
(මනෝප්‍රිය ගුණසේකර)
එක්සත් ජාතීන්ගෙන් මෙරටට ලබාදුන් ජිප් රථයක් පුද්ගලික පරිහරණයට යොදා ගැනීමේ චෝදනාවට වරද පිළිගත් හිටපු අමාත්‍ය ඒ.එච්.එම්.ෆවුසිට වසර දෙකක සිරදඬුවමක් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා එය වසර 10කින් ගෙවී යන අන්දමට ලිහිල් කිරීමට නියම කළේය.
මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේම තමන් අදාල චෝදනාමට වරදකරු බව හිටපු අමාත්‍ය ෆවුසි මහතා අධිකරණයට දැනුම් දුන්නේය.
සැකකරුගේ වයෝ වෘද්ධ භාවයත් මුල් අවස්ථාවේදීම වරද පිළිගැනීමත් සැලකිල්ලට ගත් විනිසුරුවරයා විත්තිකරුට පැනවූ බරපතල වැඩ සහිත සිරදඬුවම අත්හිටුවීමට තීරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නීතිය සාමාන්‍ය ජනයාටත් වලංගුයිද? ඒ කියන්නේ මුල් අවස්ථාවේදීම වරද පිලිගන්නවානම් සහ වයසින් වැඩි නම් නීතියෙන් සහනයක් ලැබෙනවාද?
වයෝවෘද්ධ නම් මේ වගෙ ජඩ වැඩ කරන්නේ ඇයි . මේ අහුවුන එකක් විතරයි . තව කොච්චර ඇති ද.
ඇත්තටම දඩුවම මොකක්ද කියල මට හරියට පැහැදිලි නැහැ
අපරාදේ, අත්හිටවූ සිර දඬුවම නිකම්ම ගෙවිලා යන එකක් නේ. අවභාවිතා කලාට අලාභය වත් අය කරන්න නියම කලානම් තමයි හොඳ.
එල ෆව්සි
වයෝවෘධ නම් සොරකමකට චෝදනා තිබෙනව නම් රනිල් ලඟට හෝ සජිත් ලඟට ගියා නම් ලබන වතාවෙ පාර්ලිමේන්තු එන්න ට්‍රයි කරන්න.
වයස වැදගත් නොවේ. මේ අවභාවිතයේ වියදම ඔහුගෙන් අයකරගත යුතුව තිබුණා.
මේ වගේ තීන්දු නිසා තමයි අපේ රටේ දේශපාලකයන් බය නැතුව හොරාකන්නේ
හොරුනගෙත් හොරු
මාගේ දැනීමේ හැටියට මෙතැන අදහස් ප්‍රකාශ කර ඇති බොහෝදෙනා උසාවියට අපහාස කර තිබෙනවා. මෙය පමණක් නොව මීට පෙර අවස්ථා ගණනාවකදී මේ තත්ත්වය දැක තිබෙනවා. පාර්ලිමේන්තුවේ වගේ හෝ ජනාධිපති වගේ විශේෂ වරප්‍රසාදයක් තිබෙනවාද..?
මේ අය නාකි වෙනකන් රට කරපු එක තමා කරලා තියෙන්නේ. තවත් වාසි පැත්තට පැන පැන ලැජ්ජාවක් නැතිව රඟපානවා.
මොවුන් කරපු හොරකම්වලට පව් ගෙවන්න අලුතින් අපායවල් හදන්න වේවි...
වරද : 2010 වසරේ දී ඒ. එච්. එම් ෆවුසි මහතා ආපදා කළමනාකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටිය දී එම අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ කටයුතු සඳහා නෙදර්ලන්තයෙන් හිමිවූ රුපියල් කෝටි 2කට ආසන්න සුඛෝපභෝගි වාහනයක් සිය පෞද්ගලික පරිහරණය සඳහා යොදවා ගැනීම, ඒ සඳහා අමාත්‍යාංශ ලේකම්වරිය ඇතුළු බලධාරීන් පෙළඹවීම හා වාහනයේ නඩත්තු කටයුතු සඳහා රුපියල් ලක්ෂ 10කට ආසන්න මුදල් අමාත්‍යාංශ මුදලින් වැය කිරීම ආදි අධිචෝදනා 4ක් යටතේ නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුව අද දින කැඳවු අවස්ථාවේ දී ඒ. එච්. එම් ෆවුසි මහතා නීතිඥවරයා මාර්ගයෙන් වරද පිළිගනු ලැබීය.
මේ වගේ දූෂිතයින් අදාළ පක්ෂයෙන් පැනපල්ලා... පාර්ලිමේන්තුවෙන් පන්නා දමලා ලබාගත් මනාප අනුව ලැයිස්තුවේ ඊළඟ කෙනාට අවස්ථාව ලබාදිය යුතුය. පක්ෂයක ඉඳගෙන අඟේ ඉඳන් කන අයට හොඳ පාඩම්...!
මගේ තාත්තා ගේ වයස අවූරුදු 80ක් .සහෝදරයා ගේ නඩු කටයුත්ත කට උසාවියට ගිය තාත්තා ට පැයකට පසු නින්ද ගිහින් තියෙනවා. තත්පර ගානකට ඒ මොහොතෙ තාත්තා ව කූඩුවට දාලා උසාවියට අපහාස කලා කියලා
ජනාධිපති යත් වයස නේ