
රටවල් බොහොමයක ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල වී ඇති අවදියක, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් බවත්, එලැඹෙන සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය ප්‍රජාතන්ත්‍රවාදී, සාධාරණය සහ සාමකාමී අයුරින් පැවැත්වෙනු දැකීම තම අරමුණ බවත්, ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා මෙරටට පැමිණ සිටින යුරෝපා සංගම් මැතිවරණ කණ්ඩායමේ ප්‍රධානී නාචෝ සැන්චේස් අමෝර් මහතා පැවැසීය.
“මැතිවරණයකදී විය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වීමයි. විනිවිදභාවයකින්, ඡන්ද දායකයන්ට පමණක් නොව, අපේක්ෂකයන්ටත් විශ්වාසය තැබිය හැකි මැතිවරණයක් පැවැත්වීම වැදගත්” යැයි නාචෝ සැන්චේස් අමෝර් මහතා පැහැදිලි කළේය.
ස්පාඤ්ඥය නියෝජනය කරමින්, යුරෝපා පාර්ලිමේන්තුවට තේරී පත්වුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන සැන්චේස් අමෝර් මහතා මේ බව පැවැසුවේ, අද (29) කොළඹ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීය. මාධ්‍යවේදීන්, විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන් ඇතුළු බොහෝ දෙනෙක් එම අවස්ථාවට සහභාගී වූහ.
නාචෝ සැන්චේස් අමෝර් මහතා ප්‍රමුඛ යුරෝපා සංගම් නිරීක්ෂණ කණ්ඩායමට ප්‍රධාන නිරීක්ෂකයන් 10 දෙනකු සහ තවත් නිරික්ෂකයන් 26 දෙනකු ඇතුළත් වෙයි.
ඊට අමතරව, ඉදිරියේ දී තවත් නිරීක්ෂකයන් කණ්ඩායමක් ද මෙරටට පැමිණීමට නියමිතය. ඒ අනුව, සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණය නිරීක්ෂණයට දායක වන සමස්ත නිරීක්ෂකයන් ගණන 80 කි.
මොවුන් රට පුරා දිස්ත්‍රික්ක නවයේ සංචාරය කරමින්, ඡන්ද ප්‍රකාශ කිරීමේ වැඩ කටයුතු, ඡන්දය ප්‍රකාශ කිරීම්, ඡන්දය ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම නිරීක්ෂණය කරනු ඇත.
යුරෝපා සංගම් නිරීක්ෂණ කණ්ඩායම මෙරටට පැමිණ සිටින්නේ, මැතිවරණ කොමිසම කළ විශේෂ ඇරැයුමකට අනුවය.
“පැහැදිලිව කියන්න ඕනෑ ශ්‍රී ලංකාව යුරෝපා සංගමයේ මිතුරෙක්. යුරෝපා සංගමය ශ්‍රී ලංකාවේ මිතුරෙක්. අනෙක් රටවල් හා සාපේක්ෂව ශ්‍රී ලංකාවේ මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් ගැටලුවක් නැහැ. අප මෙරටට පැමිණියේ ශ්‍රී ලංකාව සහ එහි ජනතාව වනුවෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය ශක්තිමත් කරමින්, ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් දැකීමේ අරමුණින්. ශ්‍රී ලංකාවේ, ස්වෛරීත්වට බාධා කිරීමක් අපෙන් සිද්ධ වෙන්නේ නැහැ” යැයි නාචෝ සැන්චේස් අමෝර් මහතා මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් පෙන්වා දුන්නේය.
මැතිවරණයෙන් දින කීපයකින් පසු, නිරීක්ෂණ කණ්ඩායම, මාධ්‍ය හමුවක් පවත්වා මූලික ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිත බවත් පසුව ජනාධිපතිවරණය සම්බන්ධයෙන් නිර්දේශ සහිත සවිස්තරාත්මක වාර්තාවක් මැතිවරණ කොමිසම ඇතුළු අදාළ පාර්ශ්වකරුවන් සමඟ බෙදා ගැනීමට නියමිත බව ද පැවැසෙයි.
ලුසිත ජයමාන්න
ඡායාරූපය - ලහිරු හර්ෂණ
2025 දෙසැම්බර් මස 18
638
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
307
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සාමකාමී මැතිවරණයක් අපේක්ෂා කරනවා - විදෙස් නිරීක්ෂකයෝ කියති
Chandana Fernando Friday, 30 August 2024 08:11 PM
නියමයි... මගේ ආචාරය ඔක්කෝටම...!