IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ඉඩමක් ඉල්ලා හිටපු ආණ්ඩුකාරවරියගේ සැමියා ප්‍රා.ලේට මරණ තර්ජන කරලා

(සුජිත් හේවාජුලිගේ සහ  රංජිත් රාජපක්ෂ)

ආයෝජන ව්‍යාපෘතියක් සඳහා වෙන් කෙරුණු නුවරඑළිය අඹේවෙල ප්‍රදේශයේ අක්කරයක පමණ වටිනා ඉඩමක් තමන්ට ලබා දෙන ලෙස පවසා හිටපු ආණ්ඩුකාරවරියකගේ සැමියා තමාට දුරකතනයෙන් මරණීය තර්ජන කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් ප්‍රගීත් ධනංසූරිය මහතා නුවරඑළිය මූලස්ථාන පොලිසියට සහ නුවර එළිය දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරයාට ඊයේ(30)පැමිණිලි කළේය.

ආයෝජන ව්‍යාපෘතිය සඳහා වෙන් කෙරුණු ඉඩම තමාට ලබා දෙන්නැයි හිටපු ආණ්ඩුකාරවරියගේ සැමියා තමාගෙන් ඉල්ලීමක් කළ බවත් ආයෝජන ව්‍යාපෘතියකට වෙන්කර ඇති හෙයින් ඉහල අනුමැතියක් නොමැතිව එම ඉඩම ලබා දිය නොහැකි බවට පැවසූ අවස්ථාවේදී ඔහු " ඉඩම මට නොදුන්නොත් විසිඑක්වෙනිදායින් පස්සේ මම ඔයා ගැන බලාගන්නවා. කුඩු වෙන්න දෙන්නේ" යනුවෙන් ප්‍රකාශ කළ බවත් ප්‍රාදේශීය ලේකම්වරයා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් ඊයේ ප්‍රකාශයක් සටහන් කර ගත් බව නුවරඑළිය මූලස්ථාන පොලිසිය පවසයි.

ආණ්ඩුකාරවරියගේ සැමියාට බදු පදනම මත හිමිව තිබූ ඉඩමක් වෙනත් පුද්ගලයෙකුට අලෙවි කිරීමෙන් පසුව ඊට යාබදව ඇති මෙම අක්කරයක ඉඩම ලබා ගැනීමට විවිධ උත්සාහ දරා ඇතැයි කියති. ඔහු මේ සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් ලිඛිතවද ඉල්ලීමක් කර තිබූ බව දැනගන්නට ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අප නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ප්‍රගීත් ධනංසූරිය මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ හිටපු ආණ්ඩුකාරවරියකගේ සැමියා තමාට දුරකතනයෙන් තර්ජනය කරමින් ආයෝජන ව්‍යාපෘතියකට වෙන් කෙරුණු අක්කරයක ඉඩමක් ලබා දෙන ලෙස ඉල්ලා සිටි බවයි.

මෙම ඉඩම ආයෝජන ව්‍යාපෘතියක් සඳහා දැනටමත් වෙන් කර අවසන් බවද ඔහු සඳහන් කළේය.

මේ අතර ප්‍රාදේශීය ලේකම්වරයාට තර්ජනය කළ හිටපු ආණ්ඩුකාරවරියගේ සැමියා සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා ලෙසට බල කරමින් සඳුදා විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට ප්‍රදේශයේ ගාම නිලධාරීන් තීරණය කර ඇත.

 



අදහස් (3)

ඉඩමක් ඉල්ලා හිටපු ආණ්ඩුකාරවරියගේ සැමියා ප්‍රා.ලේට මරණ තර්ජන කරලා

Susa Saturday, 31 August 2024 04:01 PM

මේ කියන්නේ මධ්‍යම පළාතේ හිටපු ආණ්ඩුකාර තුමියක්ද? යහපාලන ආණ්ඩුවේ පත්වීමක් නේද? එහෙම නැත්නම් කවුද?

:       0       5

චමින්ද Sunday, 01 September 2024 07:47 AM

ඔබේ අදහස නිවැරැදි වෙන්න පුළුවන්... ඒත් 21 දිනෙන් පසුව බලාපොරොත්තු තියාගෙන හිටියට පොහොට්ටුවට ජනාධිපති තනතුර ලැබෙන්නේ නැහැ... මේ කතාව නිසා වත්මන් ජනාධිපතිට වුණත් ජනතා මනාපය බොහෝ සේ අඩුවෙනවා. මේ වනවිට නිකවැරටිය සිද්දිය සත්‍ය නම් හා මිහින්තලේ හාමුදුරුවන්ගේ වුණත් සහාය සජිත්ට ලැබෙන්නේ නැහැ. මෙවැනි දූෂිත දේශපාලුවන් සදහටම තොලොංචි කර දමන්න ඕනෑ...

:       0       2

shantha Sunday, 01 September 2024 01:19 AM

යකෝ, ගෑනිගේ පවර්ස් අරගෙනනේ දඟලලා තියෙන්නේ. මේ වගේ මොලේ ඉදිමුණු කට්ටියට 21 වෙනිදායින් පස්සේ බරපතල අපල කාලයක් උදාවෙනවා....

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 637 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site