ගීතයෙන් ජීවිතය විඳින්න කතා කර පොකැට් එකට විදලා ’’ගීතයෙන් ජීවිතය විඳගන්න එන්න’’ යනුවෙන් සඳහන් කරමින් ටිකට් පත් විකිණූ නිට්ටඹුව හොරගොල්ලේ සංගීත සංදර්ශනයක් නොපවත්වා ටිකට් පත් ගාස්තු ද නැවත නොගෙවීම නිසා නරඹන්නෝ දැඩි අපහසුතාවයට පත් වූහ. 26 March 2024
ලංකාවේ කොඩියට නැව් ලියාපදිංචි කරන වැඩක් අරඹයි ලාංකික ධජය යටතේ නෞකා ලියාපදිංචිය ප්‍රවර්ධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 26 March 2024
පොහොට්ටුවට ජනපති අපේක්ෂකයන් පහක් පොදුජන පෙරමුණට මේ වන විට ජනාධිපතිවරණ අපේක්ෂකයන් හතර පස් දෙනෙකුම සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 26 March 2024
මහබැංකු අධිපති ධුරයෙන් ඉවත් නොවන බව කියයි තම සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම හේතුවෙන් ඇති වූ අර්බුදකාරී තත්ත්වය හමුවේ තමා මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් නොවන බව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද (26) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. 26 March 2024
ප්‍රචණ්ඩත්වයෙන් රට බේරා නොගත්තා නම් ආර්ථිකය හදන්නෙ කොහොමද? අරගලය මුවාවෙන් ප්රචණ්ඩත්වය වැපිරූ පිරිසගෙන් පාර්ලිමේන්තුව අග්‍රාමාත්‍ය කාර්යාලය සහ ජනාධිපති කාර්යාලය ඇතුළු රාජ්‍ය දේපළ බේරා නොගත්තා නම් මෙලෙස ආර්ථික ස්ථාවරත්වයක් ගොඩනැගීමට නොහැකි වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 26 March 2024
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ගෙදර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙනුවට ස්ථාපිත කිරීමට යෝජිත ජාතික උසස් අධ්‍යාපන සංවර්ධන කොමිසම වෙනුවෙන් හිටපු අගවිනිසුරු කේ, ශ්රීපවන් මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ කමිටුවේ නිරීක්ෂණ ඇතුළත් වාර්තාව අද (26) දින අමාත්‍යාංශය වෙත ලබාදුන් බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පැවසීය 26 March 2024
14 වන මහලෙන් වැටී පුද්ගලයෙක් මරුට බොරැල්ල ඩි එස් සේනානායක මාවතේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක 14 වන මහලින් පහළට වැටීමෙන් පුද්ගලයකු මිය ගොස් ඇතැයි බොරැල්ල පොලිසිය කියයි. 26 March 2024
මහින්ද - පොපේ විශේෂ රැස්වීමක් හෙට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභාවේ විශේෂ රැස්වීමක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ මහතාගේ කොළඹ පිහිටි නිල නිවෙසේ දී හෙට ( 27) උදේ 10.00 ට පැවැත්වීමට නියමිතය. 26 March 2024
ලංකාවට එන නැවක් හැපී ඇමෙරිකාවේ සැතපුම් දෙකක් දිග පාලමක් කඩා වැටේ සිංගප්පූරු ධජය යටතේ ශ්‍රී ලංකාව බලා යාත්‍රා කරමින් සිටි විශාල භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ඇමෙරිකාවේ බල්ටිමෝර් ප්‍රදේශයේ ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලමේ ගැටීම හේතුවෙන් අද(26) උදෑසන එම පාලම කඩා වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 26 March 2024
කඩවත එජාප කාර්යාලයට බෝම්බ ප්‍රහාරයක් කඩවත ඇල්දෙනිය එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලයට අද (26) අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. 26 March 2024
ප්‍රතිපත්ති පොලී අනුපාතිකය පහතට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ(25) පැවැත්වූ රැස්වීමකදී ප්‍රතිපත්ති පොලී අනුපාතිකය පදනම් අංක පනහකින් අඩු කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය. 26 March 2024
අජිත් පොලිසියේ වැරදි හොයන කමිටුවේ සභාපති පුටුවට පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් විභාග කිරීම අවසන් කර නොමැතිව කාලයක් තිස්සේ ගොඩගැසී තිබෙන පරීක්ෂණ අවසන් කර සහනයක් දීම සඳහා පොලිස්පතිවරයා පත්කර ඇති කමිටුවේ ප්‍රධානියා ලෙස හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පත්කර තිබේ. 26 March 2024
රිය අනතුරින් සිසුවා මරුට සිය මිතුරාගේ යතුරුපැදිය මවට සහ වැඩිමහල් සොහොයුරාට පෙන්වා යළි නිවසට යමින් සිට දහ අට හැවිරිදි පාසල් සිසුවකු වෑන් රථයක සහ කැබ් රථයක ගැටී ජීවිතක්ෂයට පත්ව ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි 26 March 2024
කළුතර විරෝධතාකරුවන්- පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් කළුතර නගර මධ්‍යයේ අද(26) දහවල් ජනඅරගල ව්‍යාපාරයේ විරෝධතා කරුවන් පිරිසක් සහ පොලීසිය අතර උණුසුම් තත්ත්වයක් ඇති විය. 26 March 2024
වරාය නගරය ගැන කැබිනට් තීරණයක් Codegen innovations(private)limited ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ද්විතීය ව්‍යාපාරයක් ලෙස නම් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 26 March 2024
කොටුව මහේස්ත්‍රාත් ඝාතන උත්සහය ගැන විමර්ෂනයක් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඝාතනය කිරිමේ කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදු කරන ලෙස මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතා විසින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙත උපදෙස් ලබා දී තිබේ . 26 March 2024
ලෝක ගම්මිරිස් සමුළුව ලංකාවේ ජාත්‍යන්තර ගම්මිරිස් ප්‍රජාව විසින් වාර්ෂිකව පවත්වන අන්තර්ජාතික සමුළුව 2024 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 26 March 2024
ගෙදර රණ්ඩු කළොත් දෙන දඬුවම් වැඩි කරයි 2005 අංක 34 දරණ ගෘහස්ථ ප්රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 26 March 2024
ව්‍යාජ නෝට්ටු සමඟ යුවළක් අල්ලයි රුපියල් පන්දහසේ සහ දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු ළග තබාගෙන සිටි තරුණ යුවළක් කුට්ටිගල පොලිසිය විසින් කුට්ටිගල දී අත් අඩංගුවට ගනු ලැබීය . 26 March 2024
කතානායක විශ්වාසභංගය ලෝක පාර්ලිමේන්තු සංගමයට කතානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනා විවාදයේ සම්පූර්ණ වාර්තාව අන්තර් පාර්ලිමේන්තු සංගමයට හා පොදුරාජ්‍ය මණ්ඩලිය පාර්ලිමේන්තු සංගමයට යොමු කිරීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් කටයුතු කරමින් සිටින බව වාර්තාවේ. 26 March 2024
නීති විරෝධිව ගෙන ආ සතුන් කටුනායකින් අල්ලයි තායිලන්තයේ සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ රුපියල් ලක්ෂ හතලිහක් පමණ වටිනා ජීවී සතුන් 88 දෙනෙකු සමග තරුණ ව්‍යාපාරික යුවළක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. 26 March 2024
කළුතර නගරයට විශේෂ පොලිස් ආරක්ෂාවක් කළුතර ප්‍රධාන බස් නැවතුම්පොළ සහ නගරය අවට මේ වන විට විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති අයුරු දැකගත හැකිවේ. 26 March 2024
සිතේ සතුටට පෙම්බැන්ද කඳනාරච්චි සමු ගනී හැත්තෑව දශකයේදී ගීත ක්ෂේත්රයට පිවිස ගායන ලෝකය වර්ණවත් කළ ජනප්‍රිය ගායන ශිල්පී චන්ද්‍ර කුමාර කඳනාරච්චි මහතා අභාවප්‍රාප්ත විය. 26 March 2024
බදු පනතක් අත්හිටුවයි 2007 අංක 48 දරණ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත අත්හිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 26 March 2024
අධිවේගී මාර්ග සහස්යා ආයතනයට පවරයි මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ දැනට ක්‍රියාත්මක වන අධිවේගී මාර්ග සහස්යා ඉන්වෙස්මන්ට් ලිමිටඩ් වෙත පැවරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 26 March 2024
කසල තේ කන්ටේනර් 3 ක් රේගු බාරයට අපනයනය කිරීමට සූදානම් කර තිබූ කසළ තේ කන්ටේනර් තුනක් ශ්‍රී ලංකා රේගුව භාරයට ගෙන ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍යාංශයේ නිලධාරියෙක් පැවසීය. 26 March 2024
මසුන් අල්ලන්න ගිය තරුණයා දැලේ පැටලී දියේ ගිලෙයි වාලචේන පුනානි වැවේ මසුන් ඇල්ලීමට ගිය 23 හැවිරිදි තරුණයකු ඔහු විසින්ම එලන ලද මාළු දැලක පැටලී දියේ ගිලී මිය ගොස් ඇතැයි වාලචේන පොලිසිය පවසයි. 26 March 2024
ජනපති ඡන්දය ඔක්තෝබර් මුල් සතියේ? ජනාධිපතිවරණය ඔක්තෝබර් මස මුල් සතියේදී පැවැත්වෙනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැනගන්නට ඇත. 26 March 2024
රිය අනතුරින් දෙකක් මරුට-අයෙක් රෝහලට පානදුර පින්වත්ත ප්‍රදේශයේ අද අළුයම සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් එක් අයෙක් බරපතල තුවාල ලබා ඇති බව පින්වත්ත පොලිසිය පවසයි. 26 March 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026