(රෝෂන් තුෂාර)
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ නඩු භාණ්ඩ කාමරයේ ගබඩා කර තිබූ හෙරොයින් කිලෝ 12ක් අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගබඩාවේ භාණ්ඩ භාරකාරවරයා ලබන 04 දින දක්වා රහස් පොලිසියේ රඳවා ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (30) නියෝග කළේය.
අධිකරණ භාරයේ තිබූ හෙරොයින් පාර්සල් දෙකක් අස්ථානගත කිරීම තුළින් රජයේ දේපළ සාපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි සඳහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මෙම නියෝග නිකුත් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd