික පරිහරණයට යොදා ගැනීමේ චෝදනාවට වරද පිළිගත් හිටපු අමාත්‍ය ඒ.එච්.එම්.ෆවුසිට  වසර දෙකක සිරදඬුවමක්  නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා එය වසර 10කින් ගෙවී යන අන්දමට ලිහිල් කිරීමට නියම කළේය.

මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේම  තමන් අදාල චෝදනාමට වරදකරු බව හිටපු අමාත්‍ය ෆවුසි මහතා  අධිකරණයට දැනුම් දුන්නේය.

සැකකරුගේ වයෝ වෘද්ධ භාවයත් මුල් අවස්ථාවේදීම වරද පිළිගැනීමත් සැලකිල්ලට ගත් විනිසුරුවරයා විත්තිකරුට  පැනවූ බරපතල වැඩ සහිත සිරදඬුවම අත්හිටුවීමට තීරණය කළේය.



අදහස් (16)

ෆවුසිට වසර 10ක අත්හිටැවූ සිරදඬුවමක්

Pradeep Kumara Tuesday, 27 August 2024 11:50 AM

මේ නීතිය සාමාන්‍ය ජනයාටත් වලංගුයිද? ඒ කියන්නේ මුල් අවස්ථාවේදීම වරද පිලිගන්නවානම් සහ වයසින් වැඩි නම් නීතියෙන් සහනයක් ලැබෙනවාද?

:       13       53

ජයනාත් Tuesday, 27 August 2024 11:52 AM

වයෝවෘද්ධ නම් මේ වගෙ ජඩ වැඩ කරන්නේ ඇයි . මේ අහුවුන එකක් විතරයි . තව කොච්චර ඇති ද.

:       14       47

රම්සි Tuesday, 27 August 2024 11:52 AM

ඇත්තටම දඩුවම මොකක්ද කියල මට හරියට පැහැදිලි නැහැ

:       9       32

සමන් - ඕමානය Tuesday, 27 August 2024 01:08 PM

අපරාදේ, අත්හිටවූ සිර දඬුවම නිකම්ම ගෙවිලා යන එකක් නේ. අවභාවිතා කලාට අලාභය වත් අය කරන්න නියම කලානම් තමයි හොඳ.

:       1       35

achini Tuesday, 27 August 2024 01:36 PM

එල ෆව්සි

:       2       19

සෙනෙවිරත්න Tuesday, 27 August 2024 01:50 PM

වයෝවෘධ නම් සොරකමකට චෝදනා තිබෙනව නම් රනිල් ලඟට හෝ සජිත් ලඟට ගියා නම් ලබන වතාවෙ පාර්ලිමේන්තු එන්න ට්‍රයි කරන්න.

:       7       27

Nalaka Tuesday, 27 August 2024 01:57 PM

වයස වැදගත් නොවේ. මේ අවභාවිතයේ වියදම ඔහුගෙන් අයකරගත යුතුව තිබුණා.

:       0       33

fairoos Tuesday, 27 August 2024 02:23 PM

මේ වගේ තීන්දු නිසා තමයි අපේ රටේ දේශපාලකයන් බය නැතුව හොරාකන්නේ

:       13       45

K. G. C. Deepal Tuesday, 27 August 2024 02:54 PM

හොරුනගෙත් හොරු

:       12       32

Priyantha Dissanayake Tuesday, 27 August 2024 03:28 PM

මාගේ දැනීමේ හැටියට මෙතැන අදහස් ප්‍රකාශ කර ඇති බොහෝදෙනා උසාවියට අපහාස කර තිබෙනවා. මෙය පමණක් නොව මීට පෙර අවස්ථා ගණනාවකදී මේ තත්ත්වය දැක තිබෙනවා. පාර්ලිමේන්තුවේ වගේ හෝ ජනාධිපති වගේ විශේෂ වරප්‍රසාදයක් තිබෙනවාද..?

:       0       0

ranjith Tuesday, 27 August 2024 05:09 PM

මේ අය නාකි වෙනකන් රට කරපු එක තමා කරලා තියෙන්නේ. තවත් වාසි පැත්තට පැන පැන ලැජ්ජාවක් නැතිව රඟපානවා.

:       0       0

nanda Tuesday, 27 August 2024 06:10 PM

මොවුන් කරපු හොරකම්වලට පව් ගෙවන්න අලුතින් අපායවල් හදන්න වේවි...

:       0       0

නරි නාටක Tuesday, 27 August 2024 06:45 PM

වරද : 2010 වසරේ දී ඒ. එච්. එම් ෆවුසි මහතා ආපදා කළමනාකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටිය දී එම අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ කටයුතු සඳහා නෙදර්ලන්තයෙන් හිමිවූ රුපියල් කෝටි 2කට ආසන්න සුඛෝපභෝගි වාහනයක් සිය පෞද්ගලික පරිහරණය සඳහා යොදවා ගැනීම, ඒ සඳහා අමාත්‍යාංශ ලේකම්වරිය ඇතුළු බලධාරීන් පෙළඹවීම හා වාහනයේ නඩත්තු කටයුතු සඳහා රුපියල් ලක්ෂ 10කට ආසන්න මුදල් අමාත්‍යාංශ මුදලින් වැය කිරීම ආදි අධිචෝදනා 4ක් යටතේ නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුව අද දින කැඳවු අවස්ථාවේ දී ඒ. එච්. එම් ෆවුසි මහතා නීතිඥවරයා මාර්ගයෙන් වරද පිළිගනු ලැබීය.

:       0       0

Ashok Tuesday, 27 August 2024 07:06 PM

මේ වගේ දූෂිතයින් අදාළ පක්ෂයෙන් පැනපල්ලා... පාර්ලිමේන්තුවෙන් පන්නා දමලා ලබාගත් මනාප අනුව ලැයිස්තුවේ ඊළඟ කෙනාට අවස්ථාව ලබාදිය යුතුය. පක්ෂයක ඉඳගෙන අඟේ ඉඳන් කන අයට හොඳ පාඩම්...!

:       0       0

Tissera Tuesday, 27 August 2024 11:50 PM

මගේ තාත්තා ගේ වයස අවූරුදු 80ක් .සහෝදරයා ගේ නඩු කටයුත්ත කට උසාවියට ගිය තාත්තා ට පැයකට පසු නින්ද ගිහින් තියෙනවා. තත්පර ගානකට ඒ මොහොතෙ තාත්තා ව කූඩුවට දාලා උසාවියට අපහාස කලා කියලා

:       0       0

ප්‍රසන්න Tuesday, 27 August 2024 11:53 PM

ජනාධිපති යත් වයස නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 110 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2035 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site