
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ ආදිවාසි ජනතාවගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් නව නීතියක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකාවේ ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් නව නීතියක් හඳුන්වා දීම සම්බන්ධයෙන් එවකට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා සහ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ යෝජනාව 2024-05-22 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාවට ගන්නා ලදී.
එහිදී අදාළ සියලුම පාර්ශ්වයන්ගේ සහභාගීත්වයෙන් පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා ඉදිරිපත් කර තිබූ සංකල්ප පත්‍රිකාව තවදුරටත් විශ්ලේෂණය කිරීම යෝග්‍ය බවට තීරණය කරනු ලැබ ඇත.
ඒ අනුව, ඉඩම්, වනජීවී හා වන සංරක්ෂණ, පරිසර සහ මුදල් යන විෂයයන් පැවරී ඇති අමාත්‍යාංශවල නිලධාරීන්, නීතිපති දෙපාර්‌තමේන්තුවේ නිලධාරීන් සහ නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්‌තමේන්තුවේ නිලධාරීන් මෙන්ම අදාල ක්ෂේත්‍රය පිළිබඳව උනන්දුවක් දක්වන පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වයෙන් සහ අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡා වට කිහිපයක් පවත්වා අදාළ මූලික කෙටුම්පත තවදුරටත් වැඩි දියුණු කර ඇත.
එකී මූලික කෙටුම්පත මත පදනම්ව පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා සහ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුතින් නීති හද හදා නීති පොත තව ලොකු කරනවට වඩා තියෙන නීති සහ අධිකරණ තීන්දු ක්‍රියාත්මක කරණ එක හොඳ නැද්ද? පොලිස්පති තනතුරට දුන්නු අධිකරණ තීන්දුවට මොකද වුනේ? ඇමති ජෝඩුවක් ගෙදර ගියා අධිකරණ තීන්දුව නිසා, හැබැයි, ඇමතිකෙනෙක් නැති ඒ අමාත්යංශවලම ජනපති උපදේශකලු ??? භය වෙන්න එපා, සුභ පුවතක් ළඟ ලඟම එනවා ...